එවකට අතිගරු ජනාධිපති ජේආර් ජයවර්ධන මැතිතුමා විසින් අණදෙන නිලධාරි වෙත පදක්කම් පැළද අවස්ථාව
1977 වර්ෂයේ මැදභාගයේදි මින්නේරිය ප්‍රෙදේශයේ සිදුකරන ලද කණ්ඩායම් මට්ටමේ පුහුණුවක් අතරතුරදි සෙබළෙකු මියයන ලදි. බොහෝ දෙනාගේ මතය වූයේ සංවිධානයේ සහ පරිපාලනයේ ඇති වූ දුර්වලතාවයෙන් හෙතුවෙන් මෙම සිදුවිම සිදුවු බවයි. මේ හේතුවෙන් බළඇණිය තුළ යම් නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වු අතර, මේ පිළිබදව අසත්‍ය වාර්තා මාධ්‍ය තුළින් ද නිරාවරණය වන ලදි.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මිට ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කරන ලද කර්නල් එස්බි මීයෙනදෙනිය ජ්‍යෙෂ්ඨ නිලධාරි නැවත වරක් කැදවන ලද අතර, ලුතිතන් කර්නල් ඩීඩබ් හපුආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි අණදෙන නිලධාරින්ගේ සහායට කැදවන ලදි. මෙම සිදුවිම සදහා අදාල නිළධාරින් පිරිසක් යුධ හමුදාව අතහැර ගොස් සිටි බැවින් යුධ හමුදා මුලස්ථානය වෙතින් කැදවන ලද මුපඋ නිසියාකාරව සිදුකිරිමට නොහැකි විය. මේ අනුව 1976.06.03 දින ලුතිතන් කර්නල් පිජිඑස් දහනායක පිඑස්සි අණදෙන නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් ඩීඩබ් හපුආරච්චි වැඩ භාරගන්නා ලදි.
මෙම කාලසිමාව තුළ රට අභ්‍යන්තරයේ ඇති වු අරගල සහ කෝලාහල මර්දනය කිරිම සදහා බළඇණියට අයත් භට පිරිස් යොදවන ලද අතර, එම තත්ත්වයන් සංසිදුවන තෙක් ඔවුන් රාජකාරි ඉටුකරන ලදි.
මෙම කාලය වන විට ටෝජෝ නම් එළුවාගේ පැටවුන් පෙනුමෛන් ටෝජෝ එළුවා තරම් ශරිර ප්‍රමාණයෙන් විශාල නොවු බැවින් ලුතිතන් කර්නල් ඩීඩබ් හපුආරච්චි සහ මේජර් ජේ නම්මුනි ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙහිවල සත්තු වත්තෙන් සිංහයෙකු ලබාගැනිම සදහා කටයුතු කරමින් සිටියේය. මෙම උත්සහායේ ප්‍රතිඵලයක් ලෙස සත්වෝද්‍යානයෙන් සිංහ පැටවෙකු ලබා ගැනිමට ඔහුට හැකි වු අතර, එම පැටවා පුහුණු කිරිමේ කටයුතු සහ ආහාර ලබාදිමේ කටයුතු පිළිබදව මනා පුහුණුවක් සත්වෝද්‍යානයේ කාර්්‍ය මණ්ඩලයෙන් ලබා ගන්නා ලදි. 1978 වර්ෂයේ පවත්වන්නට යෙදුන නිදහස් දින සමරු උළෙල සදහා ද සිංහ සුරතලා එක්වන ලදි.
1978 වර්ෂයේ සිදුවු විවෘත ආර්ථික තත්වයන් හමුවේ රජය මගින් ගෙන ගිය ආර්ථික සංවර්ධනය ව්‍යපෘති සදහා කොළඹ ප්‍රෙදේශයේ බොහෝ ඉඩකඩම් ලබා දිමට තිරණය කර තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බිහි වු නාගරික සංවර්ධන අධිකාරිය වෙත බළඇණීය ස්ථානගතව සිටි ඇචිලන් චතුරස්‍ර ඉඩම් ලබා දිමට සිදුවු හෙයින්, ඒකකය ස්ථානගත කිරිම සදහා අඹේපුස්ස ප්‍රදේශයේ වෙනිවැල්වත්ත නම් අක්කර 176 කින් යුත් ස්ථානය තෝරා ගාන්නා ලදි. ඒ අනුව 1979.10.01 දින ආගමික වතාවත්වලට මුල්තැන ලබා දෙමින් ඒකකය එකි ඉඩමේ ස්ථානගත වන ලදි.
1980.08.19 දින සුභ මෙහොතින් අඹේපුස්ස කදවුරෙහි ඉදිකිරිම් වෙනුවෙන් මුල්ගල තැබිමට කටයුතු කරන ලද අතර, ප්‍රධාන මුල්ගලේ තැන්පත් කළ නිධන් වස්තු අතර ආරම්භ අණදෙන නිළධාරි වු ලුතිතන් කර්නල් ආර්ඩි ජයතිලක එම්බීඊ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් භාවිතා කරන ලද ලෝහමය නිල ලංඡන ද ඇතුලත් විය. බළඇණිය මුලස්ථානය ඉදිකිරිම ආරම්භ කිරිම සදහා ද මුල්ගල තැබිමට කටයුතු කරන ලද්දේ 1980.10.01 දින වු අතර, එදින විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් ආරම්භක අණදෙන නිලධාරි වු ලුතිතන් කර්නල් ආර්ඩී ජයතිලක එම්බීඊ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එවකට යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරල් ජේඩිඊ පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රුසක් සහභාගි විය.
ඒකක ප්‍රථම අණසෙන නිලධාරි බ්‍රිගේඩියර් ආර්ඩි ජයතිලක එම්බීඊ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත කදවුරු සම්මාන මුරය පිරිනමන ලද අවස්ථාව
බ්‍රිගේඩියර් ආර්ඩි ජයතිලක එම්බිඊ, යුධ හමුදාපති මේජර් ජෙනරාල් ජේඊඩි පෙරේරා, අණදෙන නිලධාරි කර්නල් ඩිඩබ් හපුආරච්චි උත්සවය සදහා සහභාගි වෙමින්
අඹේපුස්ස කදවුර සකස් කරමින් පවතින අතරතුරදි 1981.01.20 දින කොළඹ ඇචිලන් චතුරස්‍රෙය්දි රුදි සිටි භට පිරිස් සහ පොලිසිය අතර ඇති වු කලබලකාරි තත්ත්නයක් උග්‍ර අතට පත්විම හේතුවෙන් යුධ හමුදා පොලිසිය මගින් පරික්ෂණය පැවැත්විමට තිරණය විය. ඒ අනුව යුධ හමුදා මුලස්ථානයෙන් ලැබුණු නියෝගයකට අනුව අදාළ සිදුවිම සිදුවන අවස්ථාවේ පෙරෙට්ටුව සිටි සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් සදහා වැටුප් සහිත අනිවාර්ය නිවාඩු අනුමත කළ අතර, එය බොහෝ නිලධාරින් සෙසුනිලයිනගේ අප්‍රසාදයට හේතුවිය.
මෙම කටයුකු හේතුවෙන් මානසික වශයෙන් පහත් තත්ත්වයට පත්විමට භට පිරිස් හට සිදුවිය. එහෙත් අණදෙන නිලධාරිගේ කැපවිම හා උනන්දුව කරවිම මත සියලුම කරුණු යථා තත්ත්වයට පත්කර ගැනිමට හැකිවිය. මසක වැටුප් සහිත නිවාඩු මත සිටිය ද ඒකකයේ එක් කණ්ඩායමක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රෙද්ශයේ ඉතා උසස් අන්දමින් රාජකාරි ඉටුකරන ලදි. මෙය කාගෙත් නොමද ප්‍රශංසාවට හේතුවිය. අනතුරුව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ඩෙනිස් ජෙරේරා නිලධාරින් විසින් සිදුවිම සිදුවන ලද දිනයන්හි ඩී කණ්ඩායමේ සෙනි නිවස්නයේ සිටි නිලයින් හැර සෙසු නිලධාරි විසින් සිදුවන ලද දිනයන්හි ඩී කණ්ඩායමේ සෙනි නිවස්නයේ සිටි නිලයින් හැර සෙසු අයවලුන් සේවයට කැදවිය යුතු බවට නියෝග නිකුත් කර තිබුණි. මෙය භට පිරිස් තුළ යම් පිබිදවිමක් ඇති කිරිමට සමත්විය.
නැවත ඒකකය 1981.02.20 දින ඇචිලන් චතුරස්‍රෙය් ස්ථානගත වන ලදි. මෙම කාළය තුළ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඇචිලන් චතුරස්‍ර පරිශ්‍රය කටයුතු සදහා ඉල්ලුම් කර ඇති බැවින් අවසානයේ චතුරස්‍රෙයන් පිටවිමට භට පිරිස් වෙත සිදුවිය. ඒ අනුව 1981.02.28 දින කණ්ඩායම් අඹේපුස්ස කදවුර වෙත පිටත්වන ලදි.
මෙම කාලසිමාව තුළ විවිධ අභියෝගයන්ට ලක්ව විවිධ කරදර බාධක මධයයේ අණදෙන නිලධාරි තනතුරෙහි රාජකාරි ඉටුකරන ලද ලුතිතන් කර්නල් ඩිඩබ් හපුආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 1981.03.26 දින සිය රාජකාරින්ගෙන් සමුගත්තේය.
1989.03.26 දින ලුතිතන් කර්නල් එල්ඩිසිඊ වෛද්‍යරත්න පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි බළඇණියෙහි අණදෙන නිලධාරි වශයෙන් වැඩභාර ගත් අතර, මෙතෙක් කලක් අඹේපුස්ස පවත්වාගෙන ආ ඒකක මුලස්ථානය කාවකාලිකව මහනුවර 2(සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු වෙත රුගෙන ගොස් ස්ථානගත කරන ලදි. 1 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු සංකිර්ණය අඹේපුස්ස හිදි ආරම්භ කිරිම එවකට යුධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ටීඅයි වීරතුංග විඑස්වි එන්ඩිසි පිඑස්සි විසින් සිදුකරන ලද්දේ 1982.06.14 දිනදිය. මෙතෙක් කලක් අණදෙන නිලධාරි ඉටුකළ ලුතිතන් කර්නල් එල්ඩිසිඊ වෛද්‍යරත්න පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තනතුරෙන් සමුගත් තනතුරෙන් සමුගත් අතර, ඒ වෙනුවට ලුතිතන් කර්නල් ටිආර් ජයතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි අදාල තනතුරෙහි වැජ භාර ගන්නා ලද්දේ 1982.08.10 දිනදිය.
එවකට යුද්ධ හමුදාධිපති තුමා විසින් බළඇණි මුලස්ථානය සංකිර්ණය විවෘත කළ අවස්ථාව
අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ටීආර්ටී ජයතුංග විසින් අඹේපුස්ස කදවුර ගොඩනැගිලි සංකිර්ණය විවෘත කළ අවස්ථාව
1982.08.10 දින ලුතිතන් කර්නල් ටීආර්ටී කර්නල් ජයතුංග බළ ඇණියෙහි අණදෙන නිලධාරි වශයෙන් වැඩභාර ගත් අතර, 1982.12.17 දින කුරුණෑගල, කිරුළපන, රත්මලාන සහ වරකාපොල ප්‍රෙද්ශයන්හි ස්ථානගත වන අතර ස්ථානගත වන ලද්දේ ජනමත විචාරණ කටයුතු සදහාය.
මේ අවධිය වන විට ලංකා පාබල හමුදාවේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 13 දෙනෙකු එල්ටීටීඊ තත්‍රස්තවාදින් විසින් මරුමුවට පත්කර තිබු බැවින් රට තුළ ජාතිවාදි කෝලාහල ඇතිවන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වු තත්ත්න්‍වය කළු ජුලිය වශයෙන් හැදින්වු අතර, මෙම තත්ත්වය හමුවේ සිංහ භට පිරිස් කුරුණැගල, කෑගල්ල, මහනුවර, කළුතර සහ පානදුර ප්‍රෙදේශයන්හි ස්ථානගත කරවන ලදි. ඉන් අනතුරුව 1983.09.30 දින කණ්ඩායමක් මඩකලපුව වෙත පිටත්කර යැවු අතර, 1984 වර්ෂයේදි ක්‍රියාන්විත අවශ්‍යතාවය මත යාපනය අර්ධද්විපය වෙත පිටත්කර හරින ලදි.
ලුතිතන් කර්නල් ටීආර්ටී ජයතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි අණදෙන නිලධාරි 1985.03.17 දින රාජකාරියෙන් සමුගත් අතර, ලුතිතන් කර්නල් ජිපි කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි ඒකක අණදෙන නිලධාරි වශයෙන් 1958.03.18 දින වැඩ භාරගාන්නා ලදි. 1958.08.30 දින අඹේපුස්ස කදවුරේ නිලධාරි නිවස්නය විවෘත කරන ලද අතර, 12985.09.19 දින කදවුරේ බුදු මැදුර ඉදිකිරිම සදහා මුල්ගල තබන ලදි.
ලුතිතන් කර්නල් ජිපි කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත කදවුරු සම්මාන මුරය පිරිනමමින්
අඹේපුස්ස කදවුරේ ඉදිකරන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරිම් කටයුතු සොයා බලන ලුතිතන් කර්නල් ජේ නම්මුණි ජ්‍යෙෂ්ඨ නිලධාරි
1986.06.13 දින නැවත වරක් අඹේපුස්ස කදවුර වෙත පැමිණි භට පිරිස් අතුරින් කණ්ඩායම් 4 ක් පුනරින්, අලිමංකඩ, කන්කසන්තුරේ සහ නාවට්කුලි ප්‍රෙදේශයේ ස්ථානගත කරන ලදි. මන්නාරම ප්‍රෙදේශයේ තිබු ත්‍රස්ථවාදි කදවුරු කිහිපයක් භට පිරිස් විසින් අත්පත් කර ගන්නා ලද අතර, ශ්‍රි මහා බෝධිය වෙත ප්‍රහාර එල්පකරන ලද ත්‍රස්තවාදි කදවුරු කිහිපයක් භට පිරිස් විසින් අත්පත් කරගන්නා ලද අතර, ශ්‍රි මහා බෝධිය වෙත ප්‍රහාර එල්ලකන ලද ත්‍රස්තවාදින් 65 දෙනෙකු මරා දැමිමට ද සමත්විය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිලධාරියෙකු සහ සෙබළෙකු ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයට හසුවු අතර, ඔවුන් සංග්‍රමික සිරකරුවන් බවට පත්විය.
1986.12.02 දින ලුතිතන් කර්නල් ජිපි කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි අණදෙන නිලධාරි තනතුරෙන් සමුගත් අතර, නව අණදෙන නිලධාරි ලෙස 1986.12.03 දින ලුතිතන් කර්නල් ජේ නම්මුණි රාජකාරි භාරගාන්නා ලදි.
1987 වර්ෂය වන විට භට පිරිස් උත්තම්පුරම්, කිලිනොච්චි, පරන්තන් වැනි ස්ථානයන්හි ස්ථානගත වෙමින් සතුරු බලමුළු බිද දමන ලදි. මෙම කාලසිමාව වන විට රට තුළ පැවැති විවිධ ස්ථානයන් හි යොදවන ලදි. 1987.04.17 දින කිතුල්උතුවේදි සහ 21 දින පිටකොටුවේදි දරුණු බෝම්බ පුපුරුවා හරිමන් රජය හා එල්ටිටිඊ සංවිධානය අතර ඇති කර ගත් සටන් විරාම ගිවිසුම කඩකිරිමට එල්ටීටිඊ ත්‍රස්තවාදින්ට විසින් කටයුතු කරන ලද අතර, 1,2 සහ 3 බළසේනා මගින් යාපනය හා වඩමාරච්චි ප්‍රෙදේශයේදි ,ලිබරේෂන් 1 , නම් ක්‍රියාන්විත ආරම්භ කිරිමට සැලස්ම් කරන ලදි. ඒ අනුව 1987.05.20 සිට 1987.06.11 දින දක්වා සිංහ කණ්ඩායම වඩමාරච්චි මෙහෙයුම රාජකාරි ඉටු කරන ලදි.
1987.08.07 කාලසිමාව වන විට 6 වන බළඇණිය නගාසිටුවිම හේතුවෙන් කණ්ඩායමක් එම ඒකකය වෙත රපෝර්කු කරවන ලදි. 1987.10.01 දින යෙදුණු බළඇණි දිනයට සමගාමික ඒකක භට පිරිස් ඉසුරුපාය, බත්තරමුල්ල ප්‍රෙදේශයන්හි ආරක්ෂාව සදහා ස්ථානගතවන ලදි. ඒ අතරම සිල ඩී සහ ඊ කණ්ඩායම් පුනරින්ල අලිමංකඩ සහ මන්කුලම් ප්‍රෙදේශයන්හි ආරක්ෂාව සදහා ස්ථානගතව ලදි. ඒ අතරම සිල ඩි සහ ඊ කණ්ඩායම් පුනරින්ල අලිමංකඩ මහ මුන්කුලම් ප්‍රෙදේශවන්හි ස්ථානගත වන ලදි.
1988.05.26 දින බළඇණියේ ප්‍රථම අණදෙන නිලධාරි වු බ්‍රිගේඩියර් ආර්ඩි ජයතිලක එම්බීඊ ජ්‍යෙෂ්ඨ නිලධාරි මියයන ලදි. අඹේපුස්ස කදවුරේ ජල අවශ්‍යතාවයන් සදහා ඉදිකරන ලද බෝතල් ජල ව්‍යාපෘතිය එවකට යුධ හමුදාපති මේජර් ජෙනරාල් එන් සෙනවිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 1988.08.09 දින විවෘත කරන ලදි. මෙතෙක් කලක් ඒකකයේ අණදිමේ රාජකාරි ඉටුකළ ලුතිතන් කර්නල් ජේ නම්මුණි ජ්‍යෙෂ්ඨ නිලධාරි 1988.09.16 දින සමුගත් අතර ලුතිතන් කර්නල් ඩබ්ඒඒ ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි 1988.09.17 දින නව අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාරගන්නා ලදි.
එල්ටීටීඊ ත්‍රස්ථවාදින් විසින් 1990.06.10 දින නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන වෙත පහරදිමෙන් ආරම්භ කරන ලද දෙවන ඊලාම් සටනේ ත්‍රස්ථවාදින් විසින් පාලනය ගෙන ගිය බක්කිඇලල කලවංචිකුලඩි පෙරියපෝරතිව් වැනි ප්‍රදේශ මුදා ගැනිමට හැකිවිය.
මණ්ඩතිව් දුපතේ සම්පුර්ණ බලය අත්පත් කර ගැනිම සදහා දියත් කරන ලද "ත්‍රිවිධ බලය" ක්‍රියාන්විත සදහා ඒකක භට පිරිස් විසින් මහගු දායකත්වයක් සපයන ලදි. මෙහිදි ත්‍රස්ථවාදින් විශාල පිරිසක් මරුමුවට පත්වන ලද අතර ත්‍රස්ථවාදින්ට අයත් විශාල අවි ආයුධ තොගයක් අත්පත් කර ගැනිමට ච්‍ද හැකිවිය. අනතුරුව යාපනය කොටුව අත්පත් කර ගැනිම සදහා ආරම්භ කරන ලද "ත්‍රිවිධ බලය II" ක්‍රියාන්විත සදහා ද ඒකක භට පිරිස් සහභාගි විය. මෙහි මුලික පරමාර්ථය වුයේ යාපනය කොටුව තුළ සිරවි සිටි නිලධාරි 02 සෙසුනිලයින් 51 ක් සහකාර පොලිස් නිලධාරින් 172 දෙනෙකු බේරාගැනිමයි.
1990.12.01 දින නව අණදෙන නිලධාරි මේජර් පි පන්නිපිටිය ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණදිම යටතේ මන්නාරම ප්‍රෙදේශය දක්වා පැමිණි භට පිරිස් 1991.03.31 දින ආරම්භ කරන්නට යෙදුණු "කොටි දඩයම" ක්‍රියාන්විතය සදහා සහභාගි වන ලදි. මෙහිදි මන්නාරම ප්‍රෙදේශයේ වෙප්පන්කුලම්ල සිලාවතුරල කොක්කුපඩයාන් වැනි ප්‍රෙදේශ මුදා ගනු ලැබුවේ මන්නාරම වව්නියාව ප්‍රෂාන මාර්ගයේ බලය ද ලබා ගනිමිනි.
මරුන්කන් ප්‍රෙදේශය මුදවා ගත් භට පිරිස්
නානට්ටාන් එල්ටීටීඊ කදවුර අත්පත් කර ගැනිමට ඉදිරියට ගමන් කරන භට පිරිස්
ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මෙහෙයවිම මත 1991.05.02 දින ආරම්භ කෙරුණු "වන්නි වික්‍රම" ක්‍රියාන්විතය සදහා 1 ශ්‍රිලපාහ 3 ශ්‍රිලපාහ 1 ගරෙ 3 ගරෙ සමගින් එක්වු සිංහ රෙජිමේන්තු හට පිරිස් නාන්වියාලම්ල නොච්චිමොටේල ඕමන්තේල කෝකිලායි වැනි ප්‍රෙද්ශ දල රමේශ් බේස්ල 37 බේස් වැනි ත්‍රස්තවාදි ප්‍රධාන කදවුරුවල ද බලය අත්පතත් කර ගන්නා ලදි.
මේජර් ජෙනරල් ඩිඑල් කොබ්බෑකඩුවල කර්නල් එස්එච්එස් කෝට්ටේගොඩ සහ අණදෙන නිලධාරි මේජර් පි පන්නිපිටිය එල්ටීටීඊ 37 බේස් කදවුර අල්ලා ගැනිමට ප්‍රථම
කොලියාකුලම් ත්‍රස්තවාදි කදවුරු වෙත ප්‍රහාර එල්ල කිරිමට ප්‍රථම භට පිරිස් දැනුවත කරන අණදෙන නිලධාරි
"වන්නි වික්‍රම 11" ක්‍රියාන්විත ආරම්භ කරන ලද්දේ 1991.06.14 දින වු අතර රය තාවකාලිකව නගා සිටුවන ලච වික්‍රම බලසේනාවට අනුයුක්තව සිදුකරන ලදි. එහිදි එල්ටීටීඊ ත්‍රස්ථවාදින්ගේ පණ්ඩිවිරිද්‍ච්චාන් කදවුරු විනාශ කල භට පිරිස් ජුලි 22 දින වැලිඔය ප්‍රෙදේශය බලා පිටත්විය. 1991 ජුලි මස 10 දින අලිමංකඩ කදවුරු සංකිර්ණය බේරාගත් 6 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව ඒකකය වෙත එල්ටීටීඊ ත්‍රස්තවාදින් විසින් බරපතල ප්‍රහාර එල්ල කරන ලද අතර. එම තත්ත්වය වැළැක්විම සදහා ක්‍රියාත්මක කරන ලද "බලවේගය" ක්‍රියාන්තය සදහා ඒකකය සහභාගි වන ලදි.1991.08.18 දින බලවේගය මෙහෙයුම සාර්ථකව නිමකළ ඒකකය මුහුදු මගින් වැලිඔය වෙත පැමිණෙන ලදි.
ක්‍රියාන්විතයට පෙර වෙත්තිලකර්නි වෙරළින් ගොඩබැසගත් භට පිරිස්
මේජර් ජෙනරාල් ඩිඑල් කෙබ්බෑකඩුවල බ්‍රිගේඩියර් විජය විමලරත්න ක්‍රියාන්විතයට පෙර භට පිරිස් දැනුවත් කරමින්
එල්ටීටීඊ ත්‍රස්තවාදින්ගේ මුලතිව් වනය තුළ පිහිටි කදවුරු විනාශ කිරිම සදහා 1991.08.29 දියත් කරන ලද "අකුණු පහර" ක්‍රියාන්විතය සදහා ඒකකය සහභාගි වන ලද අතර සතිෂ්ල සුගතන්ල මයිකල් සහ සෝඩියා වැනි ප්‍රබල කදවුරු කිහිපයක් බිද දැමිමට හැකිවිය. මෙහිදි ඒකකයේ නිලධාරින් 6 දෙනෙකු සහ සෙසුනිලයින් 85 දෙනෙකු තුවාල ලැබිය.
මේජර් ඩබ්එම්එස් ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි 1993.02.08 දින අණදෙන නිලධාරි රාජකාරි භාරගත්තේය. භට පිරිස් මන්නාරම සහ පේසාලේ ප්‍රෙදේශයන්හි රාජකාරි කළ අතර තාවකාලිකව අණදිමේ කටයුතු 1993.04.30 දින ලුතිතන් කර්නල් එස්ජි කරුණාරත්න පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඵාරගාන්නා ලදි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණදිම මත 1993.09.19 දින "යාල් දේවි" ක්‍රියාන්විතය සදහා භට පිරිස් වෙත්තිලකර්නි වෙත පැමිණෙන ලදි. ක්‍රියාන්විත අවසානයේ ඒකකය ත්‍රිකුණාමලට ප්‍රෙදේශයේ ස්ථානගත විය.
ක්‍රියාන්විතයකට සහභාගි විමට පෙර විවේකයෙන් කල් ගෙවන භට පිරිස
සටනේදි තුවාල ලත් භඨ පිරිස් කිරිමේ රාජකාරියේ නිරත භට පිරිස්
1993.05.01 දින එවකට අතිගරු ජනාධිපතිතුමා එල්ටීටීඊ ත්‍රස්තවාදින් විසින් ඝාතනය කිරිමෙන් අනතුරුව ප්‍රෙදේයේ ආරක්ෂාව සදහා ඒකකය කොළඹ ප්‍රෙදේශයට පැමිණෙන ලදි. ඉන් අනතුරුව මැතිවරණ රාජකාරි සදහා මාතර ප්‍රෙදේශයේ යොදවන ලදි
.මේ කාලසිමාව තුළ අම්පාරල අලිමංකඩ වව්නියාව වැනි ප්‍රෙදේශ වෙත යා කරන ලද්දේ එවකට පැවැති යුධමය අවශ්‍යතා හෙතුවෙනි. අම්පාර ප්‍රෙදේශයේ රාජකාරි කරමින් සිටියදි 1994.04.28 දින මේජර් ඩීසිපි රූපසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි අණදෙන නිලධාරි තනතුරෙහි රාජකාරි භාරගන්නා ලදි. නව අණදෙන නිලධාරිගේ සැලසුමකට අනුව පාවන්කුඩ්ඩේ ප්‍රෙදේශයේ "ග්‍රින්සර්ච් 11" නමින් මෙහෙයුමක් ක්‍රියාන්විතය දල 49 වන බේස් කදවුර අවට ප්‍රෙදේශය " ග්‍රින් සර්ච් 111" ක්‍රියාන්විතය ද සිදු කිරිම තුළින් ත්‍රස්තවාදිනට විශාල පරාජයක් ගෙන දිමට භට පිරිස් සමත්විය. 1994.10.31 දින සිට අයිත්තිමලේල උනච්චිල කරදියපෝවිල්ල කරවෙඩ්ඩා වැනි ප්‍රෙදේශයන්හි දියත් කරන ලද ක්‍රියාන්විතයන් සදහා සහභාගි වන ලද ඒකක භට පිරිස් එහිදි විශාල අවි ආයුධ ප්‍රමාණයක් සොයා ගැනිමට හැකිවිය.
1994.11.19 දින ඒකක භට පිරිස් සහ එල්ටීටීඊ ත්‍රස්කවාදින් අතර ඇති වු ගැටුමෙන් දෙපාර්ශවයටම හානි සිදු වු අතර සිත්තණ්ඩිල සන්දිවේලිල මාවඩිවෙම්බු වැනි ප්‍රෙදේශ මුදා ගැනිමට හැකිවිය. මෙම කාලය වන විට සිත්තණ්ඩිල සංදිවේලිල මාවඩිවෙම්බු වැනි ප්‍රෙදේහයන්හි සිදුකරන ලද සිමිත ක්‍රියාන්විතයන්හිදි ත්‍රස්තවාදින්ට දරුණු ප්‍රහාර එල්ල කිරිමට භට පිරිස් සමත්විය.
3 සේනාංක උපදෙස් පරිදි 1995.01.15 දින "රිවිකිරණ" ක්‍රියාන්විත දියත් කරන ලදි. ඒ සදහා 9 ශ්‍රිලංජාආබමු සහ 2 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයන් ද සහභාගි විය. ක්‍රියාන්විත අවසානයේ කොළඹ ප්‍රෙදේශය වෙත ගමන්ගත් ඒකකය තිඹිරිගස්යායල කැලණිතිස්සල බත්තරමුල්ල රොක්හවුස් වැනි ස්ථානයන්හි රුදි සිටිමින් අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි ඉටුකරන ලදි.
54 සේකාංකය සහ 542 බලසේනා මුලස්ථානය යටතේ 1997.10.27 දින දයත් කරන ලද "ජයසිකුරු" ක්‍රියාන්විතය සදහා ඒකක භට පිරිස් සහභාගි වු අතර. මේ කාලය තුලදි බළඇණීය ගුවන් සංග්‍රාමික බලසේනාව යටතේ සිංහපුරවැසිකුලම් ප්‍රෙදේශයේ ස්ථානගතව සිටියේයල විශේෂ බලකාය කමාන්ඩෝ රෙජිමේන්තුවල 3 ශ්‍රිලපාහ 6 ගරෙ ඒකක සමග එක්ව තන්නිවාඩිල මාන්පුරම් මාන්කුලම් වැනි ප්‍රෙදේශ මුදා ගැනිම සිදු කරන ලදි.1994.12.23 දින මේජර් එම්කේඩී පෙරේරා බළඇණී අණදෙන තනතුරට පත්වන ලදි.
මෙම කාලය තුළ ඔඩ්ඩුස්ඩාන්ල පාලම්පිඩිඩිල මුණ්ඩිමුරුප්පුල තාණ්ඩිකුලම් නොච්චිමොටේල පෙරියමඩු සහ පලෙයි වැනි ප්‍රෙදේශ මුදා ගැනිම සදහා දියත් කරන ලද ක්‍රියාන්විතයන් සදහා ඒකක භට පිරිස් සහභාගි වන ලදි. 2000.01.19 දින මේජර් ඒඑම්ආර් ධම්සිරි පිඑස්සි විසින් බළඇණි අණදෙන නිලධාරි වගකිම් භාරගන්නා ලදි.
2000.04.23 කාළය වන විට නාගර්කෝවිල්ල අරියාලේල කිලාලිල කයිකඩි වැනි ප්‍රෙද්ශ මුදා ගැනිමේ මෙහෙයුම් වල නිරත භට පිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යෙය් රාජකාරි කරමින් සිටි යෝය. විශේෂයෙන් කිලාලි කලපුව තරණය කිරිමේ මහත් අපහසුතාවයන්ට ලකවිමට බළඇණියට සිදුවිය. 2001.10.01 දින ඒකකය ගුවන මගින් වැලිඔය ප්‍රෙදේශය දක්වා ගමන් ගත් අතර, වැලිඔය ප්‍රෙදේශයේදි විවිධ බාධක කම්කකටොලු මධ්‍යයේ රාජකාරි ඉටුකිරිමට සිදුවිය. 2001.12.18 දින ඩී කණ්ඩායම විසින් රුකසිට පහරදිමේ ක්‍රියාන්විත සදහා සහභාගි විමට ගත් අතර වෙනත් මාර්ගයක් නොවු හෙයින් ඔවුන්ගේ ගමන් මාර්ගය වුයේ කිවුල්ඔය ජලාශය තරණය කිරිමයි. මෙහිදි ඉතා දැරණු සැඩපහරට හසු වු සෙබළුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්විය. එහෙත් දහසකුත් බාදක මැද ක්‍රියාන්විතය සාර්ථකව ඉටුකිරිමට භට පිරිස් සමත්විය.
2002.07.31 දින වැලිඔය ප්‍රදේශයේ රාජකාරිවලින් අනතුරුව නැවත වරක් ඒකකය යාපනය ප්‍රෙදේශයට පැමිණි එලුත්තුමඩ්ඩුවාල් රාජකාරි කරන ලදි. 2014.12.26 දින අතිවු සුනාමි තත්ත්වය හෙතුවෙන් එලුත්තුමඩ්ඩුවාල් ප්‍රෙදේශයේ රාජකාරි කරන ලදි. 2014.12.26 දින ඇතිවු සුනාමි තත්ත්වය හෙතුවෙන් නොයෙකුත් අපහසුතාවයන් පත්වු ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවිමට විශාල වැඩ කොටසක් සිදුකිරිමට ඒකකය සමත්විය. 2005.12.19 දින ලුතිතන් කර්නල් ඒපි පල්ලාවල ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි බළඇණියේ නිලධාරි වශයෙන් පත්විය.
මෙසේ රාජකාරි කරමින් සිටින අතරතුරදි ලුතිතන් කර්නල් එච්එම්පි ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි අණදෙන නිලධාරි තනතුරෙහි රාජකාරි භාරගැනිම සදහා ඒකකය වෙත රපෝර්තු කරන ලද අතර 2016.01.08 දින සුභ මොහොතින් රාජකාරි ආරම්භ කරන ලදි.
යාපනය කිලාලි ප්‍රෙදේශයෙන් මුලින්ම තම දායකත්වය මානුෂිය මෙහෙයුමට ලබාදුන් මෙම බළඇණිය කිලාලි කලපුවට අවට ප්‍රෙදේශයේ මානුෂීය මෙහෙයුම් ක්‍රියාන්විත සිදුකළ අතර මුහමාලෙයි ප්‍රධාන දොරටුවේ ආරක්ෂක කටයුතු සිදුකරන ලැබුවේ ද මෙම බලඇණිය මගිනි.
2017 වසර ආරම්භයත් සමග ලුතිතන් කර්නල් එච්එම්පි ද සිල්වාගේ අණදිම යටතේ මෙම බලඇණියකොළොම්බුතුරෙයි කලපු ප්‍රෙදේශයේ ආරක්ෂාව තහවුරු කළ අතර කුඩා බොට්ටු යොදාගෙන සතුරු භූමියේ නිරික්ෂණ කටයුතු සාර්ථකව සිදුකර ත්‍රස්ථාදි ක්‍රියාකරකම් මැඩලිමට ඉමහත් කැපවිමෙන් කටයුතු කරන ලදි. මෙම බලඇණියේ යාපනය අර්ධද්විපයේ රාජකාරි නිමාවෙන් පසු 2007 වර්ෂයේ මැද භාගයේ එවකට අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේආර්කේකේටි බංඩාරගේ අණදිද යටතේ 23 වන සේනාංකයට අනුයුක්තව ත්‍රස්ථවාදි බලකොටුවක්ව පැවැති තොප්පිගල ප්‍රෙදේශයේ සිදුකල මානුෂීය මෙහෙයුම් ක්‍රියාන්විත සදහා සක්‍රියව තස දායකත්වය ලබාදි සතුරු බලමුලු විනාශ කරමින් සතුරාට අයත් අවිආයුධ විශාල ප්‍රමාණයක් සොයාගැනිමට සමත් විය.
2008 වසරේ ආරම්භයන් සමග මෙම බලඇණිය 59 වන සේනාංකයට අනුයුක්තව වන්නි මානුෂිය මෙහෙයුම් සදහා ද එක්විය. වැලිඔය ජනකපුර ප්‍රෙදේශයෙන් තම ක්‍රියාන්විතයන් ආරම්භ කර නයාරූල අලම්පිල් හරහා මුලිතිව් ප්‍රෙදේශය දක්වා ම මනුෂිය මෙහෙයුම් අවසන් අධියර දක්වාම තම අනගි දායකත්වය ලබාදි තම දේශය වෙනුවෙන් උදාරතර මෙහෙයුමක් සිදුකරන ලදි. මෙහිදි මානුෂිය මෙහෙයුම් සාර්ථක කරගැනිම වස් ප්‍රෞඪ ඉතිහාසයක් ඇති මෙම බලඇණීයේ සැලකිය යුතු නිලධාරි හා සෙසුනිල පිරිසක් තම දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිභාවය උදෙසා ජිවිතය පුජා කරන ලදි.