Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 9ශ්‍රීලංජාආබමු

9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

නැගෙනහිර පලාතේ මුස්ලිමි වැසියන්ට එල්ලවු ත්‍රස්ථවාදි තර්ජන මැඩලිමත් මුස්ලිමි ගම්මාන හා ආගමික ස්ථාන වෙත ඇතුල්වි අහිංසක මුස්ලිමි වැසියන් ඝාතනය කිරිමත් 1990 වසරේ දි උග්‍රරව පැවති බැවින් එම ගමිමාන වලට හා ආගමික ස්ථාන වල ආරක‍්ෂාව තහවුරු කර නැගෙනහිර මුස්ලිමි වැසියන්ගේ ජන ජිවිතය යථා තත්වයට පත් කිරිමේ අරමුණ පෙර දැරිව මඩකලපුව 3 බලසේනා මූළස්ථානය යටතේ 9 වන මුර බළඇණිය නමින් මෙම ඒකකය ස්ථාපනය කර එරාවුර්, වාලචිචේන, කාත්තන්කුඩි, පාලමුනෙයි හා කන්කොන්නොඩෙ මුස්ලිමි ගමිමාන වල ආරකේෂාව සඳහා යොදවන ලදි. පසු කාලිනව 5 විපාරෙ, 7 ශ්‍රිලංසිරෙ, 1, 4 සහ 7 ගැහේබ ඒකකයන් සමග නැගෙනහිර පලාතේ ක්‍රියාන්විත රාජකාරි සඳහා යොදවන ලදි.

ආරම්භයේදි මුර බළඇණිය නමින් ස්ථාපිත කරනු ලදූව පසුකාලිනව 9 වන බළඇණිය ශ්‍රිලංකා ජාතික ආරක‍ෂක බළමුළුව ලෙස නගා සිටුවමින් නිත්‍ය හා ස්වේච්ඡා ඒකක සමග ක්‍රියාන්විත රාජකාරි ඉටු කරමින් වර්ථමානයේ පාබල ඒකකයන්ට නොදෙවෙනි ආකාරයෙන් කාර්යය භාරයක් මව් බිම වෙනුවෙන් ඉටු කරමින් සිටි. මඩකලපුව 233 බළසේනාව යටතේ 1990 නොවැම්බර් මස 01 වන දින ආරම්භ කරන ලද මෙම ඒකකයේ ප්‍රථම අණදෙන නිළධාරි ලෙස මේජර් ආර්පි විතාන ගැහේබ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි කටයුතු කරන ලද අතර, එවකට බළඇණි පසුමුලස්ථානය මඩකලපුව පුලියන්තව් දිවයිනේ පිහිටුවන ලදි. 1993 සැප්තැම්බර් මස 13 වන දින ප්‍රථම වරට ඒකක සංවත්සර උත්සවයක් අණදෙන නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

මෙසේ ක්‍රියාන්විත රාජකාරි ඉතාමත් උසස් අන්දමින් මෙම ඒකක විසින් ඉටු කරමින් මඩකලපුව ප්‍රදේශයේ සිටි ත්‍රස්ථවාදින්ගේ සියලුම උපායන් ව්‍යාර්ථ කිරිමට හැකියාව ලැබුණි. එලෙසින්ම එවකටද පාලනමය කටයුතු හා ක්‍රිඩා කටයුතු වලදිද මෙම ඒකකය විශේෂ දක‍ෂතාවයන් දක්වමින් 1996 වර්ෂයේදි පැවැති අන්තර් ඒකක ජවන හා පිටිය මළල ක්‍රිඩා තරගාවලියේදි අනෙකුත් සියලුම ඒකක අභිබවා දම බළඇණිය ලෙස අභිෂේක ලබන ලදි.

ඒකක ඉතිහාසය රන් අකුරින් ලියමින් 1999 ජනවාරි මස 23 වන දින යුද්ධ හමුදාධිපති තුමන් වන ලූතිතන් ජෙනරාල් සීඑස් වීරසූරිය ඒකක සංචාරයේ නියැලෙන ලදි.

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
මේජර් ආර්පි විතාන - ගැහේබ 1992.01.15 1992.04.01
ලුති කර්නල් ආර්පි විතාන - ගැහේබ 1992.04.01 1996.03.26
මේජර් එස්පි ගුණසේකර - පොදුසේබ 1996.03.26 1997.03.01
ලුති කර්නල් එස්පි ගුණසේකර - පොදුසේබ 1997.03.01 1997.05.15
මේජර් ඒසිඩබිඩබිඑම්එල් කොස්වත්ත -ශ්‍රිලංසිරේ 1997.05.15 2001.04.15
මේජර් පිඑම් ධනරංජන - පොදුසේබ 21.05.2007 27.10.2007
මේජර් එම්එච්එම්එල්එස්කේ වීරසේකර - ශ්‍රිලපාහ 2002.04.13 2005.07.01
ලුති කර්නල් එම්එච්එම්එල්එස්කේ වීරසේකර- ශ්‍රිලපාහ 2005.07.01 2006.03.07
මේජර් ඩීඑන් හෙට්ටිආරච්චි - ශ්‍රිලංජාආබමු 2006.03.07 2007.06.15
ලුති කර්නල් ඩීඑන් හෙට්ටිආරච්චි - ශ්‍රිලංජාආබමු 2008.06.04 2008.07.18
මේජර් එචිඑස් ජයරත්න - ශ්‍රිලංජාආබමු 2008.06.04 2008.07.18
මේජර් එචිඑම්එල්කේ අමුණුගම - ශ්‍රිලංසිරේ 2008.07.18 2009.09.02
ලුති කර්නල් එචිඑම්එල්කේ අමුණුගම - ශ්‍රිලංසිරේ 2009.09.02 2009.11.02
මේජර් ටිආර් ජුමාර් - ශ්‍රිලංජාආබමු 2009.11.02 2012.09.27
ලුති කර්නල් ටිආර් ජුමාර් - ශ්‍රිලංජාආබමු 2012.09.27 2015.01.21
ලුති කර්නල් ඒටි හජ්ජි - ශ්‍රිලංජාආබමු 2015.01.21 2015.01.21
මේජර් පිඩිඑල් ද අල්විස් - ශ්‍රිලංජාආබමු 2019.02.22 මේ දක්වා

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් ඩිඒඑම්බි දිසානායක ශ්‍රිලංසිරේ 1995.12.01 1997.07.10
මේජර් එස්ඩබිඩබි දැරනියගල - ශ්‍රිලංසිරේ .1997.07.10 2002.07.03
මේජර් ඩබ්සි පෙරේරා - ශ්‍රිලංකාහ 2002.07.03 2005.03.31
මේජර් එම්කේඑච් මායාසිංහ - ගරෙ 2005.03.31 2006.09.30
මේජර් ආර්ඒටි රණසිංහ - විපාරෙ 2006.09.30 2007.05.21
මේජර් විඑස් කුමාරවංශ - ගරෙ 2007.05.21 2007.10.27
මේජර් එචිඑස් ජයරත්න - ශ්‍රිලංජාආබමු 2007.10.27 2011.07.20
මේජර් ඒටි හජ්ජි - ශ්‍රිලංජාආබමු - ශ්‍රිලංජාආබමු 2011.07.20 2013.01.22
මේජර් ජේආර්සිටිජේ බංඩාර - ශ්‍රිලංජාආබමු 06.05.2013 08.08.2013
මේජර් ආර්එම්ඒබි හේරත් - ශ්‍රිලංජාආබමු 2013.08.08 2015.01.21
මේජර් ඒපිටිඑස් අත්තනායක - ශ්‍රිලංජාආබමු 2015.01.21 2015.10.19
මේජර් එස්අයිඑස් අලවි - ශ්‍රිලංජාආබමු 2015.10.19 2017.08.29
මේජර් බිඑම්සි වන්නිනායක - ශ්‍රිලංජාආබමු 2017.08.29 මේ දක්වා
වර්තමාන පිහිටීම