Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 14ශ්‍රීලංජාආබමු

14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

1993 මැයි මස 21 වන දින නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද සිද්ධපුර පුනානි කදවුරේදි 14 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක‍්ෂක බළමුළුව ස්ථාපනය කර ආරම්භ කරන ලදි. මෙම ඒකකයේ ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් ලූතිතන් කර්නල් ටීබී සේනානායක ශ්‍රිලයුපොදුසේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි කටයුතුකල අතර, විධායක අධිකාරි ලෙස කපිතන් ආර් ගනේගොඩ ඉසේරෙ යන නිලධාරි ද, ප්‍රථම උපකරණ පාලන නිලධාරි ලෙස කපිතන් ඩීඑම් අබේසේකර ශ්‍රිලංසිරෙ යන නිලධාරි ද රාජකාරි ආරම්භ කරන ලදි.

1993 වසරෙ ආරම්භයේ සිට මෙම ඒකකය නොයෙකුත් ක්‍රියාන්විතයන් සදහා දායකත්වය සපයා ඇති අතර, ඒකකය විසින් සිදුකරන ලද ක්‍රියාන්විතයන් හිදි ත්‍රස්තවාදින් මරණයට පත්කර ඔවුන් සතු අවි ආයුධ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

1999 ජනවාරි මස 23 වන දින 2/ලූතිතන් ඩීඑම්ඒඑම් දිසානායක ශ්‍රිලංජාආබමු ඇතුළු රැකසිට පහර දීමේ මුරය මගින් ත්‍රස්ථාවාදීන් වෙත එල්ලකරන ලද සාර්ථක ප්‍රහාරයක් හේතුවෙන් ත්‍රස්ථවාදි මළ සිරුරු අවි ආයුධ හා යුද උපකරණ රාශීයක් අත්පත් කර ගැනීමට එම භඨ පිරිස් හට හැකියාව ලැබිණි. සතුරා ඉදිරියේ විදහා පාන ලද වික්‍රමාන්විතය වෙනුවෙන් තත් නිලධාරි හා ජ්‍යෙකෝනොනි හට රණශුර පදක්කම හිමිගන්වා ඒකක ඉතිහාසය නව පරිච්ඡෙදයක් වෙත යොමුකර ඇත.

1999 දෙසැම්බර් මස 13 වන දින රෙජිමේන්තු ඉතිහාසය රන් අකුරින් ලියමින් එදින මධ්‍යම රාත්‍රියේ කජුවත්ත යුද හමුදා කදවුරේ ස්ථානගතව සිටි මෙම ඒකක භඨ පිරිස් ඉලක්ක කර ත්‍රස්තවාදීන් 300 කට අධික ප්‍රමාණයක් එල්ලකරණ ලද ප්‍රහාරය සාර්ථකව මැඩ පවත්වා පුරා දිනකට ආසන්න කාලයක් ඔවුන් සමග යුද වැදී ත්‍රස්තවාදී විශාල ප්‍රමාණයක් ජීවිතක‍ෂයට පත්කර ඔවුන්ට අයත් යුද උපකරණ රාශියක් අත්පත්කර ගැනීමට හැකි විය. එම සටනේදී ත්‍රස්තවාදී නායකයෙකු ඇතුළු ත්‍රස්ථ සමුහයකගේ මළසිරුරුද අත්පත්කර ගැනීමට මෙම ඒකක භඨ පිරිස් හට හැකි විය. මෙම සටනේදී ලූතිතන් පිඑන්එස් ප්‍රේමතිලක ශ්‍රිලංජාආබමු යන නිලධාරි සතුරා ඉදිරියේ ප්‍රදර්ශනය කල රණශුරත්වය හා එඩිතර නායකත්වය අගයමින් රණ වික්‍රම පදක්කමින් පිදුම් ලැබූ අතර, එම නිලධාරි එම පදක්කමින් පිදුම්ලද ප්‍රථම ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළු සාමාජිකයාද වේ. තම දිවි දෙවෙනි කොට මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් කැප වී මෙම කි්‍රයාන්විතයට දායකත්වය ලබාදුන් අනිකුත් නිලධාරි සහ සෙබළුන් ඇගයීමට ලක්කර තවත් රණ වික්‍රම පඳක්කම් 04 ක් සහ රණ ශුර පඳක්කම් 09 කින් පිදුම් ලබා ඇත. මෙම වික්‍රමාන්විත මෙහෙයුම් මගින් ශ්‍රි ලංකාද්වීපයේ ස්රිත්වය උදෙසා නිලධාරි සමග සෙසු නිළයින් 106 කු ජිවිතක‍ෂයට පත්ව නිලධාරින් හත්දෙනෙකු සහ සෙබළුන් එකසිය දහඅට දෙනෙකු තුවාල ලබා ඇත.

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
ලුතිතන් කර්නල් ටිබි සේනානායක - ශ්‍රිලයුපොසේබ 21.05.1993 21.05.1995
ලුතිතන් කර්නල් ජේ ගොඩහිය - ශ්‍රිලංඉ 21.05.1995 21.05.1997
මේජර් ඩබ්ලිව්සි යාපා - ශ්‍රිලයුපුබ 21.05.1997 26.11.1998
මේජර් එම්එම් නවරත්න බංඩාර - ශ්‍රිලංසිරෙ 26.11.1998 12.04.2002
මේජර් එස්බි සුදර්මසිරි - ශ්‍රිලංසිරෙ 12.04.2002 23.07.2005
මේජර් සීයු ගමැතිගේ - ශ්‍රිලංසිරෙ 23.07.2005 19.07.2007
ලුතිතන් කර්නල් ජේඑම්ටිඑම්බි කරුණාතිලක - ශ්‍රිලංසිරෙ 19.07.2007 29.09.2011
මේජර් එස්ඒවයි පෙරේරා - ශ්‍රිලංජාආබමු 29.09.2011 25.07.2013
ලුතිතන් කර්නල් එස්ඒවයි පෙරේරා - ශ්‍රිලංජාආබමු 25.07.2013 29.01.2016
මේජර් ඊඩිඑම් ජයකාන්ත - ශ්‍රිලංජාආබමු 29.01.2016 මේ දක්වා

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් එම්ඩබිලිව්එන් වීරසුරිය - ශ්‍රිලංසිරෙ 06.18.1905 10.07.1996
මේජර් ඒඑස්බ් ඒකනායක - ශ්‍රිලංසිරෙ 06.19.1905 05.03.2002
මේජර් සිජිජෙඑන් ද සිල්වා- ගැහෙබ 05.03.2002 07.01.2003
මේජර් පීබී පෙරේරා 07.01.2003 11.23.2005
මේජර් එච්කේඒ ගුණසිංහ - ගරෙ 11.23.2005 06.06.2006
මේජර් ජෙආර්එස් රැපසිංහ- ශ්‍රිලංජාආබමු 06.06.2006 12.08.2008
මේජර් ටිඑස් හෙට්ටිආරච්චි- ශ්‍රිලංජාආබමු 12.08.2008 01.14.2012
මේජර් එම්ජි විමලසිරි-ශ්‍රිලංජාආබමු 01.14.2012 03.24.2013
මේජර් ඩිඑම්ඒඑම් දිසානායක ආර්එස්පි 03.24.2013 08.08.2013
මේජර් ජිඒඩිපි ගනෙහිආරචිච්චි 08.08.2013 මේ දක්වා

වර්තමාන පිහිටීම