Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 7ශ්‍රීලංජාආබමු

7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වේච්ජා බළසේනාවේ එකම රෙජිමේන්තුව වන ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුඑවේ අභිමානවත් ඒකකයක් ලෙස 7 වන බළඇණිය ශ්‍රිලංකා ජාතික ආරක‍්ෂක බළමුළුව නැගෙනහිර මාණුෂිය මෙහෙයුම වෙනුවෙන්ම 2007 ජුලි මස 23 වන දින නගාසිටුවන ලදි. ඒකකයේ ප්‍රථම අණදෙන නිළධාරී ලෙස මේජර් එස්එම් කළුආරච්චි ශ්‍රීලංජාආබමු ද දෙවන අණදෙන නිළධාරී ලෙස මේජර් බීආර්ඩබ්ලිව්එම්ආර්ඒබී තෝරදෙනිය ශ්‍රීලංජාආබමු ද ඒකක විධායක අධිකාරී ලෙස කපිතන් කේඒඩීපීබීී කුමාරසිංහ ශ්‍රීලංජාආබමු ද උපකරණ පාලන නිළධාරී ලෙස ලුති(උපා) කේඒ ගුණතිලක ශ්‍රීලංඉ යන නිලධාරීද පත්වන ලදි. තවද මෙම ඒකකයේ ප්‍රථම රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස 4 (සෙවි) ශ්‍රීලංඉ ඒකකයට අයත් බනි 1 කේජී වික්‍රමආරච්චි පත්කරන ලදි.

ඒකක ආරම්භ සාමාජිකයින් වශයෙන් අනෙකුත් ශ්‍රිලංජාආබමු ඒකකයන් වෙතින් නිළධාරීන් 15 දෙනෙකු හා සෙසුනිළයින් 575 දෙනෙකු ඇතුලත් කරන ලදි. ඒකකය 22 සේනාංක මුලස්ථානය යටතේ 221 බසේමු වෙත අනුයුක්තව මොරවැව නාමල්වත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ස්ථානගතවන ලදි.

ඒකක ආරම්භයේ සිටම ක්‍රියාන්විත රාජකාරි සඳහා ඒකක භඨ පිරිස් යොදවා සිටි අතර, පැවරී තිබු රාජකාරිය වුයේ සීමිත ක්‍රියාන්විත සිදුකර සතුරාගේ ක්‍රියා කාරකම් අඩපන කිරිමයි. එසේ රාජකාරි කරමින් සිටියදි 2007 ඔක්තෝබර් මස 04 වන දින ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්ව සෙ/2007වීඑෆ්ආර් 27913 ආසෙ රත්නායක ආර්එමිසිආර් යන රණවිරුවා මවු බිම බෙරාගැනිමේ මානුෂිය මෙහෙයුමෙදි මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ ප්‍රථම ඒකක සාමාජිකයා වන්නේ මොහුය.

නැගෙනහිර මානුෂිය මෙහෙයුම නිමා වීමෙන් පසු වන්නි මානුෂිය මෙහෙයුම සදහා 2008 ජූලි මස 05 වන දින කොක්කුතුඩුවායි ඉදිරි ආරකේෂක වලල්ලේ රාජකාරී සෙදහා මොරවැව සිට ස්ථාන මාරුවීම් ලැබ ප්‍රමු වැලිඔය යටතේ 224 බසේමු වෙත අනුයුක්තව කොක්කුතුඩුවායි හී ස්ථානගතවන ලදි. නිත්‍ය ඒකක සමගින් උරෙන්උර ගැටී වන්නි මානූෂීය මෙහෙයුම සදහා ඒකක භඨ පිරිස් දිවා රෑ නොබලා තම තුරුණු දිවිය මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් කැපකරන ලදි.

අණදෙන නිලධාරි වරුන්

ලුති කර්නල් එච්කේඩීඩබ්ලිව් වෛද්‍යතිලක - ශ්‍රිලංජාආබමු
30.11.2007 - 15.03.2012

ලුති කර්නල් පීඑච්එන්එච් පෙරේරා - ශ්‍රිලකාහ
06.03.2012 - 15.01.2017

මේජර් ආර්ආර්එස් හිදගල පෙරේරා - ශ්‍රිලංසීරේ
16.01.2017 - 27.07.2017

මේජර් ආර්ඩීසී මුණසිංහ - ශ්‍රිලංජාආබමු
28.07.2017 - මේ දක්වා

දෙවන අණදෙන නිලධාරි වරුන් - 7ශ්‍රීලංජාආබමු

Name From To
මේජර් ඒඑම්එස්සී අලහකෝන් - ශ්‍රීලංජාආබමු 13.08.2009 11.10.2012
මේජර් එන්ඩබ්ලිව් දහනායක - ශ්‍රීලංජාආබමු 12.10.2012 06.04.2014
මේජර් ඩීඑල්වයිඒ ලක්පුර - ශ්‍රීලංජාආබමු 07.04.2014 14.07.2016
මේජර් එච්එම්කේඑන් හේරත් - ශ්‍රීලංජාආබමු 15.07.2016 19.08.2016
මේජර් ඒපීටීඑස් අත්තනායක - ශ්‍රීලංජාආබමු 20.08.2016 06.10.2019
මේජර් ඒඩබ්ලිව් ශාන්තලාල් - ශ්‍රීලංජාආබමු 07.10.2019 මේ දක්වා

Present Deployment