Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

06th March 2026 17:28:59 Hours

15 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සෙබළෙකු හට නව නිවසක් ඉදිකර භාරදීම

මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව යටතේ රාජකාරී කරනු ලබන සෙ/කිව්107377 සාසෙ රත්නායක එච්එස් යන සෙනියාගේ බහුවිද ආබාධිත තත්වයෙන් පසුවන අවුරුදු 20 ක් වයසැති පුතනුවන්ගේ වෛද්‍ය කටයුතු වෙනුවෙන් මාසිකව විශාල පිරිවැයක් දැරිමට සිදුවීම හේතුවෙන්, තමාට සහ තම පවුලේ උදවිය හට වාසය කිරීමට ස්ථිර නිවසක් සදා ගැනීමට ආර්ථික මට්ටමක් නොමැති වීම මත ඔහු හට යුද්ධ හමුදා සේවා වනිතා ඒකක සභාපති තුමියගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන රු: 1,500,000.00 ක (රුපියල් ලක්‍ෂ පහලොව) පුර්ණ නිවාස ව්‍යාපෘතිය වෙතින් මුල්‍යාධාර වෙන් කිරිමෙන් පසු, 15 ශ්‍රිලංජාආබමු ඒකක අණදෙන නිලධාරිගේ පූර්ණ අධික්‍ෂණය යටතේ එම ඒකක භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකර, ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී කුමාරි පල්ලේකුඹුර මහත්මියගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙරාල් ලසන්ත රොද්‍රිගු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකක ගරු සභපතිනී ස්වේන්ද්‍රිණී දිසානායක මැතිණියගේ සුරතින් නිවාස ලාභියා වෙත 2026.03.04 වන දින නිවස හිමිගැන්වීම සිදු කරන ලදි.

මෙම උත්සව අවස්ථාව සදහා ආඥාපති ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙහිර) සහ ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජනක පල්ලේකුඹුර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී කුමාරි පල්ලේකුඹුර මහත්මිය මෙන්ම ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රොහාන් වෙත්තසිංහ මෙන්ම 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වින්දන කොඩිතුවක්කු, 571 වන පාබල බළසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අරුණ කුලසිංහ ඇතුළු ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවෙහි නිලධාරින් රැසක් සහභාගි වන ලදි.