05th February 2026 09:10:00 Hours
ලෝක ළමා දිනය සැමරුම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව විසින් 2025 ඔක්තෝබර් මස 04 වැනිදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම අර්ථවත් උත්සවය රෙජිමේන්තු අධිපති, මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මූලිකත්වය හා මාර්ගෝපදේශනය යටතේ පැවැත්වුණු අතර, කුරුණෑගල ප්‍රදේශයේ වාසය කරන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථානයේ හා බලඇණි වල දරුවන් හා පවුල්වලට සතුට, ප්‍රේමය හා සිනහව ගෙන ඒම අරමුණු කරගත්තේය.
විනෝදජනක ක්‍රීඩා, උත්සව හා සංගීතමය වැඩසටහන් මාලාවකින් සැරසුණු මෙම වැඩසටහන උද්යෝගය හා සතුටින් පිරුණු වාතාවරණයක් නිර්මාණය කළේය. දරුවන් සියලුම ක්‍රියාකාරකම්වලට ක්‍රියාශීලීව සහභාගී වූ අතර, සිනහව පෙරදැදි කරගත් සතුට ඉපිලීගිය දිනයක් නිර්මාණය විය. අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සහභාගී වූ සියලු දරුවන්ට විශේෂ ත්‍යාග ලබා දෙන ලද අතර, දරුවන්ට සහ ඔවුන්ගේ මව්පියන්ට තේ පානයක් සහ විශේෂ දිවා භෝජනයක් සපයන ලදී.
සැමරුමට සමගාමිව, සේවා වනිතා ශාඛාව විසින් මව්පියන්ට පොල් කිරිපිටි පැකට්ටු ප්‍රධානයක් සිදු කරමින්, පවුල් යහපත හා ප්‍රජා සහයෝගය වෙනුවෙන් ඇති අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කළේය.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මැතිනිය ප්‍රධාන අමුත්තා ලෙස මෙම උත්සවයට සහභාගී වූ අතර, ඇයගේ සහභාගීත්වය හා දරුවන් සමඟ සිදු කළ කරුණාවන්ත සංවාදය දවස වඩාත් විශේෂී කළේය. ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්, රෙජිමේන්තු අධිපති තුමන් සහ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු බොහෝ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද වැඩසටහනට සහභාගී වූ අතර, එමඟින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු පවුල තුළ පවතින එක්සත්කම හා රැකබලා ගැනීම තවදුරටත් අවධාරණය කරන ලදී.