Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

09th February 2024 14:21:54 Hours

රෙජිමේන්තු කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් නායකත්ව ප‍්‍රගමන පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට අයත් කොමිෂන් නොලත් නිලධාරින්ගේ නායකත්වය සහ ඉදිරි ප‍්‍රගමනය වර්ධනය කිරීමේ අරමුණින් ඒකකයන්හි රාජකාරී කරනු ලබන කොමිෂන් නොලත් නිලධාරින් මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරී කරනු ලබන කොමිෂන් නොලත් නිලධාරින් 250 දෙනෙකු සහභාගී කරවමින් කොනොනි නායකත්ව ප‍්‍රගමන පුහුණු වැඩ සටහනක් 2024 පෙබරවාරි මස 08 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන හෙරලියාවල කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදි.

උදෑසන ශාරීරික අභ්‍යාස,සරඔ පහුණුව සහ දේශණයන් මෙම පුහුණු වැඩසටහනට ඇතුලත් වු අතර,කොනොනී නායකත්ව ප‍්‍රගමන ගුණාංග වර්ධනය කිරීම පිළිබඳ දේශණය රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච් ඒ කීර්තිනාථ ආර්එස්පී කේඑස්පී පීඑස්සී විසින් සිදු කරන ලදි. ඉන් අනතුරුව වර්ථමානයේ සිදුවන අපරාධ වලින් යුද්ධ හමුදා සාමාජිකයන් වලක්වා ගැනීම හා සිවිල් පුද්ගලයින් සමග රාජකාරී කිරීමේදී යුද්ධ හමුදා සාමාජිකයින් සතු බළතල පිළිබඳ දේශණය කුරුණෑගල පොලිස් සේවාස්ථ පුහුණු ඒකකය හි රාජකාරී කරනු ලබන ප්‍රධාන පොලිස් පරික්‍ෂක එම්පීඩිඩි විරසීංහ විසින් සිදුකරන ලදි.

මෙම පුහුණු වැඩසටහන යුද්ධ හමුදාධිපති මෙන්ම රෙජිමේන්තු අධිපති ලූතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් හා මග පෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ ප‍්‍රධානත්වයෙන් සහ රෙජිමේන්තු කාර්‍ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදුකරන ලදි.