Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 12ශ්‍රීලංජාආබමු

12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ඊලාම් යුදධයේ විකාශයත් සමගම උතුරු නැගෙනහිර ත්‍රස්ථවාදි ක්‍රියාකාරකම් වැඩිවීම හේතුවෙන් රටේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක‍ෂා කිරිම සදහා අළුතින් ඒකක නගා සිටුවීට සිදුවිය. එහි ප්‍රථීපලයක් වශයෙන් ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළළු රෙජිමේන්තුව නගා සිටුවන ලදි. ඒ අනුව දෙවන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළු නගාසිටුවීමෙන් පසු නැගෙනහිර පලාතේ ආරක‍ෂාව පුළුල් කරීම සදහා තවත් ඒකකයක් අවශ්‍යවිය. එහි ප්‍රථීපලයක් වශයෙන් 1993 මැයි මස 27 වන දින ත්‍රිකුණාමලය මංකිබ්ජ් යුද හමුදා කදවුරේදි මෙම ඒකකය ආරම්භ කරන ලදි.

නිළධාරින් එකලොස් දෙනෙකුගෙන්ද සෙසුනිලයින් අටසිය පනස් එකකින්ද ආරම්භකරන ලද මෙම ඒකකයෙහි ප්‍රථම අණදෙන නිළධාරි ධුරය හොබවන ලද්දේ මේජර් සිපිපිපි ද සිල්වා ශ්‍රිලයුයුබ ජ්‍යෙෂ්ඨ නිළධාරි විසිනි. ඒකකයේ දෙවන අණදෙන නිළධාරි වුයේ මේජර් සිපි කූමාර ශ්‍රිලයුපොදුසේබ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ද පළමු විධායක අධිකාරි වශයෙන් කපිතන් එච්එම්සිපි කුමාර ශ්‍රිලයුපොදුසේබ නිලධාරී ද උපකරණ පාලක නිළධාරි වශයෙන් ලූතිතන් (උපා) පි අබේසිංහ ගැහේබ යන නිලධාරීන්ද කටයුතු කර ඇත. ප්‍රථම රෙපිමේන්තු සැරයන් මේජර් වශයෙන් බනි 1 ආර්පි නෝමන් යන බලලත් නිළධාරි කටයුතු සිදු කර ඇත.

1993 වර්ෂයේ සිට 2009 වර්ශය දක්වා නැගෙනහිර පලාත තුල සෑම ප්‍රදේශයක් ආවරණය වන පරිදිම මෙම ඒකකය ස්ථානගතව සිටි අතර, එම කාලය තුල එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව මනා නිපුනත්වයකින් හා ධෛරයය සම්පන්නව මෙම ඒකක භඨ පිරිස් රාජකාරී ඉටුකර ඇත. එම කාලය තුලදී සතුරා වෙත එල්ලකරන ලද ප්‍රහාරයන් තුලින් විශාල ජයග්‍රහණ රාශියක් අත්පත්කර ගැනීමට හැකි විය. එමගින් එම ප්‍රදේශයේ ජීවත් වූ සිවිල් වැසියන්ගේ ජන ජීවිතය මනා ලෙස පවත්වාගෙන යාමට උපකාරී වීමට මෙම ඒකක භඨ පිරිස් වෙත හැකි විය.

ත්‍රස්තවාදයට එරෙහිව යුද වැදීම මෙම ඒකකයේ රාජකාරිය උවද ඒකක භඨ පිරිස් ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළු රෙජිමේන්තුව තුල පාලන හා ක්‍රිඩා අංශයන්ගෙන්ද දස්කම් පැමට හැකිවිය. එහි ප්‍රථීපලයක් ලෙස අන්තර් බළඇණි වෙඩිතැබීම් තරගාවලිය, අන්තර් බළඇණි සරඹ ගාවලිය, අන්තර් බළඇණි කරාතේ තරගාවලිය, අන්තර් බළඇණි බර එසවීමේ තරගාවලිය හා වාර්ෂිකව පවත්වනු ලබන දක‍ෂතම බළඇණිය තේරීමේ තරගාවලිය විශීෂ්ඨ දස්කම් දැක්වීමට මෙම ඒකක භඨ පිරිස් වෙත හැකියාව ලැබින.

දශක දෙකකට වැඩි කාලයකට උරුමකම් කියන මෙම ඒකකය එම කාලය තුල දෙස් විදෙස් පාඨමාලා රාසියක් සදහා භඨ පිරිස් සහභාගිකර ඇති අතර,එමගින් ඔවුන් විශීෂ්ඨ දස්කම් දක්වා ඇත. හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සදහා ද විශාල දායකත්වයක් දැක්වීමට මෙම ඒකක භඨ පිරිස් වෙත හැකියාව ලැබීණි. එම ඉතිහාසය තුල රටේ ඒකීය භාවය වෙනුවෙන් නිලධාරින් දෙදෙනෙකු හා සෙසුනිළයින් හතලිස්පස් දෙනෙකු තම ප්‍රාණ වායුව මිහිතලයට මුසුකර ඇත. තවත් සෙසුනිලයින් දහ අට දෙනෙකු ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව ඇත.

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
මේජර් සිජිජිවි ද සිල්වා - ශ්‍රිලංයුබ 27.05.1997 15.09.1993
මේජර් බිඑන් නිකහැටිය - ශ්‍රිලංයුබ 15.09.1993 15.06.1994
මේජර් එචිකේඑන්යු සිල්වා ආර්ඩබිලිවිපි - ශ්‍රිලංයුපොදුසේබ 15.06.1994 01.03.1995
ලුතිතන් කර්නල් එචිකේඑන්යු සිල්වා ආර්ඩබිලිවිපි - ශ්‍රිලංයුපොදුසේබ 01.03.1995 19.04.1996
මේජර් එමිඑචිපි මිහිදුකුලසුරිය - ශ්‍රිලංයුපොදුසේබ 19.04.1996 06.06.1996
මේජර් ඩබ්ලිව්පී පලිහක්කාර - ශ්‍රිලංයුපොදුසේබ 19.04.1996 06.06.1996
ලුතිතන් කර්නල් එමිඑචිපි මිහිදුකුලසුරිය- ශ්‍රිලංයුපොදුසේබ 21.11.1996 14.03.1998
මේජර් යුඑඑ විමලවිර යුඑස්පි- ශ්‍රිලංසසබ 14.06.1998 01.07.2000
ලුතිතන් කර්නල් යුඑඑ විමලවිර යුඑස්පි- ශ්‍රිලංසසබ 01.07.2000 02.04.2001
මේජර් ඒඑමිපි තෙන්නකෝන් ආර්එස්පි-ශ්‍රිලංඉ 27.04.2001 05.09.2005
මේජර් ඩබිලවිජෙඒටිකේ පෙරේරා-ශ්‍රිලංකාහ 05.09.2005 19.09.2006
මේජර් ජිඑමියු බණ්ඩාරනායක-ශ්‍රිලංසිරෙ 19.09.2006 07.09.2007
මේජර් අයිඑමිඩිඑස් ඉහගම-ශ්‍රිලංජාආබමු 07.09.2007 03.12.2007
මේජර් පිඑචිඑස් ගුණසේකර-විපාරෙ 03.12.2007 02.09.2009
ලුතිතන් කර්නල් පිඑචිඑස් ගුණසේකර-විපාරෙ 02.09.2009 18.05.2012
මේජර් ඩියු විරසිංහ-ශ්‍රිලංජාආබමු 18.05.2012 28.07.2016
මේජර් ජිඒඩිපි ගනෙහිආරචිචි-ශ්‍රිලංජාආබමු 28.07.2016 12.07.2017
මෙජර් එන් ඩබිලවි දහනායක- ශ්‍රිලංජාආබමු 12.07.2017 මේ දක්වා

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් බට්‍රිම් - ශ්‍රිලංජාආබමු 19.01.1996 01.12.1998
මේජර් ආර්එම්ඊඑල් දිවුල්වැව - ශ්‍රිලංජාආබමු 01.12.1998 13.05.2000
මේජර් පිකේඩි රත්නසිංහ - ශ්‍රිලංයුපොදුසේබ 13.05.2000 19.04.2001
මේජර් ඩිඑන් හෙට්ටිආරචිචි - ශ්‍රිලංජාආබමු 19.04.2001 19.02.2006
මේජර් අයිජිඑම්ඩිඑස් ඉහගම - ශ්‍රිලංජාආබමු 19.02.2006 31.08.2008
මේජර් ඒජිඑස්ඒ කුමාර - ශ්‍රිලංජාආබමු 01.09.2008 11.08.2010
මේජර් කේඑස්ඒ බස්නායක - ශ්‍රිලංජාආබමු 11.08.2010 10.12.2011
මේජර් බිඑම්සි වන්නිනායක - ශ්‍රිලංජාආබමු 10.12.2011 24.01.2013
මේජර් ආර්එම්සිආර් බන්ඩාර - ශ්‍රිලංජාආබමු 24.01.2013 28.11.2013
මේජර් පිඑම්එල් පෙරේරා - ශ්‍රිලංජාආබමු 28.11.2013 මේ දක්වා

වර්තමාන පිහිටීම