Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

23rd March 2026 19:08:12 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නික්ම ගිය මධ්‍යස්ථාන සේනාවිධායක තුමාන් හට ගෞරවාචාරය පුද කරයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එල් ඩබ්ලිව් එස් ආර් වෙත්තසිංහ යන ජ්‍යෙෂඨ නිලධාරි 2026 පෙබරවාරි මස 04 වන දින එම තනතුරෙන් නික්ම ගිය අතර, එම උත්සවයේදී ඔහුගේ ධූර කාලය තුළ සිදු කරන ලද කැපවීම සහ අමිල සේවය වෙනුවෙන් හෘදයාංගම උපහාරයක් පුද කරිමත් සමග නික්ම ගිය මධ්‍යස්ථාන සේනාවිධායක හට සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පිරිනමන ලදි.

සිය සමුගැනීමේ කතාවේදී, බ්‍රිගේඩියර් රොහාන් වෙත්තසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තම ධුර කාලය පුරාවට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සියලුම සාමාජිකයින් දැක්වූ ස්ථිර සහයෝගය, පක්ෂපාතිත්වය සහ කැපවීම වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පළ කළේය. තම ධූර කාලය තුළ නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් දැක් වු කණ්ඩායම් හැඟීම සහ වෘත්තීයභාවය එතුමන් විසින් අගය කරන ලදි.

මධ්‍යස්ථාන සේනාවිධායක ධූර කාලය අවසන් කිරීම සනිටුහන් කරමින් සංකේතාත්මකව රාජකාරි භාරදීමත් සමඟ උත්සවය අවසන් විය. මෙම අවස්ථාව නැරඹීමට සහ ඔහුගේ අනාගතය සඳහා සුබ පැතුම් එක් කිරීමට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය, සාමාජිකයින්, මන්ත්‍රන සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.