Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

30th December 2021 22:01:20 Hours

ජයග්‍රාහී යුද්ධ හමුදා පේසස් කණ්ඩායමට ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙන් පිදුනු ශක්තිය

තිස් වසරක ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළු ඉතිහාසයෙහි යුද්ධ හමුදාව නියෝජනය කල ජාතික සහ ජාත්යහන්තර කණ්ඩායම් තරගාවලීන්හිදී මෙතෙක් ලද ජයග්‍රහනයන් අප මාතෘ භූමි නාමය ඉදිරියේ සනිටුහන් කල අවස්ථාවන්හිදී මෙම රෙජිමේන්තුව වෙතින් දක්වන ලද දායකත්වය අතිමහත්ය.

එදා මෙදාතුර යුද්ධ හමුදාව ලද ජයග්‍රහනයන්ට අතිමහත් දායකත්වයක් දැක්වූ මෙම රෙජි‌මේන්තුව වෙතින් එම වාර්ථා අතරට ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළු නාමය නැවතත් සනිටුහන් කිරීමට සමත්වූ වග සාඩම්බරයෙන් සිහිපත් කල යුතුය.

2021 නොවැම්බර් මස මස 02 දින සිට 08 දින දක්වා පකිස්තානනයේ ලාහෝර් හිදී පැවැත්වූ 3 වන අන්තර් ජාතික පේසස් තරගාවලිය සදහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම නියෝජනය කිරීමට මෙම රෙජිමේන්තුවට අයත් සෙ/කිව්109017 සාසෙ වසන්ත කුමාර ඩීඑම් අවස්ථාව හිමිකර ගන්නා ලදී.

රටවල් 11 ක සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම තරගාවලිය සදහා සහභාගී වූ ශ්‍රි ලංකා කණ්ඩායම ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇති අතර, එම කණ්ඩායම නියෝජනය කල මෙම රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා පේසස් කණ්ඩායමේ සාමාජික සාසෙ වසන්ත කුමාර ඩීඑම් හට සහ අනෙකුත් සියළුම සාමාජිකයින් හට ශ්‍රි ලංකා ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සුභාශිංසන මෙයින් පිරිනමමු.