Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 16ශ්‍රීලංජාආබමු

16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

1949 අංක 17 දරණ යුධ හමුදා ආඥා පනතේ 357 වන අධිකාරි 19(1) යටතේ ශ්‍රි ලංකා යුධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ඒකකයක් වශයෙන් අංක 818/11 හා 1994 මැයි මස 11 වන දින දරණ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් නිවේදනයට අනුව ස්වේච්ඡා බලඇණියක් ලෙස 1992 නොවැම්බර් මස 01 වන දින 16 වන බළඇණිය ශ්‍රිලංකා ජාතික ආරක‍ෂක බලමුළුව ස්වාර්ථයට පෙර දේශය යන පාඨයෙන් නගාසිටුවන ලදි.

ශ්‍රී ලංකා ජාතික ආරක‍ෂක බළමුළු ඉතිහාසයේ ප්‍රථම ක්‍රියාන්විත ජයග්‍රහණය ලෙස 1995 ජූලි මස 27 වන දින වැලිඔය ඇතාවැටුනවැව ප්‍රදේශයේ දි මෙම ඒකක භඨ පිරිස් විසින් එල්ලකරන ලද සාර්ථක ප්‍රහාරය ඉතිහාසගත වන ලදි. එම ප්‍රහාරයේදී එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් 43 කු ජීවිතක‍ෂයට පත්කර සිවිල් ගම්මාන ඉලක්ක කර ගනිමින් පහරදී විශාල ව්‍යවසනයක් සිදු කිරීමට උත්සහ කරන ලද එල්ටීටීඊ ත්‍රස්ථවාදීන්ගේ අරමුණ ව්‍යවර්ථ කිරීමට මෙම ඒකක භඨ පිරිස් හට හැකිවිය

1995 නොවැම්බර් මස 06 වන දින ඇහැටුගස්වැව ප්‍රදේශයේ මාර්ග පරික‍ෂා කිරිමේ රාජකාරියේ නියුතුව සිටි මෙම ඒකක භඨ කණ්ඩායමක් වෙත ත්‍රස්ථවාදීන් එල්ල කරන ලද ප්‍රහාරයකදී මෙම ඒකක භඨ පිරිස් වෙතින් සාර්ථක ප්‍රති ප්‍රහාර එල්ල කර ත්‍රස්ථවාදී මල සිරුරු පහක් සහ විශාල යුධෝපකරණ රාශියක් අත්පත් කර ගැනීමට හැකිවිය.

1995 දෙසැම්බර් මස 19 වන දින මෙම ඒකක ඇහැටුගස්වැව අණු කණ්ඩයේ දිවා නිරික‍ෂණ මුර පොලක් වෙත ත්‍රස්ථවාදින් විසින් එල්ල කරන ප්‍රහාරය සදහා මෙම ඒකක භටපිරිස් විසින් එල්ල කල ප්‍රථි ප්‍රහාර වලින් ඔවුන්ගේ පහත සදහන් පරිදි මළ සිරුරු හා විශාල යුධෝපකරණ රාශියක් අත්පත් කර ගැනීමට හැකිවිය.

1997 සැප්තැම්බර් 08 වන දින මෙම ඒකක කල්‍යාණිපුර අණු කණ්ඩය වෙත ප්‍රහාර එල්ල කිරිම සදහා පැමිණ ත්‍රස්ථවාදින් හට ප්‍රථි ප්‍රහාර එල්ල කර විශාල යුධෝපකරණ රාශියක් අත්පත් කර ගැනීමට හැකිවිය. 1999 මැයි මස 22 වන දින මෙම ඒකක විශේෂ ප්‍රහාරක කණ්ඩායමක් මගින් රණබාපුර ඉදිරි ආරක‍ෂක වලල්ලේ සිට ඉදිරියට ගොස් ත්‍රස්ථවාදි මුරපලක් වෙත ප්‍රහාරයක් එල්ල කර විශාල යුධෝපකරණ රාශියක් අත්පත් කර ගැනීමට හැකිවිය.

1999 ජූලි මස 09 වන දින මෙම ඒකක බි කණAඩායමට අයත් සෙනීන් විසින් ඉදිරි ආරක‍ෂක වළල්ලේ ඉදිරියට ගොස් ත්‍රස්ථවාදින් හට ප්‍රහාරයක් එල්ල කර ඔවුන් සතුව තිබු විශාල යුධෝපකරණ රාශියක් අත්පත් කර ගැනීමට හැකිවිය. 1999 අගෝස්තු මස 17 වන දින 1405 පැයට පමණ මෙම ඒකක බි කණ්ඩායම මගින් යවනු ලැබු විශේෂ කණ්ඩය මගින් තස්ථවාදින්ගේ නිරික‍ෂණ මුරපලක් වෙත ප්‍රහාරයක් එල්ල කර විශාල යුධෝපකරණ රාශියක් අත්පත් කර ගැනීමට හැකිවිය.

1999/08/18 වන දින මෙම ඒකක භඨ පිරිස් විසින් ඉදිරි ආරක‍ෂක වළල්ලට ඉදිරියෙන් පිහිටි ත්‍රස්ථවාදි බංකරයක් වෙත ප්‍රහාරයක් එල්ල කරන ලද අතර ත්‍රස්ථවාදින් දෙදෙනකු මියගිය බව ඔවුන්ගේ ගුවන් විදුලි පණිවිඩ මගින් සනාථ වු අතර මෙහිදි පහත සදහන් දෑ අත්අඩංගුවට ගන්නා ලදි. 1999 සැප්තැම්බර් මස 18 වන දින මෙම ඒකක විශේෂ ක්‍රියාන්විත කණ්ඩයක් විසින් ඉදිරි ආරක‍ෂක වළල්ලට ඔබිඛෙන් පිහිට ත්‍රස්ථවාදි මුරපලක් වෙත ප්‍රහාරයක් එල්ලකර එක් ත්‍රස්ථවාදියෙකු මරා දමා තවත් තිදෙනකුට තුවාල කර ඇත මේබැවි දිසා සොයා ගැනීමේ කණ්ඩය මගින් තොරතුරු සොයාගෙන ඇත.

2000 අප්‍රේල් මස 22 වන දින මෙම ඒකක ගඩොල් කෑල්ල අණුකණ්ඩය ඉදිරියෙන් ස්ථානගත ඉදිරි ආරක‍ෂක වළල්ලේ සිටින ඒකක භඨ පිරිස් වෙත ප්‍රහාරයක් එල්ල කිරිම සදහා පැමිණි ත්‍රස්ථවාදින් වෙත ප්‍රහාරයක් එල්ලකර විශාල යුධෝපකරණ රාශියක් අත්පත් කර ගැනීමට හැකිවිය. 2000 නොවැම්බර් මස 28 වන දින මෙම ඒකකය වෙතින් ස්ථානගත කර තිබු පදවිය වැවේ වාන අණූ කණ්ඩය වෙත ත්‍රස්ථවාදි ප්‍රහාරයක් එල්ලවු අතර මෙම ඒකක භඨ පිරිස් විසින් එල්ල කරන ලද ප්‍රථි ප්‍රහාර වලින් ඔවුන්ගේ මළ සිරුරු හා විශාල යුධෝපකරණ රාශියක් අත්පත් කර ගැනීමට හැකිවිය. 2001 ජූලි මස 08 වන දින මෙම ඒකක බි කණ්ඩායම මගින් ස්ථාගතකර තිබු රැකසිට පහර දිමේ මුරයන් වෙතින් ත්‍රස්ථවාදි කණ්ඩායමක් වෙත ප්‍රහාරයක් එල්ල කර විශාල යුධෝපකරණ රාශියක් අත්පත් කර ගැනීමට හැකිවිය.

2006 අප්‍රේල් මස 26 වන දින මෙම ඒකක සි කණ්ඩායමට අයත් ඉදිරි ආරක‍ෂක වලල්ලට ප්‍රහාර එල්ල කිරිමට පැමිනි ත්‍රස්තවාදින් හට මෙම ඒකක සි කණ්ඩායම් සෙනින් විසින ප්‍රහාර එල්ල විශාල යුධෝපකරණ රාශියක් අත්පත් කර ගැනීමට හැකිවිය. 2006 අගොස්තු මස 29 වන දින මෙම ඒකක බි කණ්ඩායමි බල ප්‍රදේශය වු පිරමනායන්කුලමි ප්‍රදේහයේ ආරක‍ෂික ප්‍රදේශයේ සිට අනාරක‍ෂිත ප්‍රදේශය දක්වා ගමන් ගත් ත්‍රස්තවාදින් හට ප්‍රහාර එල්ල කර විශාල යුධෝපකරණ රාශියක් අත්පත් කර ගැනීමට හැකිවිය.

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
Lt Col KRU Gunawardena RSP KSV - SLASC 01.11.1992 01.06.1997
Maj KG Kulathunga - SLSR 01.06.1997 02.11.1997
Maj AK Suraweera RSP - SLSR 02.11.1997 16.02.2000
Maj DN De Soisa - SLNG 16.02.2000 26.04.2001
Lt Col PSB Randeniya - SLE 26.04.2001 06.04.2005
Maj PN Liyanage RWP - SLSR 06.04.2005 02.04.2008
Maj RR Kolambage - SLSR 02.04.2008 30.06.2010
Lt Col RR Kolambage - SLSR 30.06.2010 22.12.2011
Maj K N Silva - SLNG 22.06.2012 25.07.2013
Lt Col K N Silva - SLNG 25.07.2013 28.07.2016
Maj M B Dissanayake - SLNG 28.07.2016 Up To Now

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
Maj KP KULATHUNGA 01.12.1995 01.06.1996
Maj EWAS SIRIWARDANA 01.06.1996 20.10.1997
Maj AS HEWAMANNA 20.10.1997 16.07.2001
Maj DMJ JAYASEKARA 16.07 .2001 15.02.2003
Maj MWMB CHANDRASEKARA 15.02.2003 23.07.2005
Maj MMW HAGGALLA 23.07.2005 15.02.2008
Maj NDN KUMARA 15.02.2008 11.06.2009
Maj KN SILVA 11.06.2009 21.01.2012
Maj SS WITHANAGE(ACTING) 06.02.2012 06.08.2012
Maj MV FERNANDO 06.08.2012 02.08.2013
Maj SS WITHANAGE(ACTING) 02.08.2013 01.12.2013
Maj MV FERNANDO 01.12.2013 Up To Now

වර්තමාන පිහිටීම