Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

05th February 2026 09:43:43 Hours

නව නිවුන් ළදරුවන් වෙනුවෙන් කිරිපිටි ප්‍රධානයක්

සෙ/කිව්100621 ලාන්ස් කෝප්‍රල් කුමාර එස්එම්ආර් යන වීරෝධාර රණවිරුවාගේ මාස හයක් වයසැති නිවුන් ළදරුවන් ලැබීම වෙනුවෙන් ඔවුන්ට සහාය දැක්වීමේ අරමුණින්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව විසින් 2025 ඔක්තෝබර් 20 වැනිදා විශේෂ වැඩසටහනක් සාර්ථකව සිදු කරන ලදී.

සමාජ සහයෝගීතා මුලපිරීම යටතේ, පවුලට අත්‍යවශ්‍ය ළදරු කිරිපිටි ප්‍රධානයක් සිදුකරන ලද අතර, මෙය මාස තුනක කාලයක් පුරාවට ක්‍රියාත්මක වේ. ඊට අමතරව වියලි ආහාර සහ අත්‍යවශ්‍ය ළදරු භාණ්ඩ කිහිපයක් ද පිරිනමන ලදී. කාලෝචිත මෙම දායකත්වය, ළදරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණය සහ සුභසාධනය සුරක්ෂිත කිරීමට මහත් උපකාරී වනු ඇත.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මැතිනියගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සිදුවිය.