Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 5ශ්‍රීලංජාආබමු

5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

‍1990 වර්ෂයේ මැද භාගයේ උත්සන්න වු ඊලාම් වර්ගවාදින්ගේ මිලේච්ඡ ක්‍රියා මැඩ පැවැත්වීම සදහා අවශ්‍ය වු භඨපිරිස් ඌණතාවය වෙනුවෙන් සේනාංක, බළසේනා සහ ආඥා ප්‍රදේශ මුලස්ථාන මට්ටමින් ස්වේච්ඡා බළසේනාව වෙත ආධුනික සෙබලුන් බදවා ගැනිමට එවකට 2 වන සේනාංකාධිපතිව සිටි දිවංගත ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ යෝජනාවක් අනුව ත්‍රිකුණාමලය, අම්පාර, වව්නියාව,අනුරාධපුරය, පොලොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි පිහටි මායිම් ගම්මාන ආරක‍ෂා කිරිමේ කාර්ය්‍ය සදහා මුර බළඇණි නමින් බළඇණි 05 ක් ආරම්භ කර එම ප්‍රදේශයන් තුලම සිටින තරුණයින් ස්වේච්ඡා බලසේනාවට බදවාගෙන ගම්මාන ආරක‍ෂා කිරිමේ රාජකාරින් වල නිරත කරවන ලදි. ඒ අනුව 1990 නොවැම්බර් මස 01 දින මේජර් ඩීඑස්සි ගනේගොඩ කේඑස්වි ශ්‍රීලයුසේබ යන ජ්‍යෙෂ්ඨ නිිළධාරිගේ අණදීම යටතේ ආරම්භ වූ මෙම ඒකකය තම ඒකක මූලස්ථානය 3 ශ්‍රීලයුුසේබ තිසාවැව කදවුරේ කොටසක පිහිටුවා ගනිමින් එවකට සම්බන්ධිකරණ මූලස්ථානය අනුරාධපුර යටතේ පාලනය වූ අනුරාධපුර දිස්තික්කයේ බටහිර හා අනුරාධපුර නැගෙනහිර වශයෙන් තිබු කොට්ඨාශ දෙකකට අයත් හොරොව්පොතාන, පරංගියාවාඩිය, දියතිත්තවැව, දෙමටවැව, යාංඔය, විල්පත්තුව, පේමඩුව, කටුපොත, දුණුමඩලාව, තන්තිරිමලය,ගජසිංහපුර, විජයගම, ජයලත්ගම හා මාන්කුලම් යන මායිමි ගමිමාන වල රාජකාරිකල 3 ශි්‍රලසසබ, 5(සෙව්)ශ්‍රීලංසිිරෙ, 5(සෙව්) ගරෙ හා 2(සෙව්) විපාරෙ යන ස්වෙච්ඡා ඒකක වලට අනුයුක්ත කර තම භඨපිරිස් රාජකාරියේ යෙදවීමට සිදුවිය.

‍1990 අගෝස්තු මස 24 දින 5 වන මුර බළඇණියේ ආරම්භක සාමාජිකයින් වශයෙන් එක්වූ භඨපිරිස් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ත්‍රස්තවාදී තර්ජන බහුලව පැවති මායිම් ගම්මාන වල අනුකණ්ඩ ස්ථාපිත කර තිබූ 3 ශ්‍රිලසසබ, 5(සෙව්)ශ්‍රීලංසිරෙ, 5(සෙව්) ගරෙ හා 2(සෙව්) වීපාරෙ යන ඒකක භඨපිරිස් හි සහය සදහා යාකරන ලදි. ප්‍රථමයෙන් ඔවුන්ගේ පුද්ගලික අවිය වශයෙන් 303 අවිය නිකුත් කරන ලද අතර, කුඩාමල්ල හා මහමල්ල ඔවුන්ගේ සෙසු ආම්පන්න විය. අත් කොට රට වෙරඵපැහැ නිල ඇදුම හා රට වෙරඵ පැහැ මඩ කාකි ඇදුම හා තොප්පිය නිල ඇඳුම විය. සෙබලුන්ගේ පාලන කටයුතු පිලිබදව සොයා බැලිම සදහා පත්කර සිටින ලද්දේ කපිතන් කේපි සෙනවිරත්න ශ්‍රීලසසබ යන නිලධාරි පමණි. එම තත්වය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙමින් 1991 වර්ෂයේ ආරම්භයත් සමගම ඒකකය වෙත අණදෙන නිලධාරිගේ ආගමනය සිදුවිය. ඒකක භඨ පිරිස් වෙත පුරෝගාමි බලකායේ අංකයන් නිකුත් කර එම රෙජිමේන්තුවේ ලාංඡන පැලදීමට අනුමැතිය ලැබුනි. 1991 වසරේ මැදභාගය වනවිට 303 අවිය වෙනුවට එස්එල්ආර් අවිය ආදේශ වූ අතර සමහර සෙනීන්ගේ පුද්ගලික අවිය ලෙස ජි 3 ඒ 3 අවිය නිකුත් කරන ලදි.

‍1991 නොවැම්බර් මස 01 දින දින 5 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක‍්ෂක බලමුඵවේ උපත සිදුවීමත් සමග නවීන අවි ආයුධ වලින් සන්නද්ද වීම, උසස්වීම් සිදු කිරීම, යුද හමුදා පාඨමාලාවන් ලැබීම, ඇදුම් ආයිත්තම් ලැබී තමන්ටම ආවේණික ලාංඡන ධජ ලැබීමෙන් ඒකකයේ සෙබඵන් තුල චිත්ත ධෛර්‍ය වර්ධනය විය. මෙහි පහත නම් සදහන් නිලධාරින් තිදෙනා කෙඩෙට් නිලධාරි පාඨමාලාව අවසානයේ 2/ලුතිතන් වරුන් වශයෙන් 1991 දෙසැම්බර් මස 07 වන දින එකකයේ ප්‍රථම නිලධාරින් වශයෙන් පැමිණිම ඒකකයට ආභරණයක් විය.

‍නි/3601 2/ලූතිතන් එන්යුජෙඑස් ගුණවර්ධන
නි/3611 2/ලූතිතන් කේකේ සුදර්ශණ
නි/3617 2/ලූතිතන් බීආර්ඩබ්එම්ආර්ඒබ තෝරදෙනිය

ත්‍රස්තවාදී තර්ජන පැවති ගම්මාන ආරක‍ෂා කිිරීමේ රාජකාරියෙන් මිදී එඩිබල යුද හමුදා ක්‍රියාන්විතය සදහා එක්වෙමින් වසර 16 ක් පුරාවට වව්නියාව, මන්නාරම සහ පූනරින් යන ප්‍රදේශයන්හි රාජකාරි කිරීමට හැකිවීම තුලින් ඇතිවූ අත්දැකිම් ඒකකයේ සාර්ථකත්වයට ඛෙහෙවින් බලපාන ලද බව මෙහිලා සදහන් කල යුතුව ඇත.

අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
ලුතිතන් කර්නල් ඩිඑස්සි ගනේගොඩ ආර්එස්පි- ශ්‍රිලංයුසේ‍බ 01.11.1990 26.08.1996
ලුතිතන් කර්නල් එල්සි පෙරේරා - ශ්‍රිලපහ 27.08.1996 15.12.1997
මේජර් ඩිඑමිඑබි දිසානායක-ශ්‍රිලංජාආබමු 16.12.1997 23.06.1999
ලුතිතන් කර්නල් ජෙවි සිරිවර්ධන - ශ්‍රිලංජාආබමු 07.08.2002 14.11.2005
ලුතිතන් කර්නල් ඒජේ ගුණවර්ධන ආර්එස්පි - ශ්‍රිලංසිරේ 28.01.2005 24.04.2008
මේජර් ජේඑස්බි රත්වත්ත - ගරේ 14.11.2008 29.06.2010
ලුතිතන් කර්නල් බිආර්ඩබිලිවිඑමිආර්බි තෝරදෙනිය - ශ්‍රිලංජාආබමු 30.06.2010 11.12.2012
මේජර් ඒඑස්පි ද සිල්වා - ශ්‍රිලංජාආබමු 11.12.2012 18.08.2016
මේජර් ඩිඑස්කේ සේනාරත්න- ශ්‍රිලංජාආබමු 18.08.2016 2017.07.20
මේජර් එල්ආර් ටීබීපී බණ්ඩාර - ශ්‍රිලංජාආබමු 2017.07.21 2020.08.04
මේජර් එම්වී ප්‍රනාන්දු -ශ්‍රිලංජාආබමු 2020.08.05 මේදක්වා

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් ජේවි සිරිවර්ධණ - ශ්‍රිංජාආබමු 16.01.1996 23.06.1999
මේජ්ර් ඒඑස් සේනාරත්න - ශ්‍රිලංසිරෙ 24.06.1999 14.02.2000
මේජර් ඒජේ ගුණවර්දණ - ශ්‍රිජලසිරෙ 15.02.2000 07.08.2002
මේජර් ඒස්ඒඑල්අයි පෙරේරා -ශ්‍රිලංකාහ 07.08.2002 14.11.2005
මේජර් එම්යුජේඑස් ගුනවර්ධණ - ශ්‍රිලංජාආබමු 15.11.2005 14.03.2006
මේජර් ජේකේ සුදර්ශණ - ශ්‍රිලංජාආබමු 15.03.2006 07.11.2006
මේජර් ආර්එම් එස්එල්ආර් ගමගෙදර - ශ්‍රිලංජජාආබමු 07.12.2006 27.03.2007
මේජර් ජේකේ සුදර්ශණ - ශ්‍රිලංජාආබමු 27.03.2007 30.10.2007
මේජර් ආර්එම් එස්එල්ආර් ගමගෙදර - ශ්‍රිලංජජාආබමු 30.03.2007 11.10.2007
මේජර් ජේකේ සුදර්ශණ - ශ්‍රිලංජාආබමු 11.10.2007 12.12.2008
මේජර් ඩියු විරසිංහ - ශ්‍රිලංජාආබමු 12.12.2008 08.07.2009
මේජර් බිඒස ඈපාආර්ච්චි - ශ්‍රිලංසිරෙ 08.07.2009 01.03.2010
මේජර් ඩිආර් තාරුකරත්න - ශ්‍රිලංජාආබමු 01.03.2010 03.12.2010
මේජර් ඒඑස්පි සිල්වා - ශ්‍රිලංජාආබමු 03.12.2010 12.11.2012
මේජර් ඩිආර් තිලකරත්න - ශ්‍රිලංජාආබමු 18.02.2013 25.08.2015
මේජර් ඩිඑස්කේ සේනාරත්න - ශ්‍රිලංජාආබමු 25.08.2015 18.08.2016
මේජර් එච්එච්එස්පි කුමාර - ශ්‍රිලංජාආබමු 18.08.2016 2017.07.21
මේජර් අයිජිආර් දම්මික- ශ්‍රිලංජාආබමු 18.08.2016 මේ දක්වා

වර්තමාන පිහිටීම