Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 18ශ්‍රීලංජාආබමු

18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

18 වන බළඇණිය ශ්‍රි ලංකා ඡාතික ආරක‍ෂක බළමුළුව 1996 වර්ෂයේ 1 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක‍ෂක බළමුළුවට අනුයුක්තව කොළඹ මැලේ වීදීයේදී ස්ථාපනය කර ආරම්භ කරන ලදි. මෙම ඒකක භඨ පිරිස් යුධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලය බටලන්ද හි ආරක‍ෂාව සඳහා පළමුව යොදවන ලද අතර, 1998 ජනවාරි මස 08 දින ප්‍රථම අණදෙන නිළධාරි ලෙස ලුතිතන් කර්නල් ඡීඑස් පෙරේරා ශ්‍රිලයුයුබ යන ඡ්‍යෙෂ්ඨ නිළධාරි පත්වන ලදි. මෙම ඡ්‍යෙෂ්ඨ නිිළධාරි කොට්ඨාශ මුලස්ථානය 21 භාර නිළධාරි වශයෙන් ද කටයුතු කළ බැවින් කොට්ඨාශ මුලස්ථානයේ ස්ථානගත පමුණුගම යුධ හමුදා කදවුර තුල මෙම ඒකකය ස්ථානගත වන ලදි. 1998 මැයි මස 28 දින දෙල්ගොඩ අහුගම්මාන රජයේ පාසැලෙහි මෙම ඒකක මුලස්ථානය ස්ථානගත වන ලදි.

දෙමළ බෙදුම්වාදි අරගලය ක්‍රමයෙන් උත්සන්න වත්මන් නැගෙනහිර කළාප දෙසින් යාල හා කතරගම ප්‍රදේශ ඔස්සේ දකුණේ ජන ජීවිතය අඩාල කිරිමට එලටීටීඊ උකුසු ඇස යොමුවන ලදි. සතුරාගේ භිෂණ ඉලක්ක පෙර සිට හදුනා ගැනිමේ උපන් හැකියාක් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වහා ක්‍රයාත්මකව වර්ෂ 2001 ක් වු ජුලි මස 18 වන දින මෙම ඒකකය තිස්සමහාරාම ප්‍රදේශයේ මෙම ඒකකය ස්ථානගත කරන ලදි. එසේ ස්ථානගත වීමෙන් පසු ඒකක නිරික‍ෂණ චාරිකාවේ යෙදන ලද ප්‍රථම යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරි ලෙස මේඡර් ඡනරාල් කේබී එගොඩවෙල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඉතිහාසයට එක්විය.

මෙම ඒකකය ස්ථානගත කාවන්තිස්ස පුර කඳවුර ඝණ කැලයකින් වටවූ එක් ගොඩනැගිල්ලක් පමනක් පිහටි වැඩිහිටි කන්ද විහාරස්ථානයට අයත් භූමියක මුලින්ම පිහිටුවන ලදි. එහිදි ඒකකයේ අණදෙන නිළධාරි වශයෙන් රාජකාරි ඉටුකරන ලද ලුතිතන් කර්නල් පිකේඩි රත්නසිංහ ශ්‍රීලයුපොදුසේබ යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත ඒකක නිළධාරින් සහ සෙසුනිළයින්ගේ ශ්‍රම දායකත්වයෙන් කැලෑ එළිපෙහෙලි කෙදවුරක් බවට පත්කර ගන්නා ලදි.

මානුෂිය ගුණාංග වලින් පිරිපුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 2004 දෙසැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකා වෙත බලපෑ සුනාමි ව්‍යවසනයෙන් අසරණයට පත් සියළු ජනතාව වෙත පිළිසරණ විය. එහිදි මෙම ඒකකය හම්බන්තොට, කිරින්ද හා යාල ප්‍රදේශ වලදි අසරණයට පත් දෙස් විදෙස් සියළු ජනතාව වෙත තම කාරුණික අවධානය යොමුකරමින් ඔවුන්ගේ දිවි රැක ගැනිමටත් එහිදි අතුරුදහන් වූ අය හා මියගිය අයවළුන්ගේ මෘත ශරීරයන් සොයා ගැනිම සදහාත්, මෙම ඒකක භඨ පිරිස් කිසිදු පැකිලිමකින් තොරව ක්‍රියාකරන ලදි. මෙය අතිශය දුක්ෂර කටයුත්තක් වුවද ඉතා සාර්ථකව තම දායකත්වය ලබාදෙමින් කල කැපකිරිම සෑම දෙනාගේම ප්‍රශංසාවට බදුන් විය.

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
ලුතිතන් කර්නල් ජිඑස් පෙරේරා - ශ්‍රිලංයුුයුබ 08.01.1998 15.05.2001
ලුතිතන් කර්නල් පිකේඩි රත්නසිංහ - ශ්‍රිලංයුයුබ 15.05.2001 30.04.2003
ලුතිතන් කර්නල් පිකේඩි රත්නසිංහ - ශ්‍රිලංයුයුබ 30.04.2003 29.07.2005
මේජර් ඒඑස්පි ඒකනායක - ශ්‍රිලංසිරෙ‍ 29.07.2005 06.11.2007
ලුතිතන් කර්නල් ඒඑස්පි ඒකනායක - ශ්‍රිලංසිරෙ‍ 06.11.2007 17.08.2008
මේජර් ඒඩබ්ලිව්ඒජිඩබ්ලිව් ගිරාගම ආර්එස්පි - ශ්‍රිලංසිරෙ‍ 17.08.2008 28.08.2008
මේජර් අයිජිඒම්ඩිඑස් ඉහලගම - ශ්‍රිලංජාආබමු 28.08.2008 24.06.2009
මේජර් ආර්බිසියුකේ රත්නමලල - ශ්‍රිලංජාආබමු 24.06.2009 07.10.2010
ලුතිතන් කර්නල් ආර්බිසියුකේ රත්නමලල - ශ්‍රිලංජාආබමු 07.10.2010 28.03.2012
ලුතිතන් කර්නල් එස්වේලාතන්ත්‍රි - ශ්‍රිලංජාආබමු 28.03.2012 25.11.2014
ජෙම්ජර් ඩබ්ලිව්එම්ඩිඒන්එස් අන්ද්‍රාදි - ශ්‍රිලංජාආබමු 25.11.2014 04.09.2015
මේජර් එම්පිඩි ප්‍රේමවංශ ආර්එස්පි - ශ්‍රිලංජාආබමු 04.09.2015 මේ දක්වා

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් පිකේඩි රතනසිංහ - ශ්‍රිලංයුයුබ 11.01.1998 16.07.2000
මේජර් මායාදුන්නෙ - ශ්‍රිලංසිරෙ 16.07.2000 06.06.2001
මේජර් වයිඑම් පුංචිබංඩා - ශ්‍රිලපාහ 16.10.2001 01.05.2004
මේජර් ටිඩිකේඑස් ජයසේකර - ශ්‍රිලංසිරෙ 01.05.2004 20.07.2006
මේජර් යුපිසිකේ පුංචිනිලමේ - ශ්‍රිලංජාආබමු 20.07.2006 21.08.2008
මේජර් ඔආර්ඩබ්ලිව්ආර්බි තෝරදෙණිය - ශ්‍රිලංජාආබමු 28.02.2008 17.11.2008
මේජර් කේඑන් සිල්වා - ශ්‍රිලංජාආබමු 07.11.2008 12.06.2009
මේජර් එන්ඩි නන්දකුමාර - ශ්‍රිලංසිරෙ 12.06.2009 02.01.2010
මේජර් යුවිසි පුෂ්පසිරි - ශ්‍රිලංජාආබමු 02.01.2010 22.12.2012
මේජර් ඩබ්ලිව්එම්ඩිඒඑන්එස් අන්ද්‍රාදි - ශ්‍රිලංජාආබමු 22.12.2012 25.11.2014
මේජර් ඒජයතිස්ස - ශ්‍රිලංජාබමු 25.11.2014 08.04.2016
මේජර් එම්ඩිකේඑස් මායාදුන්න - ශ්‍රිලංජාආබුමු 08.04.2016 12.07.2017
මේජර් ඩිඩබ්ලිව්ඒ රත්නකුමාර - ශ්‍රිලංජාආබමු 12.07.2017 මේ දක්වා

වර්තමාන පිහිටීම