Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

ගෞරව සම්මාන

පරම වීර විභූෂණ සම්මාණයෙන් පුද ලැබු අලිමංකඩ කදවුර රැකගත් හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න

තම සිහින රාජ්‍ය සදහා රට දෙකඩ කැ ගැනීමේ පටු චේතනාවෙන් සටන් වැද සිටි කුරිරු කොටි ත්‍රස්ථවාදී ග්‍රහණයෙන් මාතෘ භූමිය බේරා ගැනීමේ අරමුණින් අරඹන ලද මෙහෙයුමේ යෙදී සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වවෙමින් 1991.07.14 දින යාපනය අලිමංකඩ කදවුරේදී සෙ/345553 ‍ කෝප්‍රල් කුලරත්න වයිජීජී අතිශය ගෞරවාන්විත මරණයකට උරුම කම් කීවේ සෑම සෙබල හදවත්ක තුළටම එවන් මරණයක් ප්‍රාර්ථනා කරන්නට ශක්තිය ධෛර්යය ලබා දෙමින්ය

වර්ෂ 1966.09.07 දින මහයංගණයේ හසලක ගමේ යැමෑල ගෙදර ගාමීණී කුලරත්න නමින් උපත ලද්දේය. මෙහු යමානැලාගෙදර බබානිස් සහ එම මැතිනියගේ එකම පුතුවු අතර මොහු රණසිංහ ප්‍රේමදාස මධ්‍ය මහා විදුහලින් අධයාපනය හදාරා තරුණ වියට එළඹෙත්ම තම මාතෘ භූමියේ ඒකීය භාවයත් භෞමික අණ්ඩතාවයත් ආරක්ෂා කර ගැනීමේ පරම පිවත්‍ර චේතනාවෙන් 1987 අගෝස්තු මස 01 වන දින ශ්‍රී ලංකා නිත්‍ය හමුදාවට බැදී ආධුනික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතරැව 6 වන බළඇණිය ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව වෙත ඇතුළත් වන ලදි.

එතැන් පටන් සිය ගෞrවාන්විත මරණණය දක්වා 6 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවව සමග උතුරු/නැගෙනහිර මෙහෙයුම් රාජකාරියේ යෙදෙමින් ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ උදාරතර මෙහෙවරෙහි යෙදුණේය. නිහතමානි ගතිගුණවලින් විනය ගරුත්වය එකමුතු භාවයත් කාර්යයශුර ආදර්ශමත් යුධ සෙබළෙකු වීම නිසා ලාන්ස් කොුප්‍රල් නිලය දක්වා උසස්වීම් ලැබ ඒකකයේ සියලු නිලධාරීන්ගේ හා සහෝදර මසබළුන්ගේ නොමද ගෞරවයට පාත්‍රවිය.

රිචර්ඩ්ස් ඩයජස්ට් 1995 මැයි කලාපයේ Gamini's Gift නමැති නැමැති දිනේශ් වටවනගේ ඉංග්‍රීසි ලිපිය

ඒලේටීටීඊ ත්‍රස්ථවාදීන් විසින් යාපනයේ අලිමංකඩ යුධ හමුදා දවුර විනාශ කිරීම සදඑා ඉතාමත් සංවිධානාත්මකව හා ප්‍රබල මෙහෙයෙුමක නිරතව සිටියේය. මහා පරිමාණ හා සුලු ගිනි අවිවලින් ප්‍රහාර එල්ල කරන ත්‍රස්ථවාදීන් විසින් පුපුරන ද්‍රව්‍ය කිලෝ දහස් ගණනක් පුරවාගත් බුල්ඩෝසරයක් කදවුර වෙත එවන ලදි. දෛවවෝපගත මෙම රාත්‍රියේ සතුරැ ප්‍රහාර බලවත් වී රජයේ හමුදාවන්ගේ පසුබැසීම පිළිබද පෙර නිමිති පහල කරන්නට වු මොහොත එක් වීර රයිෆල් සෙබළෙකුගේ වීර ක්‍රියාවක් නිසා සතුරන් බලාපොරොත්තු නොවු විරැ අයුරින් සතුරා යටත් කර ගැනීමට ඔවුනට හැකි විය. ගාමිණී තම ජීවිතයට අවසන් තිත තබමින් තම නම යුද හමුදා ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබුවේය. ඒ යුධ හමුදා කදවුර තුලට වෙඩි වරුෂාව මධ්‍යයේ ඇදෙමින් තිබු ත්‍රස්ථවාදීන්ගේ බුල්ඩෝසරය වෙත දිව ගොස් බුල්ඩෝසරයට නැග තමා අත තිබු අත්බෝම්බයක් දමමින්ය. පිපුරැමත් සමග බුල්ඩෝසරය නැවතිනි. වීර සෙබලාගේ සිරුර මීටර කිහිපයක් එපිටින් වැටී තිබුණි.

මෙවන් වීර වික්‍රමාන්විත ක්‍රියාවක යෙදෙමින් අලිමංකඩ කදවුර හා සහෝදර සෙබළුන්ගේ ජීවිත බේරාගනිමින් සිදුකළා වු වීරක්‍රියා හේතුවෙන් සන්නද්ධ හමුදා සාමාජිකයෙකු හට ලබාගත හැකි උසස්ම සම්මාණය වන පරම වීර විභූෂණ පදක්කම පරිනැමීම සදහා එවකට අතිගරු ජනාධිපති තුමන් විසින් කටයුතු කරනු ලැබීය.

හසලක කෝප්‍රල් ගාමිණී කුලරත්න විසින් පුපුරවා හරින ලද ත්‍රස්වාදී ඩෝසරය

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ගරු ලේකම් ගෝඨාභය රාජපඣෂ මහතා, උතරු පළාත් ගරු ආණ්ඩුකාර ජීඒ චන්ද්‍රසිරි මහතා සහ යුද්ධ හමුදාධිපති තුමා විසින් අලිමංකඩ නවතමයෙන් ඉදිකරන ලද හසලක ගාමණී සිහිවටන ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන අවස්ථාව

සදානුස්මරණ හසලක කෝප්‍රල් ගාමිණී කුලරත්න සිහිවටන ස්මාරකය