Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

05th February 2026 09:59:56 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව විසින් එහි වාර්ෂික මහසභා රැස්වීම 2025 නොවැම්බර් 01 වන දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. මෙම මහසභා රැස්වීම ගරු සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

ජාතිය වෙනුවෙන් අවසන් සුසුම් එක්කල රණවිරුවන් සිහිකිරීමේ අරමුණින් මිනිත්තුවක නිශ්ශබ්ධතාවයකින් කටයුතු ඇරඹිණි. අනතුරුව ගරු සභාපතිනී විසින් අනාගතයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති ගෙනහැර දක්වමින්, සාර්ථකත්වය ලබාගැනීම සඳහා කැපවීමේ වැදගත්කම අවධාරණය කළාය.

ඉදිරි වර්ෂය සඳහා නව කමිටුවක් පත්කිරීම මෙම රැස්වීමේ වැදගත් අංගයක් විය. මෙහිදී ඒකක නියෝජිතයින්ට වගකීම් නිල වශයෙන් භාර දෙන ලදි. සභාපතිනී විසින් වාර්ෂික ක්‍රියාකාරකම් පිළිබඳ මග පෙන්වීම් සපයමින්, කැපවීම සහ සාමූහික කටයුතු වල අවශ්‍යතාවය යළි අවධාරණය කරන ලදී.

ශ්‍රීලංජාආබමු වනිතා ශාඛාවේ උදාර අරමුණු සමඟ සුබසාධන හා ප්‍රජා සේවා කටයුතු වලට තම කැපවීම මෙම රැස්වීම මගින් ප්‍රදර්ශනය කරන ලදී.

නවතමයෙන් පත්කරන ලද කාර්ය සාධක කමිටු සාමාජිකයින් පහත පරිදි වේ:

1. නිලන්ති ද සිල්වා මහත්මිය - ලේකම්වරිය

2. ඉරේෂා නාගසේන මහත්මිය - උප ලේකම්වරිය

3. ෂිරෝමි සේනානායක මහත්මිය - භාණ්ඩාගාරික

4. මල්ලිකා ජයසිංහ මහත්මිය - මහජන සම්බන්ධීකරන නිලධාරිනී

5. උදේනිකා විජේසුන්දර මහත්මිය - සහකාර මහජන සම්බන්ධීකරන නිලධාරිනී

6. සුභාෂිනී ගොඩෙල්ලවත්ත මහත්මිය - ව්‍යාපෘති නිලධාරිණිය