21st January 2026 10:39:55 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව (SLNG- SVB) විසින් පොල්ලෙලි කැබලිකර විකිණීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත. ආරක්ෂක සේනාව (නැගෙනහිර) ආඥාපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ හඳුන්වා දුන් මෙම ව්‍යාපෘතිය, පාරිසරික මිත්‍රශීලී ක්‍රමවේද හරහා අරමුදල් ජනනය කිරීම අරමුණු කරයි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුලිකත්වය ගෙන ක්‍රියාකල ගරු සභාපතිනී සුමංගලී පතිරවිතාන මැතිනිය ව්‍යාපෘතියේ සැලසුම් කිරීම් සහ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාශීලී භූමිකාවක් ඉටු කරයි. ආරම්භක අරමුදල් ආයෝජනයක් ලෙස, සේවා වනිතා ගිණුමේ අරමුදල් භාවිතා කරමින් රුපියල් 275,000 ක වටිනාකමකින් යුත් පොල්ලෙලි කපන යන්ත්‍රයක් ද මිලදී ගන්නා ලදී.
ව්‍යාපෘතියේ නිල විවෘත කිරීමේ උත්සවය 2025 මාර්තු 05 වැනිදා පැවැත්වුණු අතර, සුමංගලී පතිරවිතාන මැතිනිය විසින් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ නියෝජිතයින් සහභාගී වූහ.