16th February 2026 18:55:51 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ 2026 වසරේ පළමු කාර්තුවට අදාල මාසික සභා රැස්වීම 2026 පෙබරවාරි 15 දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි කුමාරි පල්ලෙකුඹුර මැතිනියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙම අවස්ථාවට විධායක කමිටු සාමාජිකයින් සමඟ ශාඛාවේ අනෙකුත් සාමාජිකයින්ද සහභාගී වූහ.
මෙහිදි, 2026 ජනවාරි මාසය සහ පෙබරවාරි මාසයේ පළමු සති තුල සිදු කරන ලද ක්‍රියාකාරකම් සවිස්තරාත්මකව සමාලෝචනය කරන ලදී. තවද, සේවයේ නියුතු සාමාජිකයින්, විශ්‍රාම ලත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය සඳහා ක්‍රියාත්මක වන වත්මන් සුභසාධන වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලද අතර, මිට පෙර සැලසුම් කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය ඇගයීමට ලක් කර, අවශ්‍ය ස්ථානවල සංශෝධන සඳහා සාර්ථක යෝජනා ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් සහ සුභසාධන මූලික ව්‍යාපෘති පිළිබඳ ද සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී. සේවා වනිතා ශාඛා සභාපතිනිගේ මඟපෙන්වීම යටතේ පවුල් සුභසාධනය, දැනුවත් කිරිමේ වැඩමුළු සහ සමාජ සේවා කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශේෂ අවධානය යොමු කරමින් දෙමින් සාර්ථක ලෙස අවසන් කර ලදි.