22nd August 2025 18:10:35 Hours
13 වැනි ආරක්‍ෂක සේවා කරාතේ ශූරතා තරඟාවලිය 2025 අගෝස්තු මස 4 සහ 5 යන දින වලදී පනාගොඩ ශාරීරික අභ්‍යස පුහුණු පාසලේ දී සාර්ථකව පැවැත්විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කරාතේ සංචිතය නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙත අයත් පහත සඳහන් ක්‍රීඩකයින් ඔවුන්ගේ විශිෂ්ට ශාරීරික හැකියාව, විනය සහ කැපවීම දිස් කරමින් මෙම තරඟාවලියේදී විශිෂ්ඨ දක්‍ෂතාවයන් දක්වමින් රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වී ඇත.
රන් පදක්කම් ජයග්‍රාහකයින්:
මාණ්ඩලික සැරයන් බණ්ඩාර (18 ශ්‍රීලංජාආබමු) – කිලෝ ග්‍රෑම් 55 අඩු බරපන්තිය
ලාන්ස් කෝප්‍රල් ප්‍රියදර්ශන (19 ශ්‍රීලංජාආබමු) – කිලෝ ග්‍රෑම් 50 අඩු බරපන්තිය
රිදී පදක්කම් ජයග්‍රාහකයා:
කෝප්‍රල් පුෂ්පකුමාර (14 ශ්‍රීලංජාආබමු) – කිලෝ ග්‍රෑම් 50 අඩු බරපන්තිය
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති තුමන් සහ සියළුම නිලධාරීන්, සෙසුනිලයින් මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා ජයග්‍රාහකයින්ට සුභාශීංෂණ එක්කරයි.