Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

20th January 2026 15:53:36 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සේවා වනිතා ශාඛාව (SLNG - SVB) විසින් සිංහල හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් සේවා වනිතා අවුරුදු පොලක් සංවිධානය කරයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සේවා වනිතා ශාඛාව (SVB - SLNG) විසින් 2025 අප්‍රේල් මස 05 හා 06 වැනි දිනවල වැහැර පොදු ක්‍රීඩාංගනය, කුරුණෑගලදී සේවා වනිතා අවුරුදු පොල සංවිධානය කරන ලදී.

මෙම අවුරුදු පොල සදහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සේවා වනිතා ශාඛාව (SVB - SLNG) හි සභාපතිනී සුමංගලී පතිරවිතාන මැතිනියගේ මගපෙන්වීම යටතේ පැවැත්විණි. සියළුම ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් බලඇණි සහ ප්‍රදේශීය වෙළෙන්දන් විසින් ඉදිරිපත් කරන ලද ගෘහ භාණ්ඩ, ලිපි ද්‍රව්‍ය සහ ගෘහ අවශ්‍යතා ඇතුළත් විවිධ අවශ්‍යතා මෙම පොලෙහි අලෙවිය සදහා ඉදිරිපත් කර තිබූ විශේෂ අංගයක් විය.

මෙම අවුරුදු පොල සදහා ගරු සභාපතිනි සුමංගලී පතිරවිතාන මැතිනිය සහ සේවා වනිතා ශාඛාවෙහි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගී විය.