03rd February 2026 18:28:29 Hours
2025 සැප්තැම්බර් 02 වැනිදා ගල්ගමුවේදී, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ S/Q107377 සාසෙ රත්නායක එච්. එස්. යන වීරෝධාර රණවිරුවා වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීමේ විශේෂ උත්සවයකට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මැතිනිය සහභාගී වූවාය.
මෙම නිවාස ව්‍යාපෘතිය රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන යුද්ධ හමුදාවේ සමාජ යහපත පිණිස කරනු ලබන වැඩසටහන්වල කොටසක් ලෙස, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී සුවේන්ද්‍රිණී දිසානායක මහත්මියගේ මාර්ගෝපදේශනය යටතේ අරමුදල් සපයනු ලැබීය. රටට ඔහුගේ කැපවූ සේවය පිළිගැනීමක් වශයෙන්, මෙම ව්‍යාපෘතිය මගින් සුවපහසු නිවහනක් සැලසීමට බලාපොරොත්තු වෙයි.
ගරු සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මැතිනිය මෙම උත්තම ප්‍රයත්නය සඳහා මූල්‍ය සහය පළ කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට තම හදපිරි කෘතඥතාව පළ කළාය.
සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන් මෙම උත්සවයට සහභාගී විය.