Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

20th March 2024 14:28:23 Hours

මියගිය සාමාජිකයාගේ බිරිදට නිවසක් ප්‍රධානය කරයි

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදාධිපති තුමන් වන ලුතිතන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්යෙජෂ්ඨ නිලධාරීගේ උදාරතර සංකල්පයකට අනුව 15 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් කෝප්‍රල් රණතුංග ඒඑස්පී (මියගිය) ගේ ලගම ඥාතියා වෙත රෙජිමේන්තු අධිපති අර්ධ නිවාස ව්ය පෘතිය යටතේ අංග සම්පූර්ණ නිවසක් රුක් සෙවන, 04 ඇල, ශ්‍රාවස්තිපුර ප‍්‍රදේශ් ඉදිකර 2024 මාර්තු මස 08 වන දින ප්‍රධානය කරණ ලදී.

15 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරණ ලද මෙම නිවස කෝප්‍රල් රණතුංග ඒඑස්පී (මියගිය) ගේ බිරිද වන ඒ.සී. මාරසිංහ මහත්මිය විසින් භාරගත් අතර එම අවස්ථාවට ඒකක අණදෙන නිලධාරි, නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගි විය.