Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

19th December 2023 17:03:50 Hours

විශ්‍රාම යෑමට නියමිත රෙජිමේන්තු සාමාජිකයන්හට දැනුවත් කිරීමේ වැඩමුළුවක්

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව යටතේ වසර 22 කට වැඩි කාලයක් රට දැය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගැනීමට සූදානම්ව සිටින සෙසුනිලයින් 62 ක් උදෙසා විශ්‍රාම ගැන්වීමේ පාලන කටයුතු ප්‍රමාධයකින් තොරව ඉටුකරගන්නා ආකාරය හා විශ්‍රාම ගැන්වීමෙන් පසු විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයෙකු ලෙස ලැබෙන වරප්‍රසාද හා සුභ සාධන කටයුතු පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2023 දෙසැම්බර් මස 13 වන දින “ගාඩියන්ස්”පහසුකම් සංකීර්ණයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදාධිපති තුමන් වන ලුතිතන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උදාරතර සංකල්පයකට අනුව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච් ඒ එච් ඒ කීර්තිනාථ ආර්එස්පී කේඑස්පී පීඑස්සී ජේෂ්ඨ නිලධාරිගේ සෘජු අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ රෙජිමේන්තු කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම වැඩමුළුව පවත්වන ලදී.