Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 1ශ්‍රීලංජාආබමු

1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

රාජ්‍ය ආරක‍ෂක අමාත්‍යාංශයේ තීරණය අනුව හමුදා නියෝග ඒආර්ඕ/5189/බී/පිඊ/180/01 යටතේ ක්‍රියාත්මක වු ස්වේච්ඡා සහයක හමුදාව විසුරුවා හැර එහි සේවය කල අයවඑන්ගෙන් සැදුම්ලත් ස්වේච්ඡා ඒකක බිහිකිරිම සඳහා යුද්ධ හමුදාව තීරණය කරන ලදි. ප්‍රභූ ආරක‍ෂක රාජකාරීන් හී නියෙලෙන ලද සෙනීන් 4000 ක් පමණ ඇතුලත් කර 1989 නොවැම්බර් මස 01 දින මෙම ඒකකය මුර බලඇණිය ශ්‍රිලංකා යුද හමුදා පුරෝගාමි බළකාය නමින් කොළඹ 07 තුරග තරග පිටියේ ශ්‍රි ලංකා යුද හමුදා පුරෝගාමි බළකා කදවුරේදී නගාසිටුවන ලදි. එම අවස්ථාවේ ඒකකයේ අණදෙන නිළධාරි වශයෙන් මේඡර් එස් වේරගම ශ්‍රිලයුපුබ යන ජ්‍යෙෂ්ඨ නිළධාරී පත්කරන ලදි. නිළධාරින් ඌණතාවය මත නිත්‍ය හමුදා ජේකොනොනින් සෙසුනිළ අධිකාරියට පත්කර නිළධාරින් 13 කු 1990 පෙබරවාරි මසදී මෙම නව ඒකකය වෙත ඇතුලත් කරන ලදි. ඉන් අනතුරුව ස්වේච්ඡා බලසේනාවේ නිළධාරින් 04 දෙනෙකු එම වසරේ මැයි මසදී ඒකකය වෙත ඇතුලත් කරන ලදි.

1990 පෙබරවාරි මස 05 වන දින පලකරන ලද ගැසට් නිවේදනය මගින් ශ්‍රි ලංකා යුද හමුදාවේ ඒකකයක් වශයෙන් මුර බලඇණිය ශ්‍රි ලංකා යුද හමුදා පුරෝගාමි බළකාය නමින් නගා සිටුවීම සදහා අතිගරු ජනාධිපති උතුමන් විසින් අනුමැතිය ලබා දෙන ලදි. ඒ අනුව ඒකකය නගාසිටුවීමේ දි ප්‍රභූ ආරක‍ෂක සේවයේ යෙදි සිටි සෙනීන් හා බලසේනා මුලස්ථාන සමිබන්ධීකරණ මුලස්ථාන කදවුරු වල සේවයේ යෙදි සිටි සෙනීන් තවදුරටත් එම රාජකාරින් සඳහාම යොදවන ලදි. රුදුරු එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියා කාරකම් උග්‍ර වීමත් සමග ප්‍රභූ ආරක‍ෂක රාජකාරීන් හී නියුතුව සිටින ලද සෙනීන් ඒකකය වෙත ඇතුලත් කර ගැනීමට නියෝග ලබා දෙන ලදිග එම අවස්ථාවේදි සැලකිය යුතු භඨපිරිස් ප්‍රමාණයක් සේවයට වාර්ථා නොකල අතර අඩක් පමණ සේවයෙන් අස්වන ලදි. ඒ අනුව නිළධාරින් 110 ක් හා සෙසුනිළයින් 3640 න් සමන්විත මුර බළඇණිය ආරම්භ කරන ලදි.

මුර බලඇණිය ලෙස ආරමිභ කරන ලද මෙම ඒකකය 1990 නොවැම්බර් මස 01 දින සිට ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 1990 මැයි මස 11 වන දින දරණ ගැසට් පත්‍රය මගින් 1 වන ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බලමුළුව වශයෙන් පරිවර්ථනය කරන ලදි. ශ්‍රී ලංකා ජාතික ආරක‍්ෂක බලමුළුව නමින් ආරමිභ වන ලද සියළුම ඒකකයන් නගා සිටුවීම සදහා භඨ පිරිස් මෙම ඒකකය වෙතින් රපෝර්තු කරවන ලදි.

අණදෙන නිලධාරි වරුන්

ලුති කර්නල් එස් වේරගම ශ්‍රිලංයුපුබ -
01.11.1989 - 01.08.1995

ලුති කර්නල් අයිපීබී විජේරත්න - ශ්‍රිලංසීරේ
01.08.1995 - 27.08.1997

මේජර් එම්ජී රත්නායක -ශ්‍රිලංසීරේ
27.08.1997 - 18.11.1999

ලුති කර්නල් කේඩබ්වයි ජයතිලක - ශ්‍රිලංසීරේ
18.11.1999 - 25.04.2001

මේජර් ඒපීඩබ්ලිවිඩබ්ලිව්එම් කොස්වත්ත - ශ්‍රිලංසිරේෙ
25.04.2001 - 19.03.2002

මේජර් එම්එම්ඒ වික්‍රමසිංහ - ගැහේබ
19.03.2002 - 02.01.2006

ලුති කර්නල් එච්එම්එස් ප්‍රියන්ත- ගැහේබ
08.01.2006 - 24.06.2008

මේජර් ඩීඑම්සීකේ දිසානායක - ශ්‍රිලංජාආබමු
23.11.2012 - 06.02.2015

ලුති කර්නල් ඩීඑම්සීකේ දිසානායක - ශ්‍රිලංජාආබමු
06.02.2015 - මේ දක්වා

මේජර් පීඑම්පී කොස්තා ශ්‍රිලංජාආබමු
2019.09.16 - 2020 12.07

මෙිජර් කේඒඩිඒපිවි කුමාරසිංහ - ශ්‍රීලංජාආබමු
2020 12 .07 - මේ දක්වා

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් විබි තෙන්කෝන් - ශ්‍රිලයුසේබ 01.11.1989 01.12.1992
මේජර් බිවියු චද්‍රසිරි - ශ්‍රිලංජාආබමු 15.06.1996 15.07.1997
මේජර් ඒඒ තිලක් කුමාර - ශ්‍රිලංජාආබමු 15.07.1997 22.06.2000
මේජර් එචිඒඑස් කරුණාතිලක - ශ්‍රිලංකාහ 22.06.2000 11.03.2002
මේජර් සීඑම්එම්එස්ජේ සිල්වා - ගැහේබ 11.03.2002 14.08.2005
මේජර් එස්එම් කළුආරච්චි - ශ්‍රිංජාආබමු 14.08.2005 21.06.2006
මේජර් ආර්බිසීයුකේ රත්නමලල- ශ්‍රිලංජාආබමු 21.06.2006 01.08.2009
මේජර් එච්පිබිඑම් ජැක්ෂන් - ශ්‍රිලංජාආබමු 01.08.2009 01.11.2012
මේජර් ඩිඑල්වයිඒ ලක්පුර - ශ්‍රිලංජාආබමු 01.11.2012 01.04.2014
මේජර් එන්ඩබ්ලිව් දහනායක - ශ්‍රිලංජාආබමු 01.04.2014 17.03.2016
මේජර් එස්ජේ අමදෝරු - ශ්‍රිලංජාආබමු 12.04.2014 17.03.2016
මේජර් එන්එන්සීපි නරසිංහ ආර්එස්පි 17.03.2016 12.04.2016
මේජර් කේඒඑස්පි කුමාර - ශ්‍රිලංජාආබමු 12.04.2016 මේ දක්වා

වර්තමාන පිහිටීම