Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 3ශ්‍රීලංජාආබමු

3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

‍අම්පාර ප්‍රදේශයේ තර්ජිත ගම්මාන ආරක‍ෂා කිරිමේ පරමාර්ථයෙන් යුතුව 1990 ජූලි මස 14 වන අම්පාර දිගාමඩුල්ලේදි පිහිටුවනු ලැබු මෙම ඒකකය 3 වන මුර බලඇණිය නම් විය. පසුව 1993 පෙබරවාරි මස මෙම බලඇණිය 3 වන බලඇණිය ශ්‍රීලංකා ජාතික ආරක‍ෂක බලමුළුව ලෙස නගාසිටුවන ලදි. මෙම ඒකකයේ ප්‍රථම අණදෙන නිලධාරි ලෙස ලුතිතන් කර්නල් ඒකේඊඒ ද සිල්වා ශ්‍රීලකාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි පත්වීම් ලැබීය.

‍1990 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ඒකක මූලස්ථානය අම්පාර තානායම් ගොඩනැගිල්ලේදී ආරම්භ කිරීමෙන් අනතුරුව අණදෙන නිළධාරි විසින් ලූතිතන් රාජපක‍ෂ සහ ලූතිතන් කරුණාරත්න යන නිලධාරින්ගේ සහය ඇතිව ඒකකයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කර ඇත. ඒකකය රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාස 05 ක් වැනි කෙටි කාලයක් තුළදී ජාතික ශීෂ්‍යභඨ බලකායෙන් මෙම ඒකකයේ රාජකාරි කටයුතු සදහා නිලධාරින් අනුයුක්ත කර ඇත. ඉන් පසුව ඒකකය වෙත ශ්‍රීලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් නිලධාරින් රපෝර්තු කරවීම ආරම්භ කර ඇත.

‍ත්‍රස්තවාදි ක්‍රීයාකාරකම් බහුලව පැවති නැගෙනහිර ප්‍රදේශයේ විවිධ ස්ථානයන් හි ස්ථාන ගතවෙමින් මහත් වු කැපවීමෙන් ක්‍රීයාන්විත රාජකාරින් හි නියැලූනු මෙම ඒකක භඨ පිරිස් ත්‍රස්තවාදින් විනාශ කරමින් ත්‍රස්තවාදින් සතු අවි ආයුධ හා යුධෝපකරණ අත් අඩංගුවට ගනිමින් ඉහල දක‍ෂතා දක්වා ඇත.

‍වර්ෂ 1999 එවකට 23 සේනාංකාධිපතිගේ උපදෙස් මත විශේෂ බලකායේ සහයෝගය ලබා ගනිමින් දිගුදුර විමර්ශන කණ්ඩායම් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව මෙම ඒකකය වෙත උදාවිය. ඒ අනුව විශේෂ බළකා පුහුණු පාසැල වෙතින් සෙනීන් 16 දෙනෙකු ප්‍රථමයෙන් එම පාඨමාලාව හදාරා ඒකකයට පැමිණිමෙන් පසු නි/3827 කපිතන් ටීඒසීටී තිලකරත්න ශී්‍රලංජාආබමු ඇතුළුව නිළධාරින් 04 ක් හා සෙසු නිළයින් 91 ක භඨ පිරිස් ප්‍රමාණයක් එම පාඨමාලාව හදාරන ලදි. එම පුහුණුව ලද කණ්ඩායම විසින් සිදුකරන ලද සීමීත ක්‍රියාන්විත හා කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත මගින් ඒකකය ලද ක්‍රියාන්විත ජයග්‍රහණ තුළින් ඒකකයට මහත් කීර්තියක් අත්විය.

‍ඒකකය ආරම්භයේ සිට මේ දක්වා වසර 23 ක ඉතිහාසය තුළ ත්‍රස්තවාදය පරාජය කිරිම සදහා ඒකකයේ සියළු නිළධාරින් හා සෙනින් උරදි කටයුතු කළ අතර, ත්‍රස්තවාදය පරාජය කර ඇති මේ මොහොතේ රටදැය වෙනුවෙන් සටන්කොට තම ජිවීතය පරිත්‍යාග කළ නිලධාරින් 03 සහ සෙසුනිලයින් 75 ක් ද නාමයන්ද තුවාල ලබා ආබාධිත තත්වයට පත් වු නිලධාරින් හා සෙසුනිලයින් 02 43 ගේ නාමයන්ද ඒකක ඉතිහාසය තුළ සනිටුහන්වී ඇති බව මහත් ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සදහන් කරමි.

අණදෙන නිලධාරි වරුන්

ලුතිතන් කර්නල් ඒකේඊඒ ද සිල්වා - ශ්‍රිලකාහ
14.07.1990 - 03.10.1995

ලුතිතන් කර්නල් ආර්වි සමරතුන්ග - විපාරෙ
03.10.1995 - 10.03.1996

ලුතිතන් කර්නල් පිපි විජේසිංහ - ශ්‍රිලංකාහ
11.03.1996 - 09.03.1997

ලුතිතන් කර්නල් ඒඑස්යුඑල් ගිගනගේ-ශ්‍රිලංයුපුබ
10.03.1997 - 28.05.1998

ලුතිතන් කර්නල් වන්නිආරචිචි -ශ්‍රිලංයුපො‍දුසේබ
29.05.1998 - 21.02.2001

මේජර් ජයවිර- ශ්‍රිලපාහ
24.04.2001 - 06.10.2003

ලුතිතන් කර්නල් ඩි පිටිගල -ශ්‍රිලංයුපොදුසේබ
07.10.2003 - 12.08.2007

ලුතිතන් කර්නල් ඩිඑමිපිබි දිසානායක -විපාරෙ
13.08.2007 - 28.07.2010


ලුතිතන් කර්නල් ඒජිඑස්ඒ කුමාර- ශ්‍රිලංජාආබමු
28.07.2010 - 19.05.2015

මේජර් එස්එස්එමි දිසානායක- ශ්‍රිලංජාආබමු
19.05.2015 - UP TO NOW

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් කේඑස් කොඩිකාර - ශ්‍රිලකාහ 17.07.1996 28.07.1997
මේජර් ඩබ්ලව්ඩිඩි කුමාරසිරි - ශ්‍රිංජාආබමු 28.07.1997 16.04.1999
මේජර් එච්එම්එස් කුමාරසුරිය - ශ්‍රිලංසිරෙ 01.05.1998 19.06.2000
මේජර් එස්බි කොහොන - ශ්‍රිලංසිරෙ 19.06.2000 28.09.2001
මේජර් ඩබ්ලිව්පිකේ ප්‍රියන්ත - ශ්‍රිලංකාහ 28.09.2002 28.02.2004
මේජර් ඩ්එම් රත්නායක - ශ්‍රිලංසිරෙ 29.02.2004 31.12.2005
මේජර් පිබිජි විතානගේ - ශ්‍රිලංජාආබමු 01.01.2006 29.04.2008
මේජර් ටිආර් ජුමාර් ශ්‍රිලංජාආබමු 30.04.2008 28.10.2009
මේජර් ඩබ්ලිව්සි කුමාරසුරිය - ශ්‍රිලංජාආබමු 29.10.2009 05.08.2011
මේජර් ජේඑම්යු ආර් ගුණසේකර - ශ්‍රිලංජාආබමු 06.08.2011 05.02.2012
මේජර් ඩබ්ලිව් සී කලන්සූරිය - ශ්‍රිලංජාආබමු 06.02.2012 13.05.2012
මේජර් ජේඑම්යුආර් ගුණසේකර - ශ්‍රිලංජාආබමු 14.05.2012 21.01.2016
මේජර් එච්පි සමරකෝන් - ශ්‍රිලජාආබමු 21.01.2016 Up To Now

වර්තමාන පිහිටීම