Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 17ශ්‍රීලංජාආබමු

17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

අනුව දශකයේ මැද භාගයේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන් තුල සිදූවෙමින් පැවැති එල්ටිටිඊ ත්‍රස්තවාදි කි්‍රයාකාරකම් කොළඹ ප්‍රදේශය තුලද වර්ධනය වීම නිසා අගනගරයේ ආරක‍ෂාව තහහුරු කිරිම වස් යුධ හමුදා බළඇණියක අවශ්‍යතාවය මතුවිය. ඒ අනුව 1 වන නගර ආරක‍ෂක බළඇණිය නමින් 1996 සැප්තැම්බර් මස 01 දින කිරුලපන කොළඹ 05 හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රිඩාංගනයේදි මෙම බළඇණිය නගා සිටුවන ලදි.

මෙම ඒකකය නගා සිටුවීමේදි වෙනත් සෙව්ච්ඡා ඒකක වලින්ද, නිත්‍ය ඒකක වල සේවය කර වසර පහක හා දොලහක සේවා කාලයකින් පසුව අස්ව ගොස් නැවත වැටුප් හා විශ්‍රාම වැටුප් පදනම මත බඳවා ගත් භඨ පිරිසකගෙන් ද, ඉඳුරාම බඳවා ගන්නා ලද ආධුනික සෙනින් හත්සීය පනස්හය කගෙන් සමන්විතව නිළධාරින් තිස් දෙදෙනෙකුගෙන් හා සෙසුනිළයින් දහසකගෙන් මෙම බළඇණිය 112 බළසේනා මුලස්ථානය යටතේ ස්ථානගත වන ලදි

1998 දෙසැම්බර් මස 23 වන දින තෙක් හෙන්රි ප්‍රේද්‍රිස් කි්‍රඩාංගනයේදි ස්ථානගතව සිටි මෙම බළඇණිය කොළඹ 02 මැලේවීදිය යුධ හමුදා කඳවුරේ ස්ථානගත වන ලදි. කොළඹ ප්‍රදේශයේ ආරක‍ෂාව සඳහා පමණක් යොදවා සිටි මෙම ඒකක භඨපිරිස් ත්‍රස්ථ ක්‍රියාකාරකම් ක්‍රමයෙන් උත්සන්න වත්ම යුධ හමුදා මුලස්ථාන නියෝගයට අනුව 2001 මාර්තු මස 02 වන දින නිළධාරින් දෙදෙනෙකු ගෙන් හා සෙසුනිළයින් හැත්තැ පස් දෙනෙකුගෙන් සමනවිත එක් කණ්ඩායමක් 213 බළසේනාංක මුලස්ථානය යටතේ විල්පත්තුව අභය භූමිය තුල ස්ථානගත වන ලදි. 112 බළසේනා මුලස්ථානය යටතේ ස්ථානගතව සිටි මෙම ඒකකය 2001 සැප්තැම්බර් මස 10 වන දින සිට මෙහෙයුම් අඥාපති මුලස්ථානය කොළඹ යටතේ මට්ටක්කුලිය වෙඩි ගබඩා සංකිර්ණය තුල ස්ථානගත වන ලදි.

බළඇණියක් ලෙස ඉතිහාසයේ ප්‍රථම වරට 2005 ක් වු අගෝස්තු මස 18 වන දින ගුවන් සංග්‍රාමික පුහුණු පාසැල බෝගොඩ හිදි බළඇණි පුහුණුවීම් සිදුකරන ලද අතර, එය සාර්ථකව නිම කිරිමෙන් පසු 215 වන බළසේනා මුලස්ථානය යටතේ මන්නාරම සිරිනාතකුළම් ප්‍රදේශයේ ස්ථානගත වන ලදි.

ඒකක ආරම්භයේ සිට මාතෘ භුමීයේ නිදහස් අරගලය නිම වන තෙක් තම දිවි දෙවැනි කොට සටන් වැද සතුරා ඉදිරියේ ප්‍රදර්ශණය කර රණකාමිත්වය උදෙසා මෙම ඒකක භඨපිරිස් රණශුර පදක්කමින් පිදුම් ලැබ ඇත. එම අවස්ථා ගණනාවක්ම බළඇණි ඉතිහාසයේ නොමැකෙන සටහන් තබා ඇත. 2002 ජුනි මස 07 වන දින රත්මලාන ගොළුමඩම හංදියේදි අමාත්‍ය සීවී ගුණරත්න මහතා ඉලක්ක කර එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ එල්ටීටීඊ ත්‍රස්ථවාදින් තිදෙනෙකු ජිවග්‍රහණයෙන් අල්ලා ගැනිමට දක්වන ලද අප්‍රතිහත ධෛරයය හේතුවෙන් හා ඉදිරි මරාගෙන මැරෙන ප්‍රහාර රාශියක් වැලැක්විම හේතුවෙන් සෙ/17කිව් 00823 සැරයන් සුරියආරච්ච් පිකේ සහ සෙ/17කිව් 00039 ලා/කෝ ලසන්ත චන්දන ඩබ්ලිව්, සෙ/17කිව් 00733 ලා/කෝ කිත්සිරි ඩබ්ලිව්එන් යන සෙනින් හට ඒකක ඉතිහාසයේ ප්‍රථම වරට රණශුර පදක්කම් හිමිගන්වා ඔවුන්ගේ සේවය උත්තම කොට ඇත.

2007 ජුලි මස 20 දින මන්නාරම නීලච්චේන හි අණු ඛණ්ඩයක් ලෙස හුදෙකලාව ස්ථානගතව තිබු කඳවුර වට කොට ත්‍රස්ථවාදින් විසින් එල්ල කරන ලද ප්‍රහාරයේදී තම ජීවිත අවදානමද නොතකා සටන්වැදි සෙ/17කිව් 01197 ලාන්ස් කෝප්‍රල් රංජිත් බන්ඩාර ආර්ඒජීඩබිඑම්එන් උත්තුංග වු රණශුර පදක්කමින් පිදුම් ලබන ලදි.

වන්නි මානුෂිය මෙහෙයුම වෙත අභිත නායකත්වයක් දෙමින් ජය ධඡ නම්වන්නට කටයුතු කරන ලද 59 සේනාංකාධිපති ආරක‍ෂක රාජකාරි නිරතව සිටි මෙම ඒකක සෙ/17කියු 01559 ලා/කෝ සොයිසා එම්ජි එස්කේ, සෙ/17කිව් 02055 සාසෙ දයාරත්න එස්ඒ හා සෙ/17කියු 02232 සාසෙ කුමාරසිංහ ඒඑල් යන සෙබළුන් තිදෙනා විසින් මුලතිව් ඉදිරි ආරක‍ෂක වළල්ල වෙත ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් සතුරු ග්‍රහණයේ සිටි සෙබළුන් තම ජීවිත අවදානමද නොතකා බේරා ගැනීම උදෙසාද රණශුර පදක්කම් හිමි ගන්වා ඒකක ඉතිහාසය නව පරිච්ඡෙදයක් වෙත යොමුකර ඇත.

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
ලුතිතන් කර්නල් ආර්බි සේනානායක - ශ්‍රිලංසිරෙ 20.09.1996 23.04.1997
ලුතිතන් කර්නල් පිඩබ්ලිව්සිද සිල්වා - විපාර‍ෙ 23.04.1997 07.07.1997
මේජර් ඒස්එල් කිරිඇල්ල - ශ්‍රිලංසිරේ 07.07.1997 22.10.1999
මේජර් අර්එම්එම් රත්නායක - ශ්‍රිලපාහ 22.10.1999 30.11.1999
මේජර් කේඑම්කේ උදයරත්න - ශ්‍රිලංසිරෙ 30.11.1999 07.02.2000
ලුතිතන් කර්නල් ඒඑම්ඒ අමරසිල ආර්එස්පි - විපාරෙ 07.02.2000 03.01.2003
මේජර් එස්පි කොහොන - ශ්‍රිලංසිරෙ 03.01.2003 03.08.2006
මේජර් එම්ඩබ්ලිව් එම්බි චද්‍රසේකර - ශ්‍රිලපාහ 03.08.2006 04.02.2008
මේජර් කේජිකේ ප්‍රියන්ත - ගරෙ 04.02.2008 08.10.2010
ලුතිතන් කර්නල් කේජිකේ ප්‍රියන්ත - ගරෙ 08.10.2010 28.06.2012
ලුතිතන් කර්නල් බිකේවිකේපිරොද්‍රිගෝ - ශ්‍රිලංජාආබමු 28.06.2012 28.07.2016
මේජර් ටිආර් තිලකරත්න - ශ්‍රිලංජාආබමු 28.07.2016 මේ දක්වා

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් එස්එල්කේ විරසේකර - ශ්‍රිලපාහ 30.09.1997 21.07.2000
මේජර් ආර්එම් සමරනායක - ශ්‍රිලංසිරෙ 22.07.2000 07.06.2001
මේජර් සියු ගාමතීගේ - ශ්‍රිලංසිරෙ 08.06.2001 21.10.2003
මේජර් ඊඑම්පිඩබ්ඒබි ඒකනායක - ශ්‍රිලංසිරෙ 22.10.2003 17.05.2005
මේජර් ඩබ්ලිව්එම්ඩිඑස් ගුනවර්ධන - ගරෙ 18.05.2005 09.08.2006
මේජර් කේකේ සුදාර්ශණ - ශ්‍රිලංජාආබමු 10.08.2006 02.12.2006
මේජර් ආර්කේඑන්ආර් රතනසිංහ - වියාරෙ 03.12.2006 01.11.2007
මේජර් ආර්එම්එස්එල්ආර් ගමගෙදර - ශ්‍රිලංජාආබමු 02.11.2007 06.11.2008
මේජර් එල්එස්කේඑස් බණ්ඩාර - ශ්‍රිලංජාආබමු 07.11.2008 18.09.2010
මේජර් පිකේ පතිරණ - ශ්‍රිලංජාආබමු 19.09.2010 27.11.2013
මේජර් එම් වික්‍රමසිංහ - ශ්‍රිලංජාආබමු 28.11.2013 28.08.2016
මේජර් කේඒම්කේආර් කෝනාරසිංහ - ශ්‍රිලංජාආබමු 28.08.2016 Up To Now

වර්තමාන පිහිටීම