Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

23rd March 2026 19:12:56 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නව මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් එල් රංචගොඩ කේඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් එල් රංචගොඩ කේඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 12 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් 2026 මාර්තු මස 06 වන දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කරන ලදි.

නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ එස් ආර් රණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව මුර පරික්‍ෂාවක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය. මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදු මෙම රෙජිමේන්තු සාමාජිකයින් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිදීමට එතුමන් කටයුතු කරනු ලැබූ අතර, පසුව ආගමික වතාවන් මධ්‍යයේ නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි. ඉන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරනුවස් පැලයක් රෝපණය කිරීමට කටයුතු කරනු ලැබීය.