03rd February 2026 18:37:43 Hours
S/Q112516 කෝප්‍රල් සේනවිරත්න යූ.එච්.ජී.ආර්.ඒ.පී. යන වීරෝධාර රණවිරුවා හා ඔහුගේ බිරිද හට නිවුන් දරුවන් උපත ලද පසු ඔවුන්ට සහයෝගය දක්වන අරමුණින්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් 29 වැනිදා විශේෂ පරිත්‍යාග වැඩසටහනක් සාර්ථකව සිදු කරන ලදී.
මෙම පරිත්‍යාගය යටතේ, අත්‍යවශ්‍ය ළදරු කිරිපිටි ප්‍රධානය කරන ලද අතර, මෙය මාස හයක කාලයක් පුරාවට දිගටම ක්‍රියාත්මක වේ. කාලෝචිත හා අත්‍යවශ්‍ය වූ මෙම දායකත්වය ළදරුවන්ගේ ජීවිතයේ මුල් කාලයේදී ඔවුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සුරක්ෂිත කිරීමට මහත්සේ උපකාරී වනු ඇත.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති තුමන් සහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මැතිනිය මෙම අවස්ථාවට විශේෂ අමුත්තා ලෙස සහභාගී වූහ.