Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

21st March 2024 08:10:42 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ ඒකක ප්‍රධාන ලිපිකරුවන් වෙනුවෙන් දෙදින පුහුණු වැඩසටහනක්

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් ප්‍රධාන ලිපිකරුවන්ගේ දැනුම හා විෂය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ඒකකයන්හි රාජකාරී කරනු ලබන ප්‍රධාන ලිපිකරුවන් මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරී කරනු ලබන ප්‍රධාන ලිපිකරුවන් 32 දෙනෙකු සහභාගී කරවමින් ප්‍රධාන ලිපිකරු දෙදින පුහුණු වැඩ සටහනක් 2024 මාර්තු මස 13 සහ 14 යන දෙදින තුලදී රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පවත්වන ලදි.

උදෑසන ශාරීරික අභ්‍යාස , සහ විෂය කරුණු ඇතුලත් දේශණයන් මෙම පුහුණු වැඩසටහනට ඇතුලත් වු අතර,ප්‍රධාන ලිපිකරුවන් සතු වගකීම්, යුද්ධ හමුදා නියෝගයන්ට අනුව කටයුතු කිරීම සහ ප්‍රධාන ලිපිකරු වශයෙන් රෙජිමේන්තු මධ්යගස්ථානය සමග රාජකාරීන් ඉටුකල යුතු ආකාරය පිළිබද දේශණයන් සිදුකරන ලදි.

මෙම පුහුණු වැඩසටහන යුද්ධ හමුදාධිපති මෙන්ම රෙජිමේන්තු අධිපති ලූතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් හා මග පෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ පූර්ණ අධීක්ෂණයෙන් සහ රෙජිමේන්තු කාර්ය මණ්ඩල දායකත්වයෙන් සිදුකරන ලදි.