Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 13ශ්‍රීලංජාආබමු

13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

3 (සෙව්) ශ්‍රිලංසිරෙ සහ 2 (සෙව්) විජයබාහු පාබළ රෙජිමේන්තුව යටතේ වව්නියාව ඉදිරි ආරක‍්ෂක වළල්ලේ තාන්ඩිකුලම්, ඇටඹගස්කඩ, සින්නකුළම, ගල්කොරිය උලුක්කුලම, පෙරියඋලූක්කුලම තම්මනේ, අවරන්තුලාව, වීරකුලම්, සෙට්ටිකුලම යන ප්‍රදේශයන්හි 4 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළුව තම මව් ඒකකය වශයෙන් ඇතුලත්ව රාජකාරි ඉටුකරන ලද විසිරි සිටි භඨ පිරිස් එක්රැස් කොට වෙනම ඒකකයක් වශයෙන් ගොඩනැගීමේ අවශ්‍යතාවය එවකට 4 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළුවෙහි අණදෙන නිළධාරි තනතුරේ රාජකාරි ඉටුකරන ලද ලූතිතන් කර්නල් පි විජෙරත්න ගරෙ යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අණදිම යටතේම 1992 නොවැම්බර් මස 15 වන දින සෙට්ටිකුලම, ගජසිංහපුර කදවුරේදී 13 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළුව නගාසිටුවන ලදි.

උතුර මුදාගැනීම වස් දියත් කරන ලද පළමු මානුෂීය මෙහෙයුම් අධියර වන අරිප්පු හා සිලාවතුර ප්‍රදේශය මුදා ගැනීමේ සටනට සෘජුවම දායක වෙමින් අරිප්පු හා සිලාවතුර ප්‍රදේශයේ ආරක‍ෂාව තහවුරු කරන ලදි. උතුර මුදවා ගැනීම පිණිස දියත් කළ මානුෂිය මෙහෙයුමේ ඊලග අධියර මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයෙන් ආරම්භ වීමත් සමගම ප්‍රදේශ මුලස්ථානය මන්නාරම වෙතින් මිදි වැළිඔය ප්‍රදේශයේ නයාරු සහ ආන්දන්කුලම් ප්‍රදේශයේ ස්ථානගත නිත්‍ය ඒකක වන 15 ශ්‍රිලපාහ,11 ගැහේබ සහ 14 ගරෙ යන ඒකකයන්හි නිළධාරි සහ සෙනීන් සමග සෘජුවම ඉදිරි භමියේ සිට ක්‍රියාන්විතය සදහා දායක වන ලදි.

ක්‍රියාන්විත ප්‍රදේශයන් හී පමණක්ම ස්ථානගත වුවද මෙම ඒකක භඨ පිරිස් පාලන හා ක්‍රිඩා කටයුතු වලින්ද ශ්‍රි ලංකා ජාතික ආරක‍්ෂක බළමුළුව තුල කීර්ති නාමයක් දිනා ඇත. එම ජයග්‍රහණවලින් බිදක් පහතින් දක්වා ඇත.

1998 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු කරාතේ තරගාවලියේ සටන් ශිල්පිය ඉසව්වේ දෙවන ස්ථානය
1999 වර්ෂයේ අන්තර් ඒකක සය සාමාජික ක්‍රිකට් තර`ගාවලිය ශුරතාවය
1999 වර්ෂයේ රෙජිමේන්තු අන්තර් ඒකක මළල ක්‍රීඩා තරගාවලියේ තෙවන සථානය
2000,2002,2005 සහ 2007 වර්ෂයන් හී අන්තර් ඒකක අත්පන්දු තර`ගාවලියේ ශුරතාවය
2002 වර්ෂයෙහි අන්තර් ඒකක පිහිණුම් තගාවලියේ ශුරතාවය
2003, 2004 සහ 2011 වර්ෂයන්හි අන්තර් ඒකක අත්පන්දු තරගාවලියේ අණු ශුරතාවය
2005 වර්ෂයෙහි අන්තර් ඒකක පැසිපන්දු තරගාවලියේ ශුරතාවය
2005 වර්ෂයෙහි අන්තර් ඒකක කබඩි තරගාවලියේ අනුශුරතාවය
2009 වර්ෂයන්හි අන්තර් ඒකක අත්පන්දු තරගාවලියේ තෙවන ස්ථානය
2009 වර්ෂයන්හි අන්තර් ඒකක කබඩි තරගාවලියේ ශුරතාවය
2010 වර්ෂයෙහි අන්තර් ඒකක කබඩි තරගාවලියේ තෙවන ස්ථානය .
ශ්‍රි ලංකා ජාතික ආරක‍්ෂක බළමුළු දක‍්ෂතම බළඇණි තේරීමේ තරගයේ 1999 වර්ෂයේ දෙවන ස්ථානය
ශ්‍රි ලංකා ජාතික ආරක‍්ෂක බළමුළු දක‍ෂතම බළඇණිය තේරීමේ තරගයේ 2000 වර්ෂයේ තුන් වන ස්ථානය
ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළු දක‍්ෂතම බළඇණිය තේරීමේ තරගයේ 2001 වර්ෂයේ හතර වන ස්ථානය
ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළු දක‍්ෂතම බළඇණිය තේරීමේ තරගයේ 2003 වර්ෂයේ හතර වන ස්ථානය
ශ්‍රි ලංකා ජාතික ආරක‍්ෂක බළමුළු දක‍ෂතම බළඇණිය තේරීමේ තරගයේ 2004 වර්ෂයේ පස්වන ස්ථානය
ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළු දක‍්ෂතම බළඇණිය තේරීමේ තරගයේ 2005 වර්ෂයේ තුන් වන ස්ථානය
2013 වර්ෂයේ ආසේමු (කිළි) බළ ප්‍රදේශයේ ඒකකයන් අතුරින් සියලූම නිලයන් අතර පැවැත්වු ශාරිරික යෝග්‍යතා පරික‍ෂණයෙන් ප්‍රථම ස්ථානය හා දක‍ෂතම ඒකකය

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
මේජර් එස්බී නික්හෙටිය - ශ්‍රිලංයුයුබ 15.11.1992 11.02.1993
ලුතිතන් කර්නල් ඒබී වීරකෝන් - ශ්‍රිලංසීරේ 12.02.1993 20.05.1993
ලුතිතන් කර්නල් ආර්බී සේනානායක - ශ්‍රිලංසීරේ 21.05.1993 24.06.1994
මේජර් එස්ඩබ්එස් සේනානායක - ශ්‍රිලංපොහේබ 25.06.1994 31.08.1996
මේජර් එම්එස් වික්රනමසුරිය - ශ්‍රිලංසීරේ 01.09.1996 30.06.2000
ලුතිතන් කර්නල් ඊඑම්ඩබ්ලිව් එකනායක - ශ්‍රිලංසීරේ 01.07.2000 05.06.2002
ලුතිතන් කර්නල් එච්එඑස් කරුණාතිලක - ශ්‍රිලංකාහ 06.06.2002 08.06.2006
ලුතිතන් කර්නල් ආර්එම්එස්එල්ආර් ගමගෙදර - ශ්‍රිලංජාආබමු 09.09.2006 02.02.2015

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් ඊඑම්ඩබ්ලිව් ඒකනායක 01.01.1997 20.07.2000
මේජර් එම්එම්එල්එස්කේ වීරසේකර 21.07.2000 09.04.2002
මේජර් ඊඑච්එස්ආර් ද සිල්වා 10.04.2002 16.12.2005
මේජර් කේඑස්ආර් 17.12.2005 08.03.2009
මේජර්ජේඩී මෙන්ඩිස් 08.03.2009 19.12.2011
මේජර් ආර්ඩබ්ලිව්එස්බී රඔුක්වැල්ල - ශ්‍රිලංජාආබමු 19.12.2011 17.12.2015
මේජර් එස්බී ඒකනායක - ශ්‍රිලංජාආබමු 17.12.2015 මේ දක්වා

වර්තමාන පිහිටීම