Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 19ශ්‍රීලංජාආබමු

19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

19 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක‍ෂක බළමුළුව අනූව දශකයේ මැද භාගයේ එල්ටීටීඊ ත්‍රස්ථ ප්‍රහාර උත්සන්න වීම හේතුවෙන් යාපනය අර්ධද්වීපය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි ජනරජය 1996 නොවැම්බර් මස 01 වන දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයේ නියෝගානුකුළව 1997 ජනවාරි මස 18 වන දින යාපනය කන්කසන්තුරය යුනියන් විදුහල් භමියේදි නිලධාරින් සිව්දෙනෙකුගෙන් හා සෙසුනිළයින් පන්සිය හැට නම දෙනෙකුගෙන් යුතුව ස්ථාපනය කරන ලදි. රිවිරැස ක්‍රියාන්විතය තුලින් මුදවා ගන්නා ලද යාපනය අර්ධද්වීපය නිතිය හා සාමය ස්ථාපනය කිරිම වෙනුවෙන්ම මෙම ඒකකය නගා සිටුවන ලදි. මේජර් එම්ජි රත්නායක ශ්‍රිලංසිරෙ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ආරම්භක නිළධාරි වශයෙන් ඒකක සියළු පාලන කටයුතු ඉටුකල අතර, මේජර් කේකේඒඩී කුලවර්ධන ශ්‍රිලංසිරෙ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ප්‍රථම අණදෙන නිළධාරි ලෙස ඒකකයේ වැඩ භාරගන්නා ලදි. නිළධාරින් සිව්දෙනෙකුගෙන් හා සෙසුනිළයින් පන්සිය හැට නව දෙනෙකුගෙන් සමන්විත වු මෙම ඒකකය යාපනය අධි ආරක‍ෂිත කලාපයේ ඉදිරි ආරක‍ෂක වළලලේ රාජකාරින් හි නිරතව පන්නරය ලබන ලදි. එය මෙම ඒකක භඨපිරිස් වෙත පැවරුණු කුළුදුල් වගකිම එය විය.

1997 වර්ෂයේ ඒකකය නගා සිටුවීමේදිම උතුරු ප්‍රදේශයේ ස්ථානගත හමුදාවන්ගේ හදවත වැනි වු ආරක‍ෂක සේනා මුලස්ථානය (යාපනය) වෙත ආරක‍්ෂාව සපයන පලාලි අධිආරක‍ෂිත කලාපයේ ඉදිරි ආරකේෂක වළල්ලේ ආරක‍ෂක රාජකාරි මෙම ඒකකය මගින් ඉටු කරන ලදි. පසුව ඇති වු විවිධ ක්‍රියාන්විත අවශ්‍යතා මත කිලිනොච්චි, අලිමංකඩ, වෙත්තලකේනි වැනි ප්‍රදේශයන්හි ස්ථානගතව ක්‍රියාන්විතයන්හි නිරතවන ලදි.

1998 වර්ෂයේ ජයසිකුරු ක්‍රියාන්විතය සදහා හදිසි ආධාර අවැසි අවස්ථාන්හිදි අතිරේක ආධාරක භඨපිරිස් වශයෙන් ඉදුරාම එම ක්‍රියාන්විතය සදහා මෙම ඒකක භඨපිරිස් වෙත්තලකේනි ප්‍රදේශයේ සිට ගුවන් මගින් පැමිණ සහයවී ඇත. එහිදි ක්‍රියාන්විතයේ යෙදෙන භඨ පිරිස්හි දකුණු පැති ආරක‍ෂක කණ්ඩායම් ලෙස මෙම ඒකක භඨපිරිස් වෙතින්ද ලුතිතන් ජෙඩී මෙන්ඩිස් ශ්‍රිලංජාආබමු යන නිළධාරි සමග කණ්ඩායමක් තාන්ඩිකුලම් සිට ඕමන්තය දක්වා ක්‍රියාන්විතයේ යෙදි ඇත. සෙසු භඨ පිරිස් ත්‍රස්ථවාදි විසින් විනාශ කරන ලද නොච්චිමොටේ පාලම හා ඒ අවට ප්‍රදේශයන්හි ක්‍රියාන්විත සිදුකර ප්‍රදේශයේ බලය තහවුරු කර භූමියේ ආරක‍ෂාව සලසා ඇත. එහිදි ප්‍රථීඵලයක් ලෙස ත්‍රස්තවාදින්ගේ ප්‍රධාන ප්‍රයත්නයක් වු වව්නියාව නගරය අත්පත් කර ගැනිමේ අරමුණු ව්‍යර්ථ විය.

1999 වර්ෂයේ ත්‍රස්ථවාදින් විසින් යෝජිත ඊලාම් රාජ්‍යයේ මෙන්ම දමිළ ජනතාවගේ ද සංස්කෘතික අග නගරය වු හා ඊලාම් සටනෙහි උපක්‍රමික වශයෙන් අතිශයින් වැදගත් මර්මස්ථානයක් වු යාපනය නගරයට ආරක‍්ෂාව සැපයිමේ අනගි අවස්ථාව මෙම ඒකකය වෙත උදාවිය. 51 සේනාංක මුලස්ථානය යටතේ ප්‍රථීත්‍රස්ත සටන් හා අභ්‍යන්තර ආරක‍්ෂක රාජකාරි උපක්‍රම යොදා ගනිමින් මෙම කාලය තුල යාපනය නගරයේ ආරක‍ෂාව සැපයිම සාර්ථකව මෙම ඒකකය විසින් ඉටුකරන ලදි. විශේෂයෙන් පුහුණු කරන ලද ආරක‍ෂක බුද්ධි කණ්ඩයක් ඒකකය තුල මෙකල නගා සිටවීම ක්‍රියාන්විත සදහා සුවිශේෂි ලෙස උපයෝගි විය.

2000 වර්ෂයේ ඊළාම් යුධ ඉතිහාසයේ සිදුවු දරුණුතම ත්‍රස්ථ ප්‍රහාරයක් වු අලිමංකඩ කදවුරු සංකිර්ණය උපක්‍රමිකව ඉවත්කර ගැනිමට හේතුවු ත්‍රස්ථවාදින්ගේ නොනවතින රැල්ල ප්‍රහාර මාලවේදි නැවත වරක් ආධාරක භඨපිරිස් සපයමින් ඒ වන විට අතහැර දමන ලද පලෙයි හි ඉදිරි ආරක‍ෂක වළල්ලෙහි බලය නැවත තහවුරු කර ගැනිමට මෙම ඒකක භඨ පිරිස් සහය විය.

මෙම ක්‍රියාන්විතයේදි මෙම ඒකක භඨ පිරිස් කොමාන්ඩෝ බළසේනාව යටතේ හා විශේෂ බළකා සෙබලුන් හා උරෙන් උර ගැටෙමින් සතුරන් සමග මුහුණට මුහුණ සටන් කරමින් ත්‍රස්ථාවදින් අලිමංකඩ සිට යාපනය , පලාලි ප්‍රදේශය අක්‍රමණය කිරිමේ අරමුණින් සිදුකල නොනවතින රැල්ල මෙහෙයුම වැළැක්වීමට, පලෙයි සිට සෝරම්පත්තු තෙක් සටන් කරමින් පැමිණ එම ප්‍රදේශයේ බලය තහවුරු කර ගන්නා ලදි. මෙම දරුණු සටනේදි එවකට මෙම ඒකක අණදෙන නිළධාරි වු මේජර් එන් බර්ට්‍රම් ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුලු නිළධාරින් හා සෙනින්ගෙන් විශාල පිරිසක් තුවාල ලැබු අතර සෙනින් කිහිප දෙනෙක් මිය ගියේය. එසේම 2/ලුතිනන් ඩබ්ලිව්එස් ද සිල්වා ශ්‍රිලංජාආබමු යන නිළධාරි හා තවත් සෙනින් පිරිසක් ත්‍රස්ථවාදින්ගේ අත්අඩංගුවටද පත්විය. නමුත් ඉහත සදහන් නිළධාරි දින 30 ක පමණ කාලයකට පසු අතිශය බිහිසුණු අත්දැකිම් සදහා මුහුණ දෙමින් හා උපක්‍රමිකව සතුරා වෙතින් පලා ඒමටද, සමත්ව ඇත.

යාපනය අර්ධද්වීපය තුල පිහටි ජනාකිර්ණ නගරයක් මෙන්ම උපකමික වශයෙන් වැදගත් ස්ථානයක් වු ආරක‍ෂක සේනාංක මුලස්ථානය (යාපනය) අධිආරක‍ෂිත කලායපයට කි:මී 6 ක පමණ ආසන්නයේ පිහිටි චුන්නාගම් නගරය මධ්‍යයේ සෙබලුන් සිව්දෙනෙකුගෙන් යුත් නගර ආරක‍ෂක මුරයන් මෙම ඒකකය මගින් පවත්වාගෙන යන ලදි. 2006 අගොස්්තු මස 02 වන දින 1330 පැයට පමණ ත්‍රස්ථවාදින් විසින් සෙබලුන් මුලාවනයේ පිරිසක් සිවිල් ඇදුමින් සැරසි වෑන් රථයකින් පැමිණ එම මුරපොල වෙත සුලු අවි හා අත්බෝම්බ යොදා ගනිමින් දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලදි. එම ප්‍රහාරයෙන් මුරපලේ රාජකාරි කල සෙ/19කියු 00970 ලාන්ස් කෝප්‍රල් ඩයස් කුමාරසිරි යඩී ඇතුලු සෙබලුන් සිව්දෙනෙකු තුවාල ලබා මුරපලටද දැඩි අලාහ භානි සිදුවිය. නමුත් සිවිල් වැසියන් සේ වෙස්වලාගෙන ඉතාම වංචනික ආකාරයෙන් විශ්මය ජනක ප්‍රහාරයක් එල්ල කල එම ත්‍රස්ත පිරිසට එම මොහොතේ මුරපොලේ රාජකාරි කල සෙබලුන් සිව්දෙනෙකු විසින් කිසිදු සිවිල් වැසියෙකුට හානියක් නොවන පරිදි ජනාකර්ණ නගරය මධ්‍යයේ සතුරාට දරුණු ප්‍රථීප්‍රහාරයක් එල්ල කරන ලදි. එහිදි ප්‍රහාරයට ලක්වු ත්‍රස්තයන්ගේ මළ සිරුරුද සමග වෑන් රථය පලා ගිය නමුත් 513 බළසේනාංක මුලස්ථානය විසින් එම වෑන් රථය හා එම ප්‍රහාරයෙන් මියගිය ත්‍රස්ථ කාන්තාවක්ද ඇතුලු ත්‍රස්ත මළසිරුරු නැවත සොයා ගන්නා ලදි.

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
මේජර් එම්ජි රත්නායක - ශ්‍රිලංසිරෙ 01.12.1996 10.02.1997
මේජර් කේකේ ආර්ඩි කුලවර්ධණ - ශ්‍රිලංසිරෙ 10.02.1997 05.12.1998
මේජර් එන් බර්ට්‍රම් - ශ්‍රිලංජාආබමු 05.12.1998 25.05.2000
මේජර් ආර්එම්ඩඒඑල් දිවුල්වැව - ශ්‍රිලංසිරෙ 25.05.2000 24.03.2004
මේජර් ඩබ්ලිව්පිකේ ප්‍රියන්ත - ශ්‍රිලපාහ 24.03.2004 20.09.2007
මේජර් එම්ඩබ්ලිව්එම්එන්කේ මඩුගල්ල - ශ්‍රිලංසසබ 20.09.2007 14.01.2008
මේජර් ඒඑන්බි අල්විර - ශ්‍රිලපාහ 14.01.2008 30.06.2010
ලුතිතන් කර්නල් ඒඑන්බි අල්විර - ශ්‍රිලපාහ 30.06.2010 09.05.2011
මේජර් ටිඑස්බිආර් ප්‍රනාන්දු - ශ්‍රිලංජාආබමු 23.06.2011 25.07.2013
ලුතිතන් කර්නල් ටිඑස්බිආර් ප්‍රනාන්දු - ශ්‍රිලංජාආබමු 25.07.2013 06.05.2014
මේජර් ඒඑස්ඩි ප්‍රියන්ත - ශ්‍රිලංජාආබමු 06.05.2014 30.01.2015
මෙජර් ඒඩි ගුණවර්ධන - ශ්‍රිලංජාආබමු 30.01.2015 මේ දක්වා

වර්තමාන පිහිටීම