03rd February 2026 14:10:34 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව (SLNG-SVB) විසින් 2025 ජූලි මස 26 වැනිදා, රෙජිමේන්තු මූලස්ථානයේදී සිය මාසික සභා රැස්වීම පවත්වන ලදී. ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවේ (SLNG-SVB) ගරු සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු වූ මෙම රැස්වීමේදී රෝගාතුර තත්ත්වයක් නිසා මුළුමනින්ම ඇඳට සීමාවී ඇති සෙබලකුගේ භාර්‍යාව වෙනුවෙන් වාතාශ්‍රිත මෙට්ටයක් (ඒයර් මෙට්‍රස්) ප්‍රධානය කරනු ලැබීය.
එසේම, රැස්වීමට සහභාගී වූ සියලුම සාමාජිකාවන් වෙත පලතුරු ශාක බෙදා හරින ලදී. ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවෙ (SLNG-SVB) හි ජ්‍යේෂ්ඨ සහ අනෙකුත් සාමාජිකාවන් මෙම සම්පූර්ණ වැඩසටහනට සහභාගී වූහ.