21st January 2026 10:45:18 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවේ (SLNG-SVB) සාමාජිකාවන් 2025 අප්‍රේල් 26 වැනිදා, ගරු සභාපතිනී සුමංගලී පතිරවිතාන මැතිනියගේ මගපෙන්වීම යටතේ, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH), මුල්ලේරියාව හි සංචාරය කළහ.
උත්සවාකාර අවුරුදු රසකැවිලි සහ තේ බෙදාහැරීමත් සමග වැඩසටහන ආරම්භ වූ අතර, ඉන්පසු කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් රසවත් සංගීත සැසියක් ඉදිරිපත් කරන ලදී. රෝගීන් සඳහා විශේෂ දිවා ආහාර සැපයුමක් සංවිධානය කරන ලද අතර, ඔවුන්ගේ සුවපහසුව වැඩි දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්ෂක භාණ්ඩ අඩංගු ත්‍යාග පාර්සල් සහ බහුකාර්ය ගෘහ භාණ්ඩද ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ එම ආයතනයේ වාට්ටු අංක 5හ් කාර්යය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගී වූහ
.