Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

23rd January 2024 22:32:25 Hours

රෙජිමේන්තු බළලත් නිලධාරී සහ ජ්‍යෙකොනොනීන් වෙනුවෙන් නායකත්ව ප්‍රගමන පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂකක බළමුළුවට අයත් බළලත් නිලධාරීන් හා ජ්‍යෙකොනොනීන් ගේ නායකත්වය සහ ඉදිරි ප්‍රගමනය වර්ධනය කිරීමේ අරමුනින් ඒකකයන්හි රාජකාරී කරනු ලබන රෙජිමේන්තු සැරයන් මේජර් වරුන්, රෙජිමේන්තු සරඹ උපදේශකවරුන් සහ ජ්‍යෙකොනොනීන් මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරී කරනු ලබන බළලත් නිලධාරීන් සහ ජ්‍යෙකොනොනීන් 150 දෙනෙකු සහභාගී කරවමින් ජ්‍යෙකොනොනී නායකත්ව ප්‍රගමන පුහුණු වැඩ සටහනක් 2024 ජනවාරි මස 19 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන හෙරලියාවල කඳවුරු පරිශරටහනයේදී පවත්වන ලදී.

උදෑසන ශාරීරික අභ්‍යාසයන්ගෙන් ආරමිභ කරන ලද මෙම පුහුණු වැඩසටහන තුලදී ජ්‍යෙකොනොනීන් නායකත්ව ප්‍රගමන ගුණාංග වර්ධනය කිරීම පිළිබඳ දේශණයක් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච් ඒ කීර්තිනාථ ආර්එස්පී කේඑස්පී පීඑස්සී විසින් සිදු කරන ලද අතර, ජ්‍යෙකොනොනීන් සතු වගකීම් සහ රාජකාරී පිළිබඳ දේශණයක් රෙජිමේන්තු මධ්‍යස්ථාන කර්නල් ව්‍යාපෘති කර්නල් ජී ඒ එම් වික්‍රමසිංහ විසින්ද, වර්ථමානයේ සිදුවන අපරාධ වලින් යුද්ධ හමුදා සාමාජිකයන් වලක්වා ගැනීම හා සිවිල් පුද්ගලයින් සමග රාජකාරී කිරීමේදී යුද්ධ හමුදා සාමාජිකයින් සතු බලතල පිළිබඳ දේශණයක් පොලිස් සේවාස්ථ පුහුණු ඒකකය කුරුණෑගල හි රාජකාරී කරනු ලබන පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියශාන්ත විසින්ද සිදුකරන ලදී.

මෙම පුහුණු වැඩසටහන රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදාධිපති ලූතිතන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඞීයූ ගේ උපදෙස් හා මග පෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ ප්‍රධානත්වයෙන් සහ රෙජිමේන්තු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදුකරන ලදී.