03rd February 2026 14:43:32 Hours
මාතෘභූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛන්ඩත්වය ආරක්ෂා කරගනිමින් උත්තරීතර ජීවිත ත්‍යාගය කළ වීරෝධාර රණවිරුවන් දෙදෙනකුගේ මවුපියන් හමුවීමට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මැතිනිය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවෙ සාමාජිකාවන් සමඟ එක්ව සංචාරයක නිරත වූවාය.
ඒ අනුව සිය දිවි පරිත්‍යාග කළ එම වීරෝධාර රනවිරුවන් සිහිපත් කිරීම සහ ඔවුන්ගේ පවුල්වලට කෘතඥතාව පළ කිරීම යන අරමුණින් සංවිධානය කළ මෙම උත්කෘෂ්ට අවස්ථාවට සහභාගී වෙමින් ගරු සභාපතිනී පල්ලෙකුඹුර මැතිනිය සහ සේවා වනිතා සාමාජිකාවන් විසින් රණවිරුවන්ගේ මවුපියන් පුද්ගලිකව හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා සිටියහ.
මෙම හමුව තව දුරටත් අර්ථවත් කරමින්, සේවා වනිතා ශාඛාව විසින් අත්‍යවශ්‍ය වියලි ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ ද මෙම පවුල්වලට ලබා දෙනු ලැබීය. මෙමගින් පවුල්වල දෛනික අවශ්‍යතා සුව පහසු කරමින්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව හා වීර රණවිරුවන්ගේ පවුල් අතර පවතින නොකඩවූ බැඳීම ද සංකේතවත් කෙරිණි.