Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 4ශ්‍රීලංජාආබමු

4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

‍මායිම් ගම්මාන වැසියන් ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් මුදවාගෙන රට එක්සේසත් කිරීමේ අරමුණින් 1990 වර්ෂයේ අග භාගයේ දී මුර බළඇණි නමින් ඒකක කිහිපයක් පිහිටුවා ප්‍රාදේශීය මට්ටමින් ආධුනික සෙනීන් බදවා ගැනීමට කටයුතු කරන ලදි. එසේ ආරම්භ කරන ලද ඒකක අතුරින් 4 වන මුර බළඇණිය ආඥා ප්‍රදේශ මුලස්ථානය වන්නි කේන්ද්‍ර කොට ගනිමින් 1990 අගෝස්තු 17 වන දින බිහිවු අතර මෙම ඒකකය ආරම්භයේ දී පාලන නිලධාරී ලෙස පැමිණි ලූතිතන් සීඑම් මුදියන්සේ යුඑස්වී ශ්‍රිලයුසේබ හා ආධුනිකයන්ගෙන් පමණක් සමන්විත වු අතර සෙනීන් රාජකාරී සදහා වෙනත් ඒකක වෙත ඇතුළත් කරන ලදී. එම සෙනීන් වැලිඔය, මන්නාරම, පුත්තලම, මුලතිව් හා වෙත්තලකර්නි වැනි උතුරු කරයේ විශාල ප්‍රදේශයක විහිදී රාජකාරී ඉටුකරන ලද අතර 1990 නොවැම්බර් මස 01 වන දින බළඇණියක් වශයෙන් ස්ථාපිත කරන ලදි.

‍සෙබළුන්ගේ පාලන කටයුතුදහා ඒ වන විට ඒකකයේ සිටින ලද්දේ අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් ජි විජේරත්න ගරෙ හා ලූතිතන් (උපා) ඩීඑම් මුදියන්සේ ශ්‍රිලයුසේබ යන නිළධාරින් පමණි. 1991 පෙබරවාරි මාසයේ දී ලූතිතන් එම්ඒ විරවංශ ජාශිබ හා වැටුප් හා විශ්‍රාම වැටුප් පදනම මත බදවාගත් ජෙකොනොනින් කිහිපදෙනෙකු ඒකකය වෙත පැමිණෙන ලදි. අනාරක‍ෂිත ප්‍රදේශයේ සිට ආරක‍ෂක ප්‍රදේශය කරා ගමන් කළ කාන්තාවන් පරීක‍ෂා කිරිම සෙදහා සෙබළියන්ද බදවා ගන්නා ලදි. 1991 මැද භාගය වන විට ඒකකය වෙත කපිතාන් එන් බර්ට්‍රිරම් ශ්‍රිලංයුහපොදුසේබ එක් වු අතර පරිපාලනය ක්‍රමවත් කිරීම සදහා වැලිඔය ස්ථානගතව සිටි සෙබළුන් 7 වන මුර බලඇණිය වෙත ඇතුළත් කරන ලදි. ඒකක නාමය 4 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළළුව වශයෙන් නගාසිටුවන ලදි. 1992 පෙබරවාරි මස ඉදුරාම ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බළසේනාව වෙත කෙඩෙට් නිලධාරීන් ලෙස බදවා ගන්නා ලද නිළධාරින් දෙදෙනෙකු වන 2/ලූතිතන් එම්එම්ඒඑම් නිශ්ශංක, 2/ ලූතිතන් ආර්බීයූසීකේ රත්නමලල ඒකක වෙත 1991 දෙසැම්බර් මස 07 වන දින ඇතලත් කරන ලදි.

‍1993 පෙබරවාරී මස ප්‍රථම විධායක අධිකාරි ලෙස නිත්‍ය හමුදාව වෙතින් ලූතිතන් ඒච්ජීසීඑම් කාරියවසම් ශ්‍රිලංකාහ පත්ව එන ලදි. 1992 දෙසැම්බර් මස ඒකකයේ අණ සහ පාලනය ස්වාධිනව ඉටුකරගෙන යාමදහා මඩුක්නද ප්‍රදේශයේ උපක්‍රමික මුලස්ථානයේ අණ හා පාලනය භාර ගැනීමට සිදු විය. ප්‍රථම වතාවට ඒකකයේම පාලනය යටතේ මෙම ඒකකයේ ඒකණ්ඩායම මඩුක්නද ප්‍රදේශයේ ආරම්භ කර ස්ථානගත කරන ලද අතර එහි නිළධාරි අණදෙන වශයෙන් කපිතන් එන් බර්ට්‍රිරම් පත්වන ලදි. මේ වන විට ඒකකයේ නිලධාරි සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගිය අතර බී හා සී වශයෙන් කණ්ඩායම් දෙක 2 (සෙව්) ශ්‍රිලංසිරෙ හා 3 (සෙව්) ශ්‍රිලංසිරෙ යටතේ සංවිධානය කර ක්‍රමවත් පාලනයක් ඇති කිරීමට හැකියාව ලැබිණි.

අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
ලුතිතන් කර්නල් ජි විජෙරත්න - ගරේ 15.05.1994 14.09.1996
ලුතිතන් කර්නල් ඒසි ඔබේසේකර - ශ්‍රිලංසිරේ 20.01.2000 16.07.2001
මේජර් ඒඑමිඩබිලිවි ධනංජය - විපාරෙ 15.09.1996 23.04.1997
මේජර් එම්එම් කුලතුංග - ශ්‍රිලපාහ 24.04.1997 23.01.2000
ලුතිතන් කර්නල් ඩබිලිවිඩබිලිවිඑමිජිආර් පෙරේරා - ශ්‍රිලංයුපොදුසේබ 24.01.2000 06.04.2005
මේජර් එල්බිඩිඑචිඑස් ලකෂ්මන් - ශ්‍රිලපාහ 07.04.2005 16.01.2007
ලුතිතන් කර්නල් එල්බිඩිඑචිඑස් ලකෂ්මන් ශ්‍රිලපාහ 15.06.2007 17.04.2008
මේජර් එස්ඒවයි පෙරේරා - ශ්‍රිලංජාආබමු 11.11.2008 22.10.2011
මේජර් යුඩිකේ ෆෙඩ්‍රික් - ශ්‍රිලංසිරේ 17.04.2008 08.07.2012
මේජර් ආර්එමිඑන් රත්නායක - ශ්‍රිලපාහ 09.07.2012 24.07.2013
ලුතිතන් කර්නල් ආර්එමිඑන් රත්නායක - ශ්‍රිලපාහ 24.07.2013 24.07.2016
මෙජර් එන්එමිසිපි නරසිංහ - ශ්‍රීලංජාආබමු 14.07.2016 මේ දක්වා

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් ඩබ්ලිව්එම්ජිආර් පෙරේරා - ශ්‍රිලංයුපොදුසේබ 10.09.1997 19.01.2000
මේජර් ඩබ්ලිව්ජෙපිකේ පෙරේරා - ශ්‍රිලංකාහ 20.01.2000 16.07.2001
මේජර් ටිටිපි සිල්වා - ශ්‍රිලංයුපුබ 16.07.2001 09.05.2002
මේජර් ජිඑච්යු බණ්ඩාරනායක - ශ්‍රිලංසිරෙ 10.05.2002 08.08.2006
මේජර් ඩබ්ලිව්කේඑම් නිශ්සංක - ශ්‍රිලංජාආබමු 09.08.2006 07.12.2007
මේජර් ටිඑස්බිආර් ප්‍රනාන්දු - ශ්‍රිලංජාආබමු 08.12.2007 23.04.2008
මේජර් ජිඑස්ආර් දිසානායක - විපාරේ 23.04.2008 15.07.2008
මේජර් එස්ඒවයි පෙරේරා - ශ්‍රිලංජාආබමු 11.11.2008 22.10.2011
මේජර් පිජි චද්‍රෙස්න - ශ්‍රිලංජාආබමු 23.10.2011 11.05.2014
මේජර් එන්ජි මාදුගොඩගේ - ශ්‍රිලංජාආබමු 12.05.2014 Up To Now

වර්තමාන පිහිටීම