20th January 2026 13:12:01 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සේවා වනිතා ශාඛාවේ (SLNG-SVB) ගරු සභාපතිනී සුමංගලී පතිරවිතාන මැතිනියගේ මගපෙන්වීම යටතේ, 2025 මාර්තු 09 වැනිදා රෙජිමේන්තු මූලස්ථානයේදී ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් සාමාජිකයින්ගේ පවුල්වලට සහාය වීමේ අරමුණින් වැදගත් වැඩසටහන් දෙකක් සිදු කරන ලදී.
2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී විශිෂ්ට දක්ෂතා පෙන්වූ දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින්, ඔවුන් ඇගයීම හා දිරිගැන්වීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයක් පැවැත්විණි. ඊට අමතරව, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් සාමාජිකයින්ගේ ගැබිණි මාතාවන් 92 දෙනෙකු සඳහා ඔවුන්ගේ යහපැවැත්ම ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය සහාය ලබාදෙමින් උපකරණ ප්‍රධානය කිරීමක් සිදු කරන ලදී.
වැඩසටහන අවසානයේ, සභාපතිනීයගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා ශාඛාවේ මාසික සභා රැස්වීම පවත්වා අනාගත ක්‍රියාකාරකම් සාකච්ඡා කරන ලදී.