Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 10ශ්‍රීලංජාආබමු

10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළුව වෙත බදවා ගන්නා ලද සෙනින් 1991 ජනවාරි මස 20 වන දින යාපනය අර්ධද්වීපය තුල ස්ථාන ගත නිත්‍ය ඒකකයන් වෙත යාකර එල්ටිටිඊ තස්ථ ක්‍රියාකාරකම් ව්‍යාර්ථා කිරීම සදහා රාජකාරීයෙහි යොදවා සිටින ලදි. එම භඨ පිරිස් හී අණ සහ පාලනය සදහා ඒකකයක් හෝ අණදෙන නිලධාරියෙකුගෙන් සැදුම්ලත් ව්‍යුහූයක් නොතිබුන අතර, එයට පිළියමක් වශයෙන් 1991 වර්ෂයේ සිට ශිෂ්‍යභඨ බලකායට අයත් ලූතිතන් එල්එන් කබ්රාල් යන නිළධාරි පත් කරන ලදි. මෙම නිළධාරිගේ සහාය සදහා තවත් ජාතික ශිෂ්‍ය භඨ බලකායට අයත් නිළධාරින් 05 දෙනෙකු ඇතුලත්කර සිටින ලදි.මෙසේ ඒකකයේ රාජකාරි කරගෙන යන අතරතුරදි 1992 ජනවාරි මස 06 වන දින මේජර් එල්ආර් අත්තනායක ශ්‍රිලයුසේබ ප්‍රථම ඒකක අණදෙන නිලධාරි වශයෙන් සිය තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි.

10 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බළමුළුව වෙත ප්‍රථමයෙන්ම ස්වෙච්ඡා කෙඩෙට් නිලධාරි පාඨමාළාවකින් ඇතුලත් කල නිලධාරි වශයෙන් 2/ලූතිතන් ආර්ඩිකේ කොහොඹන් ශ්‍රිලංජාආබමු 1992 ජනවාරි මස 30 වන දින ඒකකයට එක්විය .

එමෙන්ම එම නිලධාරි ඒකකයේ ආරම්භක කටයුතු වලදි දැක්වු කැපවිම මත ඒකකයේ ප්‍රථම විධායක අධිකාරි වශයෙන් 1992 පෙබරවාරි මස 13 වන දින පත්කරනු ලැබීය.

පලාලි 21 වන බලසේනා මුලස්ථානය සංකිර්ණයේ සුළු ඉඩකඩ ප්‍රමාණයකට සිමාවු මෙම ඒකක මුලස්ථාන කාර්යයලය එම ස්ථානයෙන් ඉවත්ව 1992 පෙබරවාරි මස 19 වන දින වාසවිලාන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ස්ථානගතවිය. 1993 මාර්තු මස 26 වන දින ඒකකයේ ප්‍රථම රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයට අයත් බනි 1 ඩබ්ලිව්පි වංශපාල පත්වන ලදි.

1993 පෙබරවාරි මස 14 වන දින ඒකකය ප්‍රථම වතාවට බළඇණි දිනය සැමරීමට අවස්ථාව ලැබුන අතර, එහිදි ඒකක ඉතිහාසයට එක්වු තවත් වැදගත් අවස්ථා කිපයක් සිදුවිය. .එනම් ඒකක අණදෙන නිලධාරි හට සම්මාන පෙළපාලියක් පැවැත්වීම, ප්‍රථම සියළු නිළ භෝජන සංග්‍රහයක් පැවැත්වීම හා කෝප්‍රල් නිළයට උසස් වූ ප්‍රථම කණ්ඩායම වෙත නිළ ලාංඡන පැළද වීම සිදුවිය.

වාසවිලාන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ස්ථානගතව සිටි මෙම ඒකක බළඇණි මුලය 1994 ජුනි 18 වන දින සෙන්තම්කුලම්හි ස්ථානගතවු අතර, ඉන් අනතුරුව 1994 අප්‍රේල් මස 29 වන දින ඒකකය කන්කසන්තුරයේ සිමෙන්ති කම්හල සංකිර්ණයේ ස්ථානගත විය. ඒකක ආරම්භයේ සිට අවුරුදු 04 කට අධික කාළයක් සිය අණදිම් කාර්යය ඉටුකල ලුතිතන් කර්නල් එල්ආර් අත්තනායක කේඑස්වී සිය අණදිම් කාලය අවසන් කරමින් ඒකකයේ නව අණදෙන නිළධාරි වශයෙන් පැමිණි ඒකකයට අයත් මේජර් එන්බී වේරගම ශ්‍රීලංසිරෙ හට 1996 ජූලි මස 27 වන දින ඒකකයේ අණදිම භාර දෙන ලදි.

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
ලුතිතන් කර්නල් එල්ආර් අත්තනායක - ශ්‍රිලංසංබ 26.01.1992 27.07.1997
ලුතිතන් කර්නල් එන්බී වේරගම - ශ්‍රිලංසිරේ 27.07.1997 17.03.1997
මේජර් එම්පී කුමාරනායක - ශ්‍රිලංසංබ 17.07.1997 20.05.1998
මේජර් ජේඒකේ ජයකොඩි - ශ්‍රිලංජාඅබමු 20.05.1998 15.05.2000
ලුතිතන් කර්නල් එස්ඩීඑන්ජේ සුරවීර ආර්එස්පී - ගරේ 15.05.2000 08.06.2001
මේජර් එම්ඩීපීඑස් මොහොට්ටිගේ ආර්එස්පී - ගරේ 08.06.2001 17.04.2005
මේජර් ඩබ්ලිව්සී පෙරේරා - ශ්‍රිලකාහ 17.04.2005 15.06.2007
ලුතිතන් කර්නල් ඩබ්ලිව්සී පෙරේරා - ශ්‍රිලකාහ 15.06.2007 21.02.2008
ලුතිතන් කර්නල් වයිජීපීඑන් ජයරත්න - ශ්‍රිලංසීරේ 21.02.2008 01.07.2012
මේජර් ජේඩීයුටී කුමාර - ශ්‍රිලංකාහ 01.07.2012 25.07.2013
ලුතිතන් කර්නල් ජේඩීයුටී කුමාර - ශ්‍රිලකාහ 25.07.2013 07.01.2014
මේජර් ඩබ්ලිව්සී කලන්සූරිය - ශ්‍රිලංජාආබමු 07.01.2014 Up To Now

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
ලුතිතන් කර්නල් එල්ආර් අත්තනායක - ශ්‍රිලංසංබ 26.01.1992 27.07.1997
ලුතිතන් කර්නල් එන්බී වේරගම - ශ්‍රිලසිරේ 27.07.1997 17.03.1997
මේජර් එපී කුමාරනායක - ශ්‍රිලංසංබ 17.07.1997 20.05.1998
මේජර් ජේඒකේ ජයකොඩි - ශ්‍රිලංජාආබමු 20.05.1998 15.05.2000
Lt Col SADNJ Suraweera RSP - GR 15.05.2000 08.06.2001
Maj MDPS Mohottige RSP - GR 08.06.2001 17.04.2005
Maj WC Perera - SLA 17.04.2005 15.06.2007
Lt Col wc Perera - SLA 15.06.2007 21.02.2008
Lt Col YGPN Jayaratne - SLSR 21.02.2008 01.07.2012
Maj JDUT KUMARA - SLA 01.07.2012 25.07.2013
Lt Col JDUT KUMARA - SLA 25.07.2013 07.01.2014
Maj WC Kalansooriya - SLNG 07.01.2014 Up To Now

වර්තමාන පිහිටීම