Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

16th February 2026 19:04:14 Hours

‘මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් පවුල් ජීවිතය’ පිළිබඳ දේශනය - සේවා වනිතා ශාඛාව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ‘මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් පවුල් ජීවිතය’ යන මාතෘකාව යටතේ වටිනා දේශනයක් 2026 පෙබරවාරි 15 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. මෙම දේශනය 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ දෙවන අණදෙන නිලධාරි වන මේජර් ගිහාන් හේවානායක විසින් සිදුකරන ලදී. මෙම වැඩසටහන තුළදි මානසික ශක්තිය වැඩිදියුණු කිරීම, පවුල්වල අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සහ හමුදා සේවයේ කාර්යබහුල ස්වභාවය මධ්‍යයේ සමතුලිත හා සමාදානමය ගෘහස්ථ ජීවිතයක් පවත්වා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලදී.

රෙජිමේන්තුවේ සියලු ඒකක නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙනින්ගේ පවුල් 120ක් පමණ මෙම වැඩසටහනට සහභාගී වු අතර, අන්තර්ක්‍රියාකාරී සැසිය මගින් පවුල් ජීවිතයේදී යුද්ධ හමුදා සාමාජිකයින් මුහුණ දෙන අභියෝග විවෘතව සාකච්ඡා කිරීමට සහ මානසික ස්ථාවරතාවය හා පවුල් එකමුතුව පවත්වා ගැනීම සඳහා ප්‍රායෝගික උපදෙශනය ලබා ගැනීමට සහභාගී වූවන්ට හැකි විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ආඥාපති ආරක්ෂක සේනාව (නැගෙනහිර) සහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් J S B W පල්ලේකුඹුර RWP RSP, ndu, psc, ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි විය. තවද වැඩසටහන අවසානයේ ආරාධිත දේශකයාගේ දායකත්වය අගය කරමින්, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි හට සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි කුමාරි පල්ලේකුඹුර මැතිණිය සහ රෙජිමේන්තු අධිපතිතුමන් විසින් සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

මෙහිදී මෙම වැඩසටහන වෙනුවෙන් සහභාගී සියලු අයයළුන් සඳහා තේ පානය සහ වැඩ සටහන අවසානයේ දිවා ආහාරය ලබාදෙමින් ඉතා සාර්ථකව අවසන් කරන ලදි.