20th January 2026 16:13:01 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සේවා වනිතා ශාඛාවේ (SLNG – SVB) මාසික සභා රැස්වීම 2025 අප්‍රේල් මස 05 වැනිදා රෙජිමේන්තු මූලස්ථානයේදී ගරු සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
උත්සවය අතරතුර, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි සේවය කරන සෙබළුන් හතර දෙනෙකුට රුපියල් 250,000.00 ක මූල්‍යමය ප්‍රදානයක් සිදුකරන ලදී. පිලිකා රෝගයෙන් පෙළෙන තම දරුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සෙබළුන් දෙදෙනෙකු රුපියල් 100,000.00 ක් බැගින්ද, විශේෂ අවශ්‍යතා සහිත සෙබළුන් දෙදෙනෙකු සදහාරුපියල් 25,000.00 ක් බැගින්ද ප්‍රධානය කරන ලදී.
මෙම ප්‍රධානයන් ගරු සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මියගේ මගපෙන්වීම යටතේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සාමාජිකාවන්ද සහභාගීත්වයෙන් යුතුව සිදුකරන ලදී.