Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 15ශ්‍රීලංජාආබමු

15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

15 වන බළ ඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළුවට අයත් නිළධාරීන් එකොලොස් දෙනෙකු හා සෙසුනිළයින් හාරසිය හැට තුන්දෙනෙකුගෙන් යුතු භඨ පිරිසකගෙන් 1992 දෙසැම්බර් මස 25 වන දින නි/1728 මේජර් වීබී තෙන්නකෝන් ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණදිම යටතේ 5(සෙවි) ගජබා රෙජිමේන්තු කඳවුර හොරොව්පතාන හිදි 15 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක‍්ෂක බළමුළුව ආරම්භ කරන ලදි.

බළඇණි මූලස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු නව ඒකකයක් වශයෙන් පැමිණි භඨ පිරිස් යොදා ගනිමින් ඒ සහ බී වශයෙන් කණ්ඩායම් දෙකක් ස්ථාපනය කර ඒ කණ්ඩායම හොරොව්පතාන ප්‍රදේශයේද බී කණ්ඩායම තන්තිරිමලය මල්වතුඔය ශක්තිගම මුදලියාකුලම යන ප්‍රදේශ වලද ස්ථාන ගත වන ලදි. මෙම භඨ පිරිස් හි අණ හා පාලනය සඳහා කපිතන් ඊඑම්බී පෙරේරා ශ්‍රිලවියාඉ හා කපිතන් එච්පිජි අල්විස් ජාශිබ යන නිළධාරින් ආරම්භක නිළධාරින් වශයෙන් ඒකකය වෙත ඇතුලත් කරන ලදි. එහිදි රාජකාරි කරමින් සිටියදි කෙඩෙට් නිළධාරි පාඨමාලා අංක 16 ට අයත් 2/ලූතිතන් බීකේවීකේපි රුද්‍රිගූ ශ්‍රීලංජාආබමු යන නිලධාරි පළමුව මෙම ඒකකය වෙත ඇතුලත් වූ ඉඳුරාම බඳවාගත් නිළධාරියා වන අතර, ඉන් පසු 2/ලූතිතන් එස්පි ගෝණපිනුවල ශ්‍රීලංජාආබමු ඒකකය වෙත ඇතුලත් වන ලදි.

කණ්ඩායම් දෙකක් වශයෙන් අලිමංකඩ හා කයිට්ස් හි ස්ථානගතව සිටි මෙම ඒකක භඨ පිරිස් පසුව තිරිකේතිස්වරම් වෙත ද ඉන් පසු වව්නියාව වෙත ද ස්ථාන මාරුවීම් ලැබ පැමිණෙන ලදි. ඉන්පසු නැවත එහිදි මඩුකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මුලස්ථානය පිහිටුවමින් වව්නියාව තී්‍රකුණාමලය ඉදිරි ආරක‍ෂක වලල්ලේ සිංහල ගම්මාන ආරක‍ෂා කිරිමේ අරමුණින් යුතුව ඒ බී සි වශයෙන් කණ්ඩායම් 03 ක් පිහිටුවා රාජකාරි කරන ලදි. එසේ රාජකාරි කරමින් සිටියදි ඒකකය වෙත ආධුණික සෙනින් පැමිණිමත් සමගින් ඒකකයට නව කණ්ඩායමක් වශයෙන් ඩී කණ්ඩායම පිහිටුවා එහි නිළධාරී අණදෙන වශයෙන් නි/3739 කපිතන් බීකේවීකේපි රුද්‍රිගු යන නිළධාරී කටයුතු කරන ලදි.

ජයසිකුරු ක්‍රියාන්විතය ආරම්භ වීමත් සමගම කාල තුවක්කු අණුඛණ්ඩයන් හි ආරක‍ෂාව මෙම ඒකකය වෙත පැවරුනු අතර, තාන්ඩිකුලම් කාලතුවක්කු අනුකණ්ඩයේ ආරක‍ෂාව සදහා යොදවා සිටි මෙම ඒකක භඨ පිරිස් වෙත 1997 ජූලි මස 10 වන දින ත්‍රස්තවාදින් විසින් එල්ල කරන ලද ප්‍රහාරයේදි සෙනින් 05 දෙනෙකු මියගොස් ඛණ්ඩ භාර නිළධාරී ඇතුළු සෙනීන් 07 දෙනෙකු තුවාල සිදුවන ලදි.

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
මේජර් ඒජෙවිබි තෙන්නකෝන් - ශ්‍රිලංජාආබමු 1992.12.25 1994.02.28
ලුතිතත් කර්නල් ඒජෙවිබි තෙන්නකෝන් - ශ්‍රිලංජාආබමු 1994.03.01 1997.04.30
ලුතිතත් කර්නල් ඩිඑම්යුඑන් දිසානායක - ශ්‍රිලයුපුබ 1997.05.01 1997.05.31
ලුතිතන් කර්නල් කේඩබිලිව්වයි ජයතිලක - ශ්‍රිලංසිරෙ 1997.06.01 1999.11.12
මේජර් පිඩබ්ලිව්සිඩි බුවනක බංඩාර - විපාරෙ 1999.11.12 1999.11.29
මේජර් ආර්එම්එම් රත්නායක - ශ්‍රිලපාහ 1999.12.01 2002.04.10
මේජර් එස්එන් උඩුකුලගේ - ශ්‍රිලපාහ 2002.04.10 2006.02.11
මේජර් එන්ජිජිඑස් තිලකරත්න - ශ්‍රිලංසිරෙ 2006.02.11 2007.01.10
ලුතිතන් කර්නල් එන්ජිජිඑස් තිලකරත - ශ්‍රිලංසිරෙ 2007.01.10 2008.07.08
ලුතිතන් කර්නල් ඩිපිඩබිලිව් ද සිල්වා - ශ්‍රිලංජාආබමු 2008.07.08 01.07.2012
මේජර් එල්ආර් විතානගේ - ශ්‍රිලකාහ 01.07.2012 25.07.2013
ලුතිතන් කර්නල් එල්ආර් විතානගේ - ශ්‍රිලකාහ 25.07.2013 15.07.2016
මේජර් ආර්එම් ආනන්ද - ශ්‍රිලංජාආබමු 15.07.2016 27.01.2020
මේජර් එස්යුඩබ්ලිව් විමලරත්න - ශ්‍රිලංජාආබමු 15.07.2016 මේ දක්වා

වර්තමාන පිහිටීම