21st January 2026 11:09:37 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව (SLNG - SVB) විසින් 2025 ජූනි මාසය සඳහා සමාජ සුබසාධන වැඩසටහන මාලාවක් ගරු සභාපතිනී සුමංගලී පතිරවිතාන මැතිනියගේ මගපෙන්වීම යටතේ සිදු කරන ලදී. වැඩසටහනේ කොටසක් ලෙස, බස්නාහිර කලාපීය අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,500 දෙනෙකුට කිරිතේ ලබාදීම මගින් ඔවුන්ගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කෙරිණි. මෙය ශ්‍රීලංජාආබමු භට පිරිස් 10 ක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලදී.
ඊට අමතරව, රුපියල් 70,000.00 ක වටිනාකමකින් යුත් ඖෂධ අපේක්ෂා රෝහලට ප්‍රදානය කරන ලද අතර, නිවාස වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගීන් තිදෙනෙකුට ඖෂධ මිලදී ගැනීම සඳහා මූල්‍යමය සහායද සපයන ලදී
.ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවෙහි (SLNG - SVB) ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.