Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව පිහිටුවීම

1 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව පිහිටුවීම

1956 ඔක්තෝබර් 01 වන දින නිර්භීත වේගවත් සටන් පාඨය පෙරදැරි කර ගෙන පළවන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේනත්ව ශ්‍රී ලංකා යුධ හමුදාවේ වැදගත් සංධිස්ථානයන් සනිටුහන් කරමින් උපත ලැබීය.

මෙම බළඇණියෙහි පථම අණදෙන නිලධාරී ලෙස එවකට 1 ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිලධාරියෙකු වු ලුතිතන් කර්නල් ආර්ඩි ජයතිලක එම්බීඊ 1956.10.01 දින සිටම බලපැවැත්වෙන පරිදි පත්කරන ලදී. ඊට අමතරව නිලධාරීන් සහ සෙසුනිලයින් 60 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ආරම්භයේම 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ඇතුළත් වූ අතර, එම පිරිස බළඇණිය පිහිටුවීමෙහිලා පුරෝගාමිව කටයුතු කරන ලදි.

බළඇණියේ ප්‍රථම නිලධාරී මඩුල්ල

මෙසේ බිහිවූ 1 බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් වැඩි කිරීමේ අදහසින් පළමු ආධුනික සෙබළුන් පිරිස 1956 ඔක්තෝම්බර් මාසයේදි එක්කර ගන්නා ලද අතර, එම පිරිස 146 ක් විය. ඔවුන් දියතලාව යුධ හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කරවීමෙන් අනතුරුව 1956 වර්ෂයේදීම ඔවුන්ගේ විසිර යෑමේ පෙළපාලිය පැවැති අතර, එහි ප්‍රධාන ආරධිත අමුත්තා වූයේ එවකට යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරාල් ඒඑම් මුතුකුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරිය.

විසිර යාමේ පෙළපාලිය සදහා පැමිණී යුධ හමුදාපති මේජර් ජෙනරාල් ඒඑම් මුතුකුමාර භට පිරිස අමතමින්

ආසෙ සුබ්‍රමනියම් එස් සෙබළා ලෙස ශුරතා හිමිකර ගනිමින්

1957 මාර්තු මාසයේ බදවා ගන්නා ලද 150 දෙනෙකුගෙන් යුත දෙවන ආධුනික පිරිස විසිර යාම සදහා 1957.07.22 දින නියම වුවත්‚ආධුනික සෙබළුන් අතුරින් 100 දෙනෙකුට වෛරස් උණ රෝගයක් වැලදිම හේතුවෙන් එම විසිරයාමේ පෙළපාලිය නොපැවැත්විණි.

බළඇණියේ ප්‍රථම විසිර යාමේ පෙළපාලිය

1957.10.01 දින බළ ඇණියේ පථම සංවත්සරය පවත්වන ලද අතර‚ මෙම වැදගත් හා ඓතිහාසික උත්සවට සදහා ප්‍රධාන ආරාධික අමුත්තා වශයෙන් පැමිණියේ ද එවකට යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරල් ඒඑම් මුතු කුමරුය. මෙම උත්සවය දියතාලව කදවුරේදි පැවැති අතර‚ ඊට සමගාමිව අන්තර් කණ්ඩායම් කිඩා තරගාවලියක් ද පවත්වන ලදී.

උත්සවය සදහා පැමිණි ඒඑම් මුතුකුමරු මැතිණිය ජයග්‍රහකයින්ට කුසලාන ලබා දෙමින්

බළඇණිය පෙළපාලි භුමියේදි පථම වරට මහජනතාවට දැකගන්නට ලැබුණෞ 1958 වර්ෂයේ නිදහස් දින පෙළපාලියේදීය. ඒකකයේ ප්‍රෞඪත්වය හා අභිමානය ප්‍රදර්ශනය කෙරෙන විශේෂතම අවස්ථාවක් බැවින් මෙම පෙළපාලියේ අණදිම අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්ඩී ජයතිලක එම්බීඊ විසින් සිදුකරන ලදි.වෙනත් රෙජිමේන්තු හා ඒකක මෙන්ම මහජනතාව ද ප්‍රථම වරට දුටු මෙම බළඇණියේ ඉතා උසස් සරඔ කෞෂල්‍යන් පිළීබදව විමතියට පත්වුහ.

1958 වර්ෂයේ අප්‍රේල් මාසය වනවිට බළඇණියේ ප්‍රථම අභයන්තර ආරක්ෂක රාජකාරි කටයුතු සදහා ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ ආරක්ෂාව සදහා ස්ථානගත විය. එහිදි එම පදේශයේ නිතිය හා සාමය ආරක්ෂක කිරිමේ කටයුතු ඒකකය වෙත පැවරි කිබුණි. 1958 මැයි මස බළඇණියේ ඒ සහ බී කණ්ඩායම් පථම වතාවට නිති විරෝධි සංකමණිකයන් මැඩලිමේ කාර්යන් (TASK FORCE ANTY ILLICT IMMIGRANT) වැළැක්විම සදහා මන්නාරම තෝඩාවේලි කදවුර බලා ගමන්ගත් අතර‚ නැවත වතාවක් 1958 වර්ෂයේ රටේ ඇති වු ජාතිවාදි අරගලය තත්වය යටතේ ඒකකය වව්නියාව‚ අනුරාධපුරය‚ පදවිය‚ පොළොන්නාරුව‚ ගලේවෙල‚ නාගදිපය සහ යාපනය යන පදේශයන්හා ස්ථානගත කරන ලදි. ඊට අමතරව දියතාලව‚ බණ්ඩාරවෙල‚ බදුල්ල‚ අම්පාර සහ මඩකලපු ප්‍රදේශයන්හිදි ද අභ්‍යන්තර ආරක්ෂාව සදහා ස්ථානගත කරන ලදි.

1959 වර්ෂයේ මාර්තු මාසයේදි , ඔපරේෂන් ඩෙම්ලර්, නමින් හැදින්වු ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ ලංකා දුම්රිය සේවකයින් විසින් ගෙනගිය වර්ජනය හේතුවෙන් අදාළ ආයතනය නැවත යථා තත්වයටන්ට පත්කිරිම සදහා ආරම්භ කරන ලදි. එමෙන්ම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඔ වරායේ බහාලුම් මෙහෙයුම් රාජකාරි කරන ලදි. එමෙන්ම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඔ වරායේ බහාලුම් මෙහෙයුම් රාජකාරි භාරගනු ලැබුවේ 1959 ජුනි මාසයේදිය. එහි සේවකයින් විසින් ගෙන ගිය වර්ජනයක් හේතුවෙන් රට භයානක ආර්ථික අවපාතයකට යමින් සිටි අතර බළඇණීයේ නිළධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 400 දෙනෙකු අදාල රාජකාරි සදහා යොදවන ලදි. ඔවුන් 1959 අගොස්තු මාසය දක්වා අදාල රාජකාරි ඉටුකරන ලද අතර එම කාලසිමාව තුළ නාරාහේන්පිට ඇන්ඩර්සන් කදවුරෙහි රුදි සිටින ලදි.

1959 වර්ෂයේ දෙසැම්බර් මාසයේදි එවකට යුද්ධ හමුදාධිපති වශයෙන් රාජකාරි කරන ලද මේජර් ජෙනරාල් ඒඑම් මුතුකුමාරු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විශ්‍රම යාම වෙනුවෙන් සම්මාන පෙළපාලියක් දියතලාව කදවුරේදි පවත්වන ලදි. ලංකා ඉතිහාසය ප්‍රථම වතාවට අණවචනයකින් තොරව සරඔ සංදර්ශනයක් පවත්වන ලද්දේ මෙහිදිය. එය නිර්මාණය කරවුයේ බනි 11 මෝසෙත් ටීඑෆ්බි විසින් වු අතර‚ එය අලංකාරවත් සහ නිර්මාණශිලි සංදර්ශනයක් විය.

නිදහස් දින පෙළපාලය සදහා සහභාගි වු බළඇණි භට පිරිස්

1960 වර්ෂයේ පැවැති නිදහස් දින සමරු උළෙල සදහා නිළධාරින් 12 දෙනෙකු සහ සෙසුනිලයින් 240 දෙනෙකු සහභාගි ව ලද අතර‚ 1වන බළඇණිය සහ 2වන ස්වේව්ඡා බලඇණිය විසින ප්‍රථම වරට රට වෙරළු පැහැති සරඔ නිල ඇදුම අදින ලදි. එහෙත් අනෙකුත් රෙජිමේන්තු කාකි ඇදුමෙන් සරඔ පෙළපාලිය සදහා එක්වි සිටි අතර‚ මේ හෙතුවෙන් ලජකා සිංහ රෙජිමේන්තු භට පිරිස් සියළු දෙනා ගේ අවදානයට පාත්‍ර විය.

1960 සැප්තැම්බර් මස 06 දින ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් නිළධාරින් සහ සෙසුනිළයින් මන්නාරම තෝඩාවෙලි කදවුර වෙත පිටත්කර හරින ලද්දේ කාර්යය සේනාංකයේ රාජකාරි සදහාය. ඉන්දියාවේ සිට මන්නාරනම ප්‍රදේශය දක්වා සිදුවන අනවසර සංක්‍රමණ වැළැක්විම මෙහ ප්‍රධාන අරමුණ විය. එ අනුව 1960 වර්ෂයේ අවසාන කාළසිමාව වන විට අනවසර සංකමිකයින් 56 දෙනෙකු අත්අඩංගුවට ගැනිමට බළඇණිය සමත්විය.

අගනගරයෙන් පිටතදි පවත්වන ලද පථම නිදහස් දින සමරු උත්සවට 1961.02.04 දින මහනුවරදි පවත්වන ලද්දේය. මෙම පෙළපාලිය ශ්‍රි ලංකා යුද හමුදා වංශ කථාවේ තවත් එක් වැදගත් සිදුවිමක් රටට පෙන්වු විශේෂ අවස්ථාවක් විය. එනම් බළඇණියේ සුරතලා වශයෙන් ඇති දැඩිකළ සාතන් වර්ගයට අයත් ,ටෝජෝ, නැමැති එළුවා මහජනතාවගේ ඔල්වරසන් හඩ මධයයේ සිංහ බළඇණී නිළධාරින් සහ සෙසුනිළයින් සමගම සරඔ භුමියට පැමිණිම හා පෙළපාලියට සහභාගි විමේ අවස්ථාවයි.සරඔ පෙළපාලියේදි බළඇණී සෙබළුන් සමග ගමන් කළ ,ටෝජෝ, එළුවා දැකිමෙන් මහජනතාව ඉමහත් පුදුමයට සහ සතුටට පත්ව ඔවුන්ගේ ගෞරවනිය කෘතවේදිත්වට ,ටෝජෝ, ට ලබාදිම මෙහිදි කැපි පෙණුනි. ඒකක සුරතලෙකු සරඔ පෙළපාලියකට සහභාගි වෙමින් දස්කම් දැක්වු ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගතවේ.

1962 වර්ෂයේදි ඇතිවු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සදහා යුධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරි සම්බන්ධවි ඇතැයි හෙළිවිමෙන් අනතුරුව ඉතා විශාල වශයෙන් නිළධාරි අත්අඩංගුවට ගත් අතර‚ ඔවුන් වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රදවා තබන ලදි. මෙහිදි සිංහ රෙජිමේන්තු සහ වෙනත් රෙජිමේන්තුවල සෙබළුන් එම ස්ථානයන්හි ආරක්ෂාව සදහා යොදවන ලදි. එමෙන්ම ඒ හා සමාන භට පිරිසක් රුජින නිවහන‚ ආණ්ඩුකාර නිල නිවස‚ අගමැති නිල නිවස‚ අරලියගහ මන්දිරය වැනි ස්ථානයන්හි ආරක්ෂාව සදහා ද යොදවන ලදි. අදාළ රාජකාරි සදහා යොදවන ලද භට පිරිස් රුදි සිටියේ කොළඹ ඇචිලන් චතුරස්‍රෙය්ය. අනෙකුත් භට පිරිස් දියතලාව සහ මන්නාරම සහ අභයන්තර ආරක්ෂක රාජකාරි සදහා යෙදවිණි.

පාබල බලකාය 1962 වර්ෂයේදි පිහිටුවන ලද අතර‚ ඒ සදහා නිතය බළඇණීවලට අයත් 1 වන පාබල හමුදාව‚ 1 වන ලංකා සිංහ රෙජිමේන්තුව සඑ 1 වන ගැමුණු හේවා බළඇණිය එක්වන ලදි. මෙහි පතිථලයක් වශයෙන් එම ඒකක අතර අන්තර් ඒකක මාරුවිම් සිදුවන ලද අතර‚ ලංකා සිංහ රෙජිමේන්තුවේ නිළධාරින් වෙනත් බළඇණි වෙත ද‚ වෙනත් බළඇණීවල නිළධාරින් සිංහ රෙජිමේන්තු වෙත ද එක්වන ලදි.

යුධ හමුදාව තීරණය කරගත් පරිදි 1963 වර්ෂයේදි කොළඹදි යුධ හමුදා පිරික්සුම් පහන් එළි සංදර්ශනයක් (ARMY SEARCH LIGHT TATTOO) පවත්වන ලද අතර‚ ඒ සදහා විශාල ජනතා සහභාගිත්වයක් තිබුණි. සිංහ රෙජිමේන්තුව විසින් අණ වචනයෙන් තොරව සංගිත ඛණ්ඩවලට අනුකුලව පවත්වන ලද සරඹ සංදර්ශනයක් මෙහිදි ද පවත්වන ලද සරඹ සංදර්ශනයක් මෙහිදි ද පවත්වන ලද අතර‚ ඊට විහාල ජනතා ආකර්ෂණයක් හිමි විය. එසේම එතුළින් රෙජිමේන්තු පිළිබද විශාල පසාදයක් ගොඩනැගිණි.

1 වන බළඇණිය පාබල රෙජිමේන්තුවෙන් ලංකා සිංහ රෙජිමේන්තු වෙතත එක් වු මා/සැ මෝසෙත් ටීඑෆ්බී පසුකාලිනව බනි 11 දක්වා උසස් විම් ලබා එංගපනතයේ පැවැති සරඹ උපදේශක පාඨමාලව සදහා ද සහභාගි වන ලදි. මොහුගේ කැපවිම මත සහ පාඨමාලාවෙන් ලබාගත් දැනුම මත අණවචයෙන් තොරව සරඹ කිරිමේ කමය හදුන්වාදුන් අතර‚ පසුකාලිනව එය යුධ හමුදාව තුළ වැඩි වශයෙන් ජනප්‍රිය වන ලදි. පසුකාලිනව මොහු ලුතිතන් (උපා) නිලයෙන් අධිකාරිලත් අතර‚ කපිතන් (උපා) නිලයෙන් විශ්‍රාම ගන්නා ලදි. එහෙත් 1989 වර්ෂයේදි ඇති වු ජවිපෙ කලබලකාරි තත්ත්වයන් හමුවේ විශ්‍රාම ගන්නා ලද අයවලුන් නැවත බදවා ගැනිමේ පදනම මත ඔහු නැවත සේවයට එක්වන ලදි. ඉන් අනතුරුව ඔහු කළුතර දිස්ත්‍රික්කයේ මාණ්ඩලික නිලධාරියෙකු වශයෙන් රාජකාරි යොදවන ලදි. එහෙත් අවසනාවකට එම අවදියේ ඇති වු ත්‍රස්තවාදින්ට හසු වි ඔහු මිය ගියේය.

මේ අතර පුරා වර්ෂ 7 කට වැඩි කාලයක් අණදෙන නිළධාරි තනතුරෙහි රාජකාරි ඉටුකළ ලුතිතන් කර්නල් ආර්ඩි ජයතිලක එම්බිඊ ජේ්‍යස්ඨ නිළධාරි 1964.03.20 දින තනතුරෙන් සමුගන්නා ලදි. ඒ වෙනුවට බළඇණීයේ නව අණදෙන නිලධාරි වශයෙන් පත්වුණු ලුතිතන් කර්නල් අයිඑච්ඩි ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි 1964.03.21 දින වැඩභාර ගන්නා ලදි.

1964 මැයි මාසය වන විට බළඇණීය ඉලුප්පකඩවායි‚ සිලාවතුර සහ මන්නාරම ප්‍රෙදේශයේ රාජකාරි සදහා යොදවන ලදි. ආරම්භයේ සිටම දියතාලව කදවුරේ ස්ථානගත කර තිබු බළඇණියම මෙදින සිට මන්නාරම තල්අඩි කදවුරෙහි ස්ථානගත විය. දිර්ඝ කාලයක් මන්නාරම ප්‍රෙදේශයේ රාජකාරි කරන ලද අනෙකුත් කණ්ඩායම් ද සමගින් 1964.09.06 දින බළඇණීය කොළඹ ප්‍රෙදේශයේ රාජකාරි සදහා යොදවන ලද අතර‚ ඔවුන් කොළඹ තුරග පිටියේ රුදි සිටින ලදි.

1964 ජුලි මාසයේදි බළඇණී සුරතලා වු ටෝජෝ මිය ගියේය. ඉන් අනතුරුව පෙර සිටි ටෝජෝගේ පැටවෙකු වු ටෝජෝ (කනිෂ්ඨ) II බළඇණීයේ සුරතලා වශයෙන් යොදාගන්නා ලද අතර‚ එම සුරතලා ද පෙර සිටි සුරතලා මෙන්ම රාජකාරි ඉටුකරන ලදි.

1956 අප්‍රේල් මාසය වන විට සම්පුර්ණ බළඇණීයම කොළඹ ඇචිලන් චතුරස්‍රය වෙත පැමිණි අතර‚ එම ගොඩනැගිලි ලන්දේසින් විසින් රෝහල් සංකිර්ණයක් වශයෙන් පවත්වා ගෙන ආ ස්ථානයක් විය. එමෙන්ම ඉතා වටිනා ඓතිහාසික ස්ථානයක් වශයෙන් ද මෙම ස්ථානය හදුන්වා දෙන ලදි. 1967.03.04 දින අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් එල්එච්ඩී ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිළධාරි අදාළ තනතුරෙන් සමුගත් අතර‚ නව අණදෙන නිළධාරි වශයෙන් ලුතිතන් කර්නල් ඊටි ද ඉසෙඩ් අබේසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරි 1967.03.05 දින වැඩ භාර ගාන්නා ලදි. ඉන් අනතුරුව ඒකකය කොළඹින් පිටත එනම් කළුතර කටුකුරුන්දේ පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලය පරිශ්‍රය නැවතැන්පළ බවට පත් කර ගත්තේය.

1968.05.01 දින ඒකක අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාරගනු ලැබුවේ ලුතිතන් කර්නල් ටිඑෆ්බී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරිය. නව අණදෙන නිලධාරිගේ උපදෙස් හා මග පෙන්විම මත ඒකක නිළධාරි/ සෙසුනිලයින්ගේ සුභ සාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරිමට සමත් වු අතර‚ මෙසේ රාජකාරි කරමින් සිටින විට 1970 වර්ෂයේ පැවැති මැතිවරණ කටයුතු හේතුවෙන් බළඇණීය කොළඹ ප්‍රෙදේශයේ ස්ථානගත වන ලදි.

1970.0714 දින ලුතිතන් කර්නල් ටිඑෆ් සලේ ජ්‍යෙෂ්ඨ නිළධාරි අණදෙන නිලධාරි රාජකාරි වලින් සමුගත් අතර‚ ලුතිතන් කර්නල් ඩීබී පෙරේරා ඒකක නව අණදෙන නිලධාරි වශයෙන් පත්වුයේ 1970.07.15 දින ය. 1970-1971 වර්ෂයන්හි ඇති වු ජවිපෙ කලබලකාරි තත්වයන් හේතුවෙන් බළඇණිය වව්නියාව‚ අනුරාධපුරය‚ කැබිතිගොල්ලෑව‚ මාතලේ‚ දෙනියාය සහ කොළඹ වැනි ප්‍රෙදේශයන්හි ස්ථානගත කරන ලදි. මෙම ප්‍රෙදේශයන්හි නිතිය සහ සාමය ආරක්ෂා කිරිමෙහිලා විශේෂ ආරක්ෂක රාජකාරි සදහා ඒකක භට පිරිස් සහභාගි වු අතර‚ නාඋල කෝන්ගහවෙලදි සැගව සිට පහරදුන් ත්‍රස්තවාදියෙකුගේ ප්‍රහාරයට ලක්ව ලාකෝ සිසිර කුමාර සෙබළා මියයන ලද්දේ 1971.04.20 දිනදිය. ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්ව ඒකකයේ මියගිය පළමු සෙබළා ඔහු විය.

මේ අතර ලුතිතන් කර්නල් එස්බී මීයෙනදෙණිය 1971.12.01 සින අණදෙන නිලධාරි තනතුරෙහි වැඩ භාරගන්නා ලදි. ඉතා ප්‍රසිද්ධ ජාතික මට්ටමේ ක්‍රිඩකයෙකු වු මෙම නිළධාරි බළඇණියේ ක්‍රිඩා කටයුතු සම්බන්ධයෙන් බොහෙවින් වෙහෙස මහන්සි වී කටයුතු කළ ඔහු 1974.04.14 දින අණදෙන නිලධාරි තනතුරෙන් සමුගත්තේය.