Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

03rd April 2024 11:41:52 Hours

විශේෂ අවශ්‍යතා ඇති දූ දරුවන් වෙනුවෙන් ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවෙන් අත්වැලක්

ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව විසින් සිදුකරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන් අතර සුවිශේෂී සත්කාරක වැඩසටහනක් ලෙස කුරුණෑගල සඳගල විශේෂ විද්යාාලයේ ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා ඇති දූදරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ/ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා එම පාසල වෙත අවශ්‍ය පොදු උපකරණ පරිත්‍යාගයක් යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයෙහි සහ මෙම රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවෙහි ගරු සභාපතිණිය වන ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024.03.26 වන දින සඳගල විශේෂ විද්‍යාලයේදී සිදුකරන ලදී.

එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දූදරුවන් 107 දෙනෙකු සඳහා පාසැල් උපකරණ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන් මෙහිදී පරිත්‍යාග කරන ලද අතර, එම ප්‍රධානයෙන් අනතුරුව විශේෂ තේපැන් සංග්‍රහයකින් මෙම දුවාදරුවන් හට සංග්‍රහ කරන ලදී. මෙම ප්‍රධානොත්සවය අවසානයේදී ඉගෙනුම ලබන දූදරුවන්ගේ මානසික තත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම රෙජිමේන්තු සංගීත කණ්ඩායම විසින් සංගීත ප‍්‍රසංගයක්ද පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසුනිලයින්ද සහභාගී විය.