Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

20th January 2026 16:23:40 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව (SLNG - SVB) විසින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට ත්‍යාග ප්‍රධානයක් සිදුකරන ලදී.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව (SLNG - SVB) විසින් රෙජිමේන්තු මූලස්ථානයේ සහ සියළුම ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ බලඇණිවල සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයන් 250 දෙනෙකුට විදුලි කේතල ත්‍යාගයක් ලෙස බෙදා හරින ලදී.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සිහිපත් කිරීමේ අරමුණින් මෙම උත්සවය 2025 අප්‍රේල් මස 09 වැනිදා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

ගරු සභාපතිනී සුමංගලී පතිරවිතාන මැතිනියගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහනට ජේෂ්ඨ සාමාජිකාවන් සහභාගී විය.