Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

02nd December 2023 10:24:46 Hours

රෙජිමේන්තු ඉතිහාසයට අභිමානවත් මතක සටහනක් එක් කරමින් 5 වන වරටත් යුද්ධ හමුදා සරඹ ශූරයින් ලෙස ජයකෙහෙළි නැංවූ වගයි

2023 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවරකෝදු තරගාවලියෙ ශූරතා/සහතිකපත් ප්‍රධානයකිරීමේ 2023 නොවැම්බර් මස 30 වන බ්‍රහස්පතින්දා දින පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා සරඹ භූමියේදී යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

2023.09.12 දින සිට 2023.09.18 දින දක්වා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදා සරඹ භූමිය - පනාගොඩහිදී පවත්වන ලද මෙම තරගාවලිය සඳහා රෙජිමේන්තු 20 ක් නියෝජනය කරමින් සරඹ කණ්ඩායම් තරග වැදුන අතර, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු සරඹ කණ්ඩායම විසින් මෙම රෙජිමේන්තු ඉතිහාසයේ නව පරිචිඡෙදයක් අරඹමින් හා මෙම රෙජිමේන්තුවේ අභිමානය ඉහළ නංවමින් අතිදක්ෂයින් ලෙස ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කරාගොස් 5 වන වරටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සරඹ ශූරයින් ලෙස කිරුළු දිනා ගන්නා ලදී. වසර 74 ක ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ කිසිදු රෙජිමේන්තුවක් විසින් ලබානොගත් මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය තවත් ඔප්නංවමින් මෙම රෙජිමේන්තු පියවරකෝදු කණ්ඩායම අන්තර් රෙජිමේන්තු පියවරකෝදු තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සරඹ ශූරයින් බවට පසක්කරලමින් කිරුළු පැළඳූ මෙම රෙජිමේන්තු සරඹ කණ්ඩායමේ අණදෙන්නා වූ කපිතන් එස් ඒ ඩී එම් උදාන්ත ශ්‍රිලංජාආබමු මෙම තරගාවලියේ දක්ෂමතම අණදෙන්නන් අතුරින් 3 වන ස්ථානය දිනාගන්නා ලදී. මෙම තරගාවලියේ දක්ෂතම සරඹ උපදේශක වශයෙන් බනි II ප්‍රේමජන්තු කේ ශූරතාවය දිනාගත් අතර, ලා/කෝප්‍රල් වීරසුන්දර ඩබ්ලිව් එම් එස් එල් දක්ෂතම තුවාක අණදෙන්නා වශයෙන්ද ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සමත්විය.

මෙම අසහාය ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එකම ස්වේචිඡා රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ විනය ගරුකබව, වෘත්තිය නිපුණත්වය, සටන්කාමීත්වය, සංවිධානාත්මක හැකියාව සහ එකමුතු බව පිළිබිඹූ කිරීමේ ප්‍රබල සාක‍ෂියකි.

මෙම ජයග්‍රහණය අත්කර ගැනීම සඳහා යුද්ධ හමුදාධිපති මෙන්ම රෙජිමේන්තු අධිපතිතුමාගේ නිවැරදි දැක්ම හා නායකත්වය, මධ්‍යස්ථාන සේනාවිධායක තුමාගේ අධීක්ෂණය සහ නිරන්තර මග පෙන්වීම සහ මෙම රෙජිමේන්තු කාර්ය මණ්ඩලයේ දායකත්වය මහඟු ආශිර්වාදයක් වූ අතර, එතුළින් මෙම රෙජිමේන්තුවට මහත් අභිමානයක් ගෙනදුන් රෙජිමේන්තු සරඹ කණ්ඩායමට රෙජිමේන්තුවේ සියළු නිලධාරින්ගේ සහ සෙසුනිලයින්ගේ සුභාශිංසනය මෙසේ පිරිනමනු ලැබේ.