21st January 2026 11:25:48 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව (SLNG-SVB) විසින් තණතුරින් නික්ම යන ගරු සභාපතිනී සුමංගලී පතිරවිතාන මැතිනියට 2025 ජූනි මස 28 වැනිදා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරි නිවස්නයේදී සේවය ඇගයීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.
ඇයගේ තනතුරු කාලය තුළ දක්වා ඇති නොසෙල්වෙන කැපවීම හා විශිෂ්ට සේවය අගයමින් විශේෂ තිලිනයක් මෙම අවස්ථාවේදී ප්‍රධානය කෙරිණි.
මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව හි සාමාජිකාවන් සහභාගී වූහ.