Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 2ශ්‍රීලංජාආබමු

2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

‍දෙවන ඊලාම් යුද්ධය ආරම්භයත් සමග, නැගෙනහිර පලාතේ පැවති යුධමය තත්වය මැඩපැවැත්වීම වස් ස්වේච්ඡා බළසේනාවට තවත් ස්වේච්ඡා ඒකකයක අවශ්‍යතාවය ඇති වූ හෙයින් 2 වන මුර බළඇණිය නමින් ස්වේච්ඡා ඒකකයක් නැගෙනහිර පලාතේ ත්‍රීකුණාමළය දිස්ත්‍රික්කය ආරක‍ෂාව සදහා නගා සිටුවන ලදි.

1990 ජූලි මස 15 වන දින මුලින්ම මෙම බළඇණිය වෙතට ආධුනික සෙබළුන් 844 දෙනෙකු බදවා ගන්නා ලද අතර, වෙනත් ඒකක වෙතින් නිළධාරින් 04 දෙනෙකු ඇතුලත් කරන ලදි. ආධුනික සෙනීන්ගේ මූලික පුහුණුවෙන් අනතුරුව ක්‍රියාන්විත රාජකාරී සදහා ත්‍රීකුණාමළය දිස්ත්‍රික්කය තුල ස්ථාන ගතකර තිබූ නිත්‍ය සහ ස්වේච්ඡා ඒකක වෙත රාජකාරි සදහා භඨපිරිස් යා කරන ලදි.

මෙසේ වෙනත් ඒකක වෙත යාකර රාජකාරින් හි යොදවා සිටි මෙම බලඇණිය 1990 ජූලි මස 15 වන දින ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති උතුමාණන් විසින් එතෙක් පැවති මුර බළඇණිය යන නාමය සංශෝධනය කර ශ්‍රී ලංකා ජාතික ආරක‍ෂක බළමුළුව නමින් නම් කර ශ්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ ස්වේච්ඡා ඒකකයක් ලෙස පිහිටුවන ලදි.

මෙම ඒකකය ආරම්භයේ 22 බළසේනාව යටතේ කෙසෙල්තුඩුව යුධ හමුදා කදවුරේ බළඇණි මුලස්ථානය ස්ථාන ගත කරන ලදි. එහිදී මේජර් ආර්එම්ඩී රත්නායක ශ්‍රීලයුසේබ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ප්‍රථම අණදෙන නිළධාරි වශයෙන් රාජකාරි අරඹන ලදි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල මෙම බලඇණිය වෙතින් සිදුකරනු ලැබු රාජකාරින් පුලූල් ලෙස ක්‍රමවත්ව ඉටුකිරිම හේතුවෙන් මාර්ග බාධක රාජකාරින් සදහා කාන්තාවන් පරික‍ෂා කිරිම අත්‍යවශ්‍ය වු බැවින් ප්‍රථම වරට මෙම බලඇණිය වෙතට ආධුනික කාන්තා සෙබලියන් 92 ක් බඳවාගෙන 22 බසේමු ත්‍රීකුණාමලය හි මුලික පුහුණුව හදාරා විසිර යාමෙන් පසු 1991 ඔක්තෝබර් මස 04 වන දින මෙම ඒකකය වෙත ඇතුලත් කරන ලදි.

නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ ඉතා දුෂ්කර ගමනක් ඉදිරියට යමින් තිබු මෙම බලඇණියේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරින්ගේ හිගතාවය මගහරවා ගැනිම සදහා 1993 මැයි මස 08 වන දින රෙම ගැහේබ වෙතින් ජ්‍යෙකොනොනින් 08 දෙනෙකු මෙම බලඇණිය වෙත යාකරන ලදි. බලඇණියේ අනන්‍යතාවය තහවුරු කිරිම වස් නිර්මාණය කරන ලද ඒකක ලාංඡනය සහිත ධජය ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනා මූලස්ථානය වෙතින් අනුමත කිරිමෙන් පසු 1993 පෙබරවාරි මස 25 වන දින 0920 පැයට යෙදුන සුභ මොහොතින් ප්‍රථම වරට අණදෙන නිළධාරි විසින් ඒකක ධජය ඔසවන ලදි.

අණදෙන නිලධාරි වරුන්

කර්නල් අයිආර්එම්ඩී රත්නායක - - SLASC
01.11.1990 - 08.10.1996

මෙජර් බීපී කුලරත්න - SLASC
09.10.1996 - 31.07.1997

මෙජර් ජේඊඑස් කොඩිකාර - SLA
01.08.1997 - 06.08.1998

මේජර් ඩීඑන් ද සොයිසා - ශ්‍රිලංජාආබමු
07.08.1998 - 13.12.1999

මේජර් පීඑස් වෙදගෙදර - SLASC
14.12.1999 - 17.11.2000

මෙජර් ආර්එම් පේමරත්නබංඩා යූඑස්පී - SLA
18.11.2000 - 05.11.2001

මේජර් එම්ඒඑස් මීගහකුඔුර - ශ්‍රිලංපාහ
06.11.2001 - 05.01.2002

මේජර් කේඩීඑස් වීරසිංහ ආර්එස්පී - ශ්‍රිලංපාහ
06.01.2002 - 28.04.2005


මේජර් ඩබ්ලිව්එම්පීඑස්ජේ වීරකෝන් - ශ්‍රිලංපාහ
29.04.2005 - 26.09.2007

ලුති කර්නල් ඩීඑස් සේනානායක - ශ්‍රිලංජාආබමු
27.09.2007 - 20.07.2010

ලුති කර්නල් පීබීජි විතානගේ - ශ්‍රිලංජාආබමු
11.09.2010 - 23.10.2013

ලුති කර්නල් ආර්බීයූසීකේ රත්නමලල - ශ්‍රිලංජාආබමු
24.10.2013 - 10.03.2016

මේජර් ඩීඒ අහමඩ් - ශ්‍රිලංජාආබමු
10.03.2016 - 09.03.2016

ලුති කර්නල් ආර්පීකේකේඑස් රණසිංහ - ශ්‍රිලංජාආබමු
10.03.2016 - මේ දක්වා

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් ඩබ්ලිව්ඩබිලිව්එම්පීආර් පෙරේරා - ශ්‍රිලංයුපොදුසේබ 05.01.1996 01.08.1996
මේජර් පිඑම් දණංජන - ශ්‍රිලංයුපොදුසේබ 20.09.1996 01.08.1997
මේජර් ඩබ්ලිව්ඩබ්ලිව් පෙරේරා - ගැහේබ 01.08.1997 14.05.1999
මේජර් ඩිඒසිඑස් ගුණරත්න - ගැහේබ 16.05.1999 16.12.1999
මේජර් එම්ඒඑස් මිගහකුඹුර - ශ්‍රිලපහ 16.12.1999 05.11.2001
මේජර් ඩබ්ලිව්සි පෙරේරා - ශ්‍රිලපාහ 06.11.2001 05.01.2002
මේජර් එම්ඒඑස් මිලහකුඹුර - ශ්‍රිලපාහ 0.01.2002 31.08.2002
මේජර් පිඒඑන් ලියනගේ ආර්ඩබ්ලිව්පි - ශ්‍රිලංසිරෙ 01.09.2002 09.08.2004
මේජර් ආර්එම්සිඑල්කේකේ රත්නායක - විපාරේ 10.07.2004 16.03.2006
මේජර් යුකේඑන් නන්දලාල් - ශ්‍රිලංජආබමු 17.03.2006 26.05.2007
මේජර් ජිටිපිකේ ජයකොඩි - ශ්‍රිලංජාආබමු 27.05.2007 18.10.2007
මේජර් පිඒඑන් වික්‍රමසිංහ - ශ්‍රිලංජාආබමු 19.10.2007 28.04.2009
මේජර් එච්එම්කේ දෙශප්‍රිය - ශ්‍රිලංජාආවමු 29.04.2009 10.04.2011
මේජර් ඩබ්ලිව්ඕසි ගුණවර්ධණ - ශ්‍රිලංජාආබමු 11.04.2011 24.04.2012
මේජර් එච්පිඅයි කුමාර - ශ්‍රිලංජාආබමු 25.04.2012 18.01.2012
මේජර් අයිසි සිල්වා - ශ්‍රිගංජාආබමු 25.04.2012 23.08.2014
මේජර් ජිඑල්ඒ ගුණසිරි - ශ්‍රිලංජාආබමු 24.08.2014 01.01.2017
මේජර් එම්ඩබ්ලව් වයිජිකෙ හාලියල - ශ්‍රිලංජාබමු 19.02.2017 මේ දක්වා

වර්තමාන පිහිටීම