22nd January 2026 22:19:46 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සේවා වනිතා ශාඛාවේ (SLNG-SVB) නව සභාපතිනිය ලෙස කුමාරි පල්ලෙකුබුර මැතිනිය 2025 ජුනි 30 වැනි දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව රෙජිමේන්තු මූලස්ථානයේදී පැවති සරල උත්සවයකින් නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.
මෙම උත්සවයට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.