Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 8ශ්‍රීලංජාආබමු

8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව සාර්ථකව නිමකරන ලද එල්ටිටිඊ ත්‍රස්තවාදයෙන් නැගෙනහිර පලාත මුදා ගැනීමෙන් පසු අවතැන් වූ සිවිල් වැසියන් පදිංචිකරවීම සහ ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමත් මුදාගත් ප්‍රදේශවල බළය තහවුරුකර ගැනීම අරමුණුකර ගනිමින් මෙම ඒකකය 2007 අගෝස්තු මස 15 වන දින නිලධාරීන් විසි දෙදෙනෙකු ගෙන් හා සෙසු නිලයන් 615 දෙනෙකුගෙන් යුතුව ආරක‍්ෂක සේනාංක මූළස්ථානය නැගෙනහිර බළ ප්‍රදේශයේ 23 සේනාංක මූළස්ථානය යටතේ 232 බළසේනා මූළස්ථානය තොප්පිගල ප්‍රදේශයේ ස්ථානගත කරන ලදී.

මුදාගත් වර්ග කිලෝමීටර් 408 කින් යුත් ගම්මාන 54 ක පදිංචි සිවිල් වැසියන් 12808 ක ප්‍රමාණයකට ආරක‍ෂාව සපයමින් ඔවුන්ගේ එදිනෙදා ගොවිතැන් කටයුතු කිරීම සහ ගවපට්ටි පාලනය වැනි කටයුතු සදහා මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් සිවිල් ජන ජීවිතය නගා සිටුවීම ඒකකය වෙත පැවරුණ ප්‍රධාන කාර්‍ය වේ. ප්‍රදේශය ඓතිහාසික සිද්ධස්ථානයක් වන තොප්පිගල වෙත රැකවරණය ලබාදිමත් නවතමයෙන් ස්ථාපිත තොප්පිගල වික්‍රමාන්විත උද්‍යානය හා ගවේෂණාත්මක මධ්‍යස්ථානය වෙත පැමිණෙන අයවඵන් හට මාර්ගෝපදේශකත්වය ලබා දීමත් අමතර කාර්යයන් වේ.

ඒකකයේ ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් ලූතිතන් කර්නල් ආර්ඒටී රණසිංහ ආර්එස්පී විපාරෙ ජ්‍යෙෂ්ඨ නිළධාරි නායකත්වය ලබාදෙමින් පුරා වසර 03කට ආසන්න කාලයක් රාජකාරි කර ඒකකය නව දියුණුවක් කරා ගෙන ඒමෙන් පසු 2010 මැයි මස 26 වන දින ලුතිතන් කර්නල් එල් කලංසූරිය ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත අණදෙන නිළධාරි රාජකාරි භාරදෙන ලදි.

වත්මන් අණදෙන නිළධාරි එම තනතුරේ රාජකාරි හොබවමින් බළඇණිය නව මාවතකට ගෙන එමින් ඒකකයේ සමිපූර්ණ පරිපාලන අවශ්‍යතා සපුරමින් මෙහි දක්වා රාජකාරි කරනු ලබයි.

මෙම ඒකකය බළ ප්‍රදේශය තුල ස්ථානගත වන විටද පැවති යුධමය වාතාවරණය හේතුවෙන් බළ ප්‍රදේශයේ ත්‍රස්ථවාදින් විසින් යුධ සමයේ අටවා තිබු මර උගුල් සියල්ලම ඒ අයුරින්ම පැවති බවත් මෙම ඒකක භඨ පිරිස් මුර සංචාර හා සීමිත ක්‍රියාන්විත මගින් නිසැක කිරිමි හා ත්‍රස්ථවාදින් අතහැර දමා ගොස් තිබු කදවුරු සියල්ල විමර්ශණය කර පහත සදහන් දෑ අත්අඩංගුවට ගෙන නව බළඇණියක් වශයෙන් ස්ථාපිත මෙම ඒකකය විශිෂ්ඨ කාර්යයභාරයක් ඉටුකරන ලදි.

අණදෙන නිලධාරි වරුන්

මේජර් ආර්ඒටි රනසිංහ ආර්එස්පි -විපාරේ
15.08.2007 - 24.05.2010

ලුතිතන් කර්නල්කලන්සුරිය- ශ්‍රිලංජාආබමු
24.05.2010 - 02.02.2015

මේජර් යුවිසි පුෂ්පසිරි- ශ්‍රිලංජාආබමු
02.02.2015 - මේ දක්වා

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් ඩබ්ලිව්ඒඑස්එල් විසුම්පෙරුම - ශ්‍රිලංජාආබමු 18.10.2007 17.04.2008
මේජර් ඩිඑස්ආර් විර්කෝන් - විපාරෙ 17.04.2008 30.10.2008
මේජර් ඩබ්ලිව්ඒඑස්එල් විසුම්පෙරුම - ශ්‍රිලංජාආබමු 30.10.2008 20.04.2011
මේජර් එස්එම්පි බණ්ඩාර - ශ්‍රිලංජාආබමු 20.04.2011 10.08.2011
මේජර් ඩබ්ලිව්ඒඑස්එල් විසුම්පෙරුම - ශ්‍රිලංජාආබමු 10.08.2011 04.01.2012
මේජර් එස්එම්පි බණ්ඩාර - ශ්‍රිලංජාආබමු 04.01.2012 16.07.2014
මේජර් ඩබ්ලිව්ඒඑල්ඒ කුමාර - ශ්‍රිලංජාආබමු 16.07.2014 Up To Now

වර්තමාන පිහිටීම